Search This Blog

Friday, September 30, 2011

Johnny English නැවතත්

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම තවත් අලුත්ම චිත්‍රපටියක විස්තර ටිකක් ගෙනාවා. කස්ටිය දන්නවනේ Mr. Bean. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති Mr. Bean චරිතයට පණ පොවන Rowan Atkinson කියන නලුවාව. ඔන්න එයාගෙ නවතම චිත්‍රපටිය Johnny English 2 - Reborn කියන චිත්‍රපටිය ගැන තමයි මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                                   මෙහිදී Rowan Atkinson රඟපාන්නේ ලොව සිටින අති දක්ෂ ස්පයි (spy) කෙනෙක් විදිහටයි. පොදුවේ ගත්තාම මේ නලුවාගෙ රංගනය ගැන කියන්න දෙයක් නෑ. ඒ තරමටම සුපිරියි. Mr. Bean ගේ ටීවී සීරියස් එක බලපු ඕනෙ කෙනෙක් ඒ ගැන දන්නවා ඇති. ඒ වගේම මේ චිත්‍රපටයේ පළවෙනි කොටසට වඩා හාස්‍ය පිරුණු තැන් ගොඩක් මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වන විටත් IMDb රේටින් අගයන් 7.2 අරගෙන තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මේ චිත්‍රපටිය ගැන.
                                                   මේ චිත්‍රපටියට කැමති අයට මේක පහලින් බාගන්න පුලුවන්. ඒත් මේ චිත්‍රපටියේ DVD_Rip එකක් තවම නිකුත් වෙලා නැහැ. මේක කැමරා කොපියක්. ඒත් බලන්න පුලුවන් තත්වයේ තියනවා. නැත්නම් තව මාසයකින් විතර DVD_Rip එකක් නිකුත් වේවි. එතෙක් ඉවසනවද නැද්ද කියන තීරණේ ඔයගොල්ලන්ගෙ අතේ. ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.


මෙන්න මෙතනින් බාගන්න


ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලාම යන්නකෝ. එහෙනම් මම ගියා. ඔයගොල්ලන්ට ජයවේවා!

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න