Search This Blog

Sunday, August 28, 2011

පරණ ගේම්ස් වලට කැමති අයට පමනයි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? මේ දවස් ටිකෙත් දාන්න තරම් වැදගත් පෝස්ට් එකක් හම්බුනේ නැති නිසා තමා මුකුත් දාන්න බැරිඋනේ. ඔන්න ඉතින් අද මම දෙන්න යන්නෙ පරණ ගේම් එකක්. පරණයි කිව්වට එච්චරම පරණත් නෑ. කොහොම උනත් අලුතින් එන ගේම්ස් වලට වඩා නම් ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් වටින් ගොඩින් ඇවිල්ලා ගේම් එකේ නම කියනවා. මේක තමා gta iii ගේම් එක. එහෙමත් නැත්නම් ජීටීඒ පරිගණක ක්‍රීඩා මාලාවේ ත්‍රිමාණකරනය ආරම්භ කරපු ගේම් එක. මම කිව්වනේ මේක පරණ ගේම් වලට කැමති අයට පමණයි කියලා. ඔන්න එහෙනම් කැමති කස්ටිය බලන්නකෝ.
                                මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩා මාලාව තමා ජීටීඒ කියන්නේ. අනිත් හැම ගේම් එකකටම වඩා මම මේ පරිගණක ක්‍රීඩා මාලාවට කැමතියි. මම ප්ලේ කරපු මුල්ම ජීටීඒ ගේම් එක තමා වයිස් සිටි. ඔන්න ඉතින් මම මේ පරිගණක ක්‍රීඩා මාලාවේ තවත් ගේම් එකක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේක ප්ලේ කරලා ඇති. ඒත් ආයි ගහන්න කැමති අයත් ඇතිනේ. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව ගේම් එකේ පොඩි විස්තරයක් දෙන්නම්.
                                 මේ ගේම් එකට මෙහෙයුම් 73 ඇතුලත් වෙනවා. වාහන වර්ග පනහකට අධික ප්‍රමාණයක් හා මිනිසුන් වර්ග 100 විතර තියෙනවා. එකිනෙකට වෙනස් ප්‍රදේශ 3 තියනවා. මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්නේ 2001 වසරේ.
                                        ඔන්න ඉතින් කැමති කස්ටිය බාගන්නකෝ. ගේම් එකට අවශ්‍ය රික්ස් පහල තියනවා. 


PENTIUM III 420MHz PROCESSOR
64MB RAM
16 MB GRAPHICS CARD
8X DVD ROM
500MB HDD SPACE
DIRECT X 8.1


ඔය ඉහළ තියන රික්ස් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඔය ගේම් එකට අවශ්‍ය ඉතා අඩු පහසුකම්. ඔන්න පහළින් බාගන්නකෝ.



ඔන්න මම කැපෙනවා. කස්ටිය බාගෙන ගේම් එක හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Thursday, August 25, 2011

දූපතක අතරමං වූ පුද්ගලෙකු වටා ගෙතුණු Sims 2 Castaway පරිගණක ක්‍රීඩාව

|3 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? ඔන්න අදත් මම පස්ට ගේම් එකක් අරගෙන ආවා. මීට කලිනුත් මම සිම්ස් වර්ගයේම ගේම් එකක් දුන්නා. ඒක මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ. ඔන්න ඉතින් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
                       මේක පරිගණක ක්‍රීඩකයාට ක්‍රීඩා කරන්න තියෙන්න දූපතක අතරමං වෙච්ච පුද්ගලයෙක් විදිහටයි. තමන් කැමති විදිහට ඒ පුද්ගලයා හදාගන්නත් අවස්ථාව ලබාදීලා තියනවා. ඉතින් මේ පුද්ගලයා තනියම බෝට්ටු සංචාරයක් ගිහින් ඉන්නැද්දි වැරදීමකින් ඔහුව බෝට්ටුවෙන් මුහුදට වැටෙනවා. පසුව ඔහුව කිසිවෙක් නැති පාලු දූපතකට යනවා. මෙතන ඉඳන් අපි ඒ පුද්ගලයා විදිහට ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම මේ දූපතේ සිටින සතුන් සමග යාලු වෙන්නත් වෙනවා. ආහාර ගැනීම නිදාගැනීම වගේ ක්‍රියා කරන්නත් සිද්ධ වෙනවා.
                    ඔන්න හැඳින්වීම ඉවරයි. මම හිතනවා හැමෝම මේ ගේම් එකට කැමති ඇති කියලා. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ.


ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ ෆලෝ පාරක් කමෙන්ට් එකක් එහෙම දෙයි කියලා බලාගොරොත්තු වෙනවා. ඕං එහෙනම් මම ගියා.

Tuesday, August 23, 2011

Windows 8 තීම් එක Windows 7 වලට

|3 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා නියම වැඩ කෑල්ලක් අරගෙන. මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ වින්ඩෝස් සෙවන් වල විතරයි. ඔන්න වින්ඩෝස් සෙවන් තියන කස්ටිය අහගන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිනවා.
                       කස්ටිය දන්නවනේ වින්ඩෝස් වල අලුතෙන්ම එන්න තියන වර්ෂන් එක.(දැනටමත් සමහරු ගාව ඇති) ඔන්න ඉතින් ඒකේ තීම් එක තමා මම දැන් ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. මම දන්නවා ගොඩ දෙනෙක් කැමති ඇති මේ තීම් එක ඔයගොල්ලන්ගෙ පරිගණක වලට දාගන්න. මමත් හොයන කොට තමා මේක හම්බුනේ. ඔන්න කැමති අයත් බාගෙන බලන්නකෝ කොහොමද තීම් එක කියලා. ඔන්න ඔය පහල ලින්ක් එකෙන් ගන්නකෝ.


CLICK HERE TO DOWNLOAD WIN8 THEME


ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො බාගෙන බලලා හොඳයි කියලා හිතෙනවනම් කමෙන්ට් කෑල්ලක් දාගෙනම යන්නකෝ.

Monday, August 22, 2011

Online Movie බලන්න හොඳ සයිටුවක්

|6 comments
හලෝ කස්ටිය ඉතින් කොහොමද? ඔන්න ඉතින් දවස් දෙකකට විතර පස්සේ ආවා තව ඔන්ලයින් චිත්තරපටි බලන්න පුලුවන් සයිටුවක් අරගෙන. මේ දවස් ටිකේ දාන්න මුකුත් නැතුව ඉන්නකොට තමා මේක හම්බඋනේ. ඔන්න එහෙනම් ඉතින් වැඩි කතා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                        මේක පස්ට සයිටුවක්. මම මේ සයිට් එක ගැන මුලින්ම දැනගත්තේ පරිගණක උදව් ගෘපියෙන්. මේ සයිට් එකේ අලුත්ම චිත්‍රපටි සේරම වගේ තියනවා. ඉතින් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්න මහන්සි වෙන්න අකමැති අයට මේක ගැලපෙනම සයිට් එකක්. ඔන්න කැමති අය පහල ලින්ක් එකෙන්ම ගිහින් බලන්නකෝ.


CLICK HERE TO VISIT THIS SITE


ඔන්න මම කැපුනා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් ලැබුනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Friday, August 19, 2011

මෙන්න තවත් gta ගේම්ස් දෙකක්

|0 comments
හලෝ කස්ටිය ඉතින් කොහොමද? දවස් දෙකකින් විතර අලුත් පෝස්ට් එකක් දාන්න බැරිඋනා. මේ දවස් වල මුකුත් අහු උනේ නෑ දාන්න. ඔන්න ඉතින් බොහොම අමාරුවෙන් ජංජාලෙ කරක් ගහලා හොයාගත්තා පස්ට ගේම් දෙකක්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ ගේම් දෙක තමා GTA Vice City Stories සහ GTA Liberty City Stories කියන දෙක. ජීටීඒ කිව්ව ගමන් කස්ටිය දන්නවනේ මේක මොන විදියේ ගේම් දෙකක්ද කියලා. දන්නැති කස්ටිය මේ සයිට් එකට ගිහින් බලන්නකෝ.
                                මේ ගේම් දෙක ගැන කියනවනම් ඉතින් සුපිරි ගේම් දෙකක් කියලා කිව්වහැකි. ලංකාවට වැඩිය ආවෙ නැති නිසා මේ ගේම් දෙක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ. කොහොම නමුත් මේ ගේම් දෙක මේවාගෙ මුල් සංස්කරණ වෙච්ච GTA Vice City හා GTA Liberty City කියන ගේම් දෙකට වඩා හොඳයි. එහෙනම් ඉතින් කස්ටියට හිතාගත්තැහැකිනේ මේ ගේම් දෙක ගැන. එහෙනම් ඔන්න කැමති කස්ටිය පහළින් බාගන්නකෝ.


                                       gta vice city stories

gta liberty city stories

ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලොත් මෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Wednesday, August 17, 2011

Kick Ass Torrent

|0 comments
හායි කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් ආවා බ්ලොගිය පැත්තේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                      අපේ ගොඩදෙනෙක් ටොරන්ට් පාවිච්චි කරනවා නොවැ. මමත් ටොරන්ට් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මම අද ආවේ මම කැමතිම ටොරන්ට් සයිට් එක ගැන ඔයගොල්ලන්ටත් කියන්න. සමහර අය නම් දන්නවා ඇති.  මොකද ඒ තරමටම ජනප්‍රිය හා හොඳම ටොරන්ට් අඩවි 10 අතර මේක තියනවා. ඒ වගේම තමා Kick Ass Torrent අඩවියේ වාසි ගොඩක් තියනවා.
                                                                  මට සීඩර්ස්ලා වැඩි ෆේක් නැති ටොරන්ට් සේරම වගේ හම්බුනේ මේ අඩවියෙන්. අනික ෆේක් ටොරන්ට් හොයාගන්න පුලුවන් වෙන විදියට මේ අඩවිය හදලා තියනවා. අනිත් පහසුකම තමා ඕනෑම ජාතියක ඕනෑම ටොරන්ට් එකක් පහසුවෙන් හොයාගන්න පුලුවන් වීම. ටීවී වැඩසටහන් , පරිගණක ක්‍රීඩා , මෘදුකාංග , චිත්‍රපටි වගේ හැමදෙයක් ගැනම තියනවා. රෙජිස්ටර් වීම් අනවශ්යයි. ඔන්න කැමති කස්ටිය පහල ලින්ක් එකෙන් ගිහින්ම මේ අඩවිය ගැන බලන්නකෝ.

Click Here To Visit Kick Ass Torrents

මම මේ අඩවිය ගැන මුලින්ම දැනගත්තේ Tuts Bank අඩවියෙන්. ඒ අඩවියටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා. ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලම කැපෙන්නකෝ.

Monday, August 15, 2011

අද මගේ උපන්දිනේද? හුටා......:D

|2 comments
අද දවස මට ගොඩක් වැදගත් දවසක්. ඒ කිව්වේ ඉතින් රටක් වටින පුතෙක් ඉපදිච්ච දවසක්. ඒ කිව්වේ ඉතින් මේ බ්ලොගිය ලියන මගේ උපන්දිනේ. උපන්දිනේ කියලා ඉතින් එච්චර ඉතින් විසේසත්වයක් නෑ. මොනවා උනත් අද මට ගොඩක් සතුටු හිතෙන දවසක්. ගිය අවුරුද්දේ මට ජංජාලේ නොතිබ්බ කාලේ මට උපන්දිනයකට සුභ පතන්න මෙච්චර ගොඩක් කට්ටිය හිටියේ නෑ. ඒත් අද මූනුපොතේදී මට සුබ පතලා තියන කට්ටිය දැක්කාම මට ලොකු සතුටක් ඇති උනා. ඒ හැමෝටම රිප්ලයි කරන්න බැරි උනාට මම ඒ හැමදෙනාටම ස්තූති කරනවා. ඉතින් තව කියන්න දෙයක් මට ඉතුරුවෙලා නෑ කියලා හිතනවා. ඔන්න ඉතින් මගේ බර්ත් ඩේ කේක් එකත් දැම්මා. ඔයගොල්ලොත් කෑල්ලක් කාලාම යන්න හොඳේ.(හුදෙක් ඇඩ් එක සඳහා) මට සුබ උපන්දිනයක් වේවා.

Happy birthday to me
Happy birthday to me
Happy birthday dear myself
Happy birthday to me

ඔන්න එහෙනම් මම කැපුවා. කමෙන්ට් එකක් කාරිය දාලා මට සුබ පතාගෙනම යන්න හොඳේ.

Saturday, August 13, 2011

Rise Of The Planet Of The Apes චිත්‍රපටය

|0 comments
ඔන්න කස්ටිය මම අදත් ආවා පහුගිය දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටියක් එක්ක. කොහොමද ඉතින් කස්ටියට? හොඳින් ඇති කියලා හිතනවා. හොඳනම් ඉතින් එච්චරයි. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටියට නම් ගැළපෙනම චිත්‍රපටියක් මේක. කස්ටිය සමහර විට දන්නවත් ඇති. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      ඉතාම බුද්ධිමත් මිනිසෙකුට සමාන මොළයක් සහිත චිම්පන්සියෙකු වටා මේ චිත්‍රපටිය හදලා තියනවා. මේ චිම්පන්සියාගෙ නම සිසාර්. විද්‍යාඥයින් පිරිසක් හදන වෛරසයක් මෙම චිම්පන්සියාට ඇතුල් වීම නිසා මෙම සතාට මෙම බුද්ධිය ලැබී තිබෙනවා. මෙම වෛරසය මෙම සතා මගින් පැතිරෙන්න පටන් ගන්නවා. මේ සමගම චිම්පන්සින් හා මිනිසුන් අතර ගැටුමක් ඇරඹෙනවා. මේක තමා මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ.
                                        මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමෙන්. මේ චිත්‍රපටිය හදන්න මිලියන 93 වියදම් කරලා තියනවා. මේ චිත්‍රපටය මිනිත්තු 105 පුරා තිබෙනවා. මේ චිත්‍රපටය මුල් දින කිහිපයේදීම ඩොලර් මිලියන 77.4 ආදායමක් ලබාගෙන තියනවා. මේක IMDB රේට් 8.0 ලබාගෙන තියනවා.
                                        ඔන්න ඉතින් චිත්‍රපටිය ගැන කියන්න තියන සේරම ටික කිව්වා. ඔන්න මේ චිත්‍රපටියට කැමති අය පහළින් බාගන්න.


CLICK HERE TO DOWNLOAD THIS MOVIE


ඔන්න බාගෙන විතරක් මදි කමෙන්ට් එකකුත් දාගෙන ෆලෝ පාරකුත් දාගෙනම යන්න හොඳේ.

Thursday, August 11, 2011

සල්ලි ඉතිරිකරගෙන ජංජාලෙ සැරිසරන්න ඔපෙරා 11.50

|6 comments
ඔන්න යාලුවනේ අදත් මම ආවා. අද අරගෙන ආවේ ජංජාලෙ පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් දෙයක්. ඔන්න කැමති අය බලන්නකෝ.
                           කස්ටියට ඉතින් ඔපෙරා ගැන කියන්න ඕනේ නෑනේ. ඔපෙරා කියන්නේ ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක්. මේ බ්‍රව්සර් එකේ අනිත් බ්‍රව්සර් වලට වැඩිය වාසි ගොඩක් තියනවා. ඉතින් මේ බ්‍රව්සර් එකේ අලුත්ම සංස්කරණය තමා ඔපෙරා 11.50 කියන්නෙ. මේ බ්‍රව්සර් එකේ කලින් තිබුණු ඔපෙරා බ්‍රව්සර් වලට වැඩිය ගොඩක් පහසුකම් ලබාදීලා තියනවා. ඒ වගේම ඉතා වේගයෙන් වගේම් මුදල් ඉතුරු කරගනිමින් ජංජාලෙ සැරිසරන්න ඔපෙරා පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න පහල තියනවා මේ අලුත් බ්‍රව්සර් එකේ පහසුකම්.


 1. This Browser have 3x Speed.
 2. In opera site we can open free web site.
 3. There is a Beautiful Page tab menu.
 4. There is a Turbo system. that turbo very helpful.

ඔන්න කඩ්ඩෙන්ම තියනවා. ඔය අලුත් බ්‍රව්සර් එකට ඔයත් කැමතිනම් පහලින් බාගන්න.



ඔන්න එහෙනම් මම කැපෙනවා. කැමති කස්ටිය බාගෙන කමෙන්ට් එකක් එහෙම දාලා ෆලෝ පාරකුත් දාගෙනම යන්න.


සමහරක් තැන් උපුටාගත්තේ BlogShan EN අඩවියෙනි

Wednesday, August 10, 2011

ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස්

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. මම ඊයේ ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම් එක ගැන දාපු පෝස්ට් එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබිලා තිබ්බ නිසා මේ පාර ඔයගොල්ලන්ට විශේෂයෙන් ටොරෙන්ට් පාවිච්චි කරන අයට වටින දෙයක් ගැන පෝස්ට් එකක් තමා දාන්නේ. අපි දන්නවා ගොඩක් ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකදී තමන් කැමති මූවීස්, ටීවී ෂෝස්, ගේම්ස් වගේ ඒවා බාගන්න පහසුම ක්‍රමය තමයි ඒවා ටොරන්ට් ලෙස බාගැනීම. ඉතින් තමන් කැමති දේ ටොරන්ට් විදිහට බාගන්න කලින් ටොරන්ට් ගැන තියන සයිට්ස් ගැන දැන සිටීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ලෝකයේ දැනට තිබෙන විශාලම ඒවගේම හොඳම සහ ජනප්‍රියම සයිට් පහළව ගැන මම විස්තරයක් ගෙනාවා. ටොරෙන්ට්  පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම බලන්න. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු.



1 | ISOHunt
392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - Quantcast Rank | 189 - Alexa Rank.
2 | ThePirateBay
492 - eBizMBA Rank | 11,550,000 - Estimated Unique Monthly Visitors | 683 - Compete Rank | 692 - Quantcast Rank | 100 - Alexa Rank.
3 | btjunkie
858 - eBizMBA Rank | 4,500,000 - Estimated Unique Monthly Visitors | 1,259 - Compete Rank | *943* - Quantcast Rank | 372 Alexa Rank.
4 | Torrentz
879 - eBizMBA Rank | 4,400,000 - Estimated Unique Monthly Visitors | *2,000* - Compete Rank | *470* - Quantcast Rank | 167 - Alexa Rank.
5 | ExtraTorrent
1,468 - eBizMBA Rank | 3,000,000 - Estimated Unique Monthly Visitors | 1,826 - Compete Rank | *1,980* - Quantcast Rank | 599 - Alexa Rank.
6 | TorrentReactor
1,558 - eBizMBA Rank | 2,700,000 - Estimated Unique Monthly Visitors | 1,688 - Compete Rank | 2,230 - Quantcast Rank | 755 - Alexa Rank.
7 | Demonoid
1,747 - eBizMBA Rank | 2,400,000 - Estimated Unique Monthly Visitors | 2,432 - Compete Rank | *2,200* - Quantcast Rank | 608 - Alexa Rank.
8 | KickAssTorrents
2,468 - eBizMBA Rank | 2,000,000 - Estimated Unique Monthly Visitors | 1,017 - Compete Rank | 5,962 - Quantcast Rank | 426 - Alexa Rank.
9 | TorrentDownloads
3,316 - eBizMBA Rank | 1,700,000 - Estimated Unique Monthly Visitors | 2,523 - Compete Rank | *6,400* - Quantcast Rank | 1,025 - Alexa Rank.
10 | SumoTorrent
4,093 - eBizMBA Rank | 1,000,000 - Estimated Unique Monthly Visitors | 5,122 - Compete Rank | 4,761 - Quantcast Rank | 2,397 - Alexa Rank.
11 | OnlyTorrents
4,586 - eBizMBA Rank | 950,000 - Estimated Unique Monthly Visitors | 5,995 - Compete Rank | 3,706 - Quantcast Rank | 4,058 - Alexa Rank.
12 | Fenopy
5,534 - eBizMBA Rank | 850,000 - Estimated Unique Monthly Visitors | 6,681 - Compete Rank | 6,121 - Quantcast Rank | 3,800 - Alexa Rank.
13 | TorrentPortal
5,968 - eBizMBA Rank | 800,000 - Estimated Unique Monthly Visitors | 6,304 - Compete Rank | 7,529 - Quantcast Rank | 4,072 - Alexa Rank.
14 | Seedpeer
6,974 - eBizMBA Rank | 700,000 - Estimated Unique Monthly Visitors | 8,703 - Compete Rank | 6,485 - Quantcast Rank | 5,733 - Alexa Rank.
15 | Torrents
17,972 - eBizMBA Rank | 350,000 - Estimated Unique Monthly Visitors | 21,058 - Compete Rank | *25,000* - Quantcast Rank | 7,858 - Alexa Rank.
ඔන්න පහළවම දැම්මා. කැමති අය ගිහින්ම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න..............

Tuesday, August 9, 2011

කොම්පියුටරෙන් Angry Birds ප්ලේ කරමු

|4 comments
ඔන්න යාලුවනේ අදත් මම ආවා. පහුගිය දවස්වල සෑහෙන්න හිට් වෙච්ච ක්‍රීඩාවක් අරගෙන. හැබැයි මේක පරිගණක ක්‍රීඩාවක් නෙවෙයි. ෆෝන් වලට නිකුත් වෙච්චි ගේම් එකක්. ඒත් ඉතින් සමහර අයට ඔය ෆෝන් ගේම් කෙරුවාව නොතේරෙන නිසාත් ඊට වඩා පහසුවෙන් ප්ලේ කරන්න පුලුවන් නිසාත් මේ ගේම් එක පරිගණක වලත් ප්ලේ කරන්න අවස්ථාව ලබාදීල තියනවා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                           මේ ගේම් එක ප්ලේ කරන්න නම් සයිටුවකට යන්න වෙනවා. මේක චීනෙක්ගෙ වැඩක්. සම්පූර්ණෙන්ම නොමිලේ තමා දෙන්නේ. ඔන්න කැමති කස්ටිය පහළ ලින්ක් එක ඔබලා ගිහින් ප්ලේ කරන්නකෝ. මට නම් එච්චර ඇල්ලුවේ නෑ. පලවෙනි ලෙවල් එකෙන් පස්සෙ හරිම අමාරුයි. කමක් නෑ ඔන්න එහෙනම් යන්නකෝ


CLICK HERE TO PLAY ANGRY BIRDS


ඔන්න එහෙනම් මම කැපෙනවා. ගේම් එක ප්ලේ කරලා හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Monday, August 8, 2011

Windows 7 වලට Daemon Tools

|2 comments
ඔන්න කස්ටිය මම ආයි ආවා. දිග නිවාඩුවකට පස්සේ තාම ආයි ආවේ. මම ඉතින් කිව්වනේ අභාගෙ වැඩ නිසා ටිකක් කල් නිවාඩු ගන්නවැයි කියලා. හැබැයි ඉතින් පහුගිය දවස් ටිකේ නම් පෝස්ට් එකක් දැම්මෙ නැත්තේ කම්මැළි නිසා. කස්ටිය කොහොමද ඉතින් සැප සනීප? ඔන්න ආයි ඇවිල්ලා බ්ලොගියෙ වල් ගස් ගලෝලා අලුතෙන් තීන්ත ගාලා (ඔය කියන්නෙ අලුත් ටෙම්ප්ලේට් එකක් දාපු එක ගැන) බ්ලොගිය පටන් ගන්නයි ලෑස්තිය. ඔන්න එහෙනම් අද දෙන්නෙ ගොඩක් කස්ටියට වටින සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එකේ windows xp වර්ෂන් එකනම් ලේසියෙන් හොයාගත්තෑකි. හැබැයි මේ එක්ස් පී වර්ෂන් එක සෙවන් වල වැඩ කරන්නෙ නෑ. ඔන්න එහෙනම් සෙවන් තියන කස්ටිය මේක බලන්නකෝ.
                                මේකෙ නම ඩිමන් ටූල්ස්. මේක අපිට සීඩී මවුන්ට් කරන්න භාවිතා කරන්න පුලුවන්. දැන් ලංකාවෙ ගොඩක් තියන ගේම් සීඩී හෝ සොෆ්ට්වෙයාර් සීඩී වල සෙටප් එක මවුන්ට් කරන්න එපායෑ. ඔන්න නොදන්න කස්ටිය දන්න අයගෙන් අහගන්න මවුන්ට් කරනවා කියන්නෙ මොකක්ද කියලා. මේ ඩිමන් ටූල්ස් වල සෙවන්  එකට ආපු වර්ෂන් එක ඩිමන් ටූල්ස් ලයිට් කියලා එකක්. ඔන්න කැමති කස්ටිය පහළින් බාගෙනම බලන්නකෝ.



ඔන්න එහෙනම් හරි. මම කැපෙනවා හොඳේ. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලම කැපෙන්න.

Alexa Rank

නැවත ඉහලට යන්න