Search This Blog

Sunday, July 31, 2011

The Sims 3 Town Life Stuff පරිගණක ක්‍රීඩාව

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. ඉතින් කස්ටිය කොහොමද? කස්ටිය ඉතින් දන්නවනේ මගේ බ්ලොග් එකේ වැඩි තැනක් දෙන්නෙ ගේම් වලටයි තාක්ෂණේ පැත්තටයිනේ. මම මගේ බ්ලොගේ තාක්ෂණේ පැත්තට මුල් තැන දුන්න තාක්ෂණය ගැන ලියවෙන් බ්ලොග් අඩු නිසා. ඔන්න ඉතින් ඒ නිසා අදත් අරගෙන ආවා පස්ට ගේම් රාජයෙක්. මේක කස්ටිය ගොඩක් කැමති ජාතියෙ ගේම් එකක්. මේකෙ අපිට මිනිස්සු පාලනය කරන්න වාහන පදවන්න එහෙමත් පුලුවන් නිසායි මම එහෙම කිව්වේ. හරි එහෙනම් පෝස්ට් එකට බහිමු.
                           කලින් කිව්වා වගේ මේක පුද්ගල ජීවිත පාලනය කරන්න පුලුවන් සිමියුලේෂන් වර්ගයේ ගේම් එකක්. සිම්ස් පරිගණක ක්‍රීඩාවේ තුන්වෙනි සංස්කරණය තමා මේ. ඒකෙන්ම හිතාගත්තැහැකිනෙ මේකෙ පළවෙනි කොටස් දෙකට ලැබිච්ච ප්‍රසිද්ධිය. මේ ගේම් එක ගැනනම් මම ගොඩක් දන්නේ නෑ. මෙමාකද මම මේක ප්ලේ කරලා නැති නිසා. නමුත් මම දන්න තරමින්(ea games සයිට් එකේ තිබ්බ විදිහට) මේක මිලදී ගන්නවනම් රුපියල් දාහක් වගේ යනවා. මොකද මේක අලුත්ම සංස්කරණය නිසා. ඒත් අපි මොකටද සල්ලි ගෙවන්නේ. ඔය පහළින් බාගන්න තියෙද්දි.



මෙන්න ස්ක්‍රීන්ෂොට්




කොහොමද පස්ට නේද? ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Saturday, July 30, 2011

අලුත් ෆේස්බුක් චැට් එක එපාවෙලාද? මෙන්න විසඳුම

|2 comments
ඔන්න ඉතින් කස්ටිය මම ආවා. මුහුනුපොතේ ඉන්න ගොඩදෙනෙකුට තියන පුරස්නයකට උත්තරයක් අරගෙන. මාක් කාරයා අලුතෙන් ස්කයිප් එක්ක එකතුවෙලා ෆේස්බුක් වීඩියෝ කෝල් පහසුකම දුන්න නොවැ. ඔන්න ඉතින් ඒකත් එක්ක චැට් එකත් වෙනස් කොරානේ. දැන් ගොඩදෙනෙකුට ඔය අලුත් චැට් එක අල්ලන්නේ නෑ. ඔන්න ඉතින් ඒකට විසඳුමක් අරගෙන තමා මම ආවේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                          මේ පෝස්ට් එක ගැනනම් වැඩි දෙයක් නෑ. ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ. ක්රෝම් බ්‍රව්සර් එකට නම් මේක හරියටම හරිගියා. ෆයර්ෆොක්ස් වලටත් වැඩ කරනවා. පහලින් බාගන්න විතරයි තියෙන්නේ. හරිම ඊසි වැඩක්. විනාඩියක්වත් යන්නෙ නෑ. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ.



මාක් කාරයා තව මොන මොන කුප්ප වැඩ කොරයිද දන්නෑ. හරි එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්න

Batman The Dark Knight චිත්‍රපටිය බාගන්න

|2 comments
ඔන්න ඉතින් ආයිත් මම ආවා. කොහොමද ඉතින් කස්ටියට. මේ දවස් දෙක තුනට බ්ලොගේ වල්ගසුත් පැලවිලා. කවුරුත් බලලා නැති නිසා. හරි කමක් නෑ. පෝස්ට් එකට බහිමුකෝ.
                                  ඔන්න අද ඉතින් නිවාඩු පාඩුවේ ඉන්නකොට මට හිතුනා බුකිය පැත්තට යන්න. ඕං ඉතින් බුකියටත් ගියා. හෆොයි අඳුරන එකෙක්වත් නෑ. ඉතින් කම්මැලිකම යන්නත් එක්ක චිත්‍රපටියක් බලන්න හිතුනා. ඔන්න චිත්‍රපටියක් හොයන්න මගෙ සීඩී ගොඩ අදිනකොට තමා මේක හම්බුනේ. වෙන කරන්න දෙයක් නැතිකමට බැලුවා. මම කලිනුත් බලලා තියනවා. හැබැයි චිත්‍රපටිය පට්ට. ඒ නිසා ඉවර වෙනකම්ම කම්මැලි නැතුව බැලුවා. ඔන්න ඉතින් කස්ටියට දෙන්න හිතුණ නිසා ගෙනාවා. ගොඩ දෙනෙක් මේක බලලා ඇති. ලංකාවේ සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටියක් නොවැ. මේක පරණයි කිව්වට එච්චරම පරණ නෑ. 2008 නෙ තිරගත උනේ.(දන්නෝ දනිති)
                           මේක ගැන ඉතින් වැඩි විස්තරයක් දෙන්න ඕනේ නෑනේ. කස්ටිය ඉතින් ඒ තරමට මේ චිත්‍රපටිය ගැන දන්නවනේ. හරිම ගැඹුරු තේරුමක් තියන චිත්‍රපටියක්. ඔන්න ආයි බලන්න කැමති කස්ටිය පහළින් බාගන්නකෝ. ඔන්න බලලා තියන කට්ටිය මට පරණ එව්වා දෙනවා කියල බනින්න එහෙම එපා ඕං.



කස්ටිය බලලා විතරක් මදි. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ


Tuesday, July 26, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම......Part 2

|0 comments
ඔන්න ඉතින් අදත් මම ආවා. අර දෙනවා කියපු ගේම් ටික අරගෙන. වැඩ ටිකක් තිබ්බ නිසා මට පොරොන්දු වෙච්ච විදිහට ඊයේ මේ ගේම් ටික දෙන්න බැරිඋනා. ඔන්න ඒකටත් සමාව ඉල්ලනවා. ඔන්න එහෙනම් මේ ගේම් වලින් ඔයගොල්ලො කැමති ඒවා තියනවනම් බාගන්න. මම හිතනවා මම පෙරේදා දාපු ගේමුත් ඔයගොල්ලො බාගන්න ඇති කියලා. ඒවායෙන් ගොඩක් ඒවා අලුත්ම ඒවා. L.A. Noire කියන්නෙ රොක්ස්ටාර් ගේම් වලින් නිකුත් කරපු අලුත්ම ගේම් එක. පෝස්ට් එක පටන් ගන්න කලින් තව පොඩි දෙයක් තියනවා කියන්න. ඒක තමා අපේ අභාගය හෙට පටන් ගන්න නිසා මේ මාසයට දාන අන්තිම පෝස්ට් තමා මේක. අභාගෙ ඉවර උනු ගමන්ම මම ආයි පෝස්ට් දාන එක පටන් ගන්නං. ඒතකං මේ ගේම් ටික බාගන්නකෝ. ඔන්න පහලින් බාගන්න.


                                                 Farcry

Farcry 2

Max Payne

Max Payne 2

Mafia

Mafia 2

Call Of Duty 2 - Modern warfare

Call Of Duty Black Ops

Driver Parallel Lines

Driver

ඔන්න ගේම් දහයක්ම තියනවා. බාගෙන ප්ලේ කරලම බලන්නකෝ හොඳද කියලා. හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ

Sunday, July 24, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. තවත් ඡන්දෙකුත් ඉවර උනානේ. හෆොයි දැන්නම් ඉතින් කනක් ඇහිලා හිටියෑකි. අපේ ගෙවල් ළඟ කෙනෙකුත් ඡන්දෙ ඉල්ලුවා. පහුගිය දවස් ටිකේ උදේම අර බෙලෙක් කටේ සද්දෙට තමා මම ඇහැරෙන්නේ. අභාගේ පටන් ගන්න කලින් අපිට හිච්චි නිවාඩුවක් දුන්නා. ඒකයි පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ. අද ටයිප් කරන්නත් හරි කම්මැලියි. ඒ නිසා දෙන්නම් ඇක්ෂන් ගේම් සෙට් එකක්. ඔයගොල්ලො කැමති ඒවා තියනවනම් බාගන්න. හැබැයි බාගෙන ඔයගොල්ලන්ගෙ අදහසුත් තියනවනම් දාගෙනම යන්න හොඳේ.


                                            Manhunt one

Manhunt two

GTA Episodes From Liberty city

GTA Stories From Vice city

Spider Man - Shattered Dimension

L.A. Noire


ඔන්න ගේම් හයක්ම දැම්මා. මගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නිසා ඔයිට වඩා නම් දාන්න බෑ. ඒනිසා ඉතුරු ටික මම හෙට දෙන්නම් දැනට ඔය ටික බාගන්නකෝ. ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලම කැපෙන්න හොඳේ

Wheel Man පරිගණක ක්‍රීඩාව

|0 comments
ඔන්න අදත් ආවා තවත් පට්ට ගේම් එකක් අරගෙන. කොහොමද ඉතිං කට්ටියට. හොඳ නම් හොඳයි.
                         ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. මේ ගේම් එක හදල තියෙන්නෙ චිත්‍රපටියක කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටිය තමා vin diesel wheel man කියන චිත්‍රපටිය. සමහරුනම් මේක බලලා ඇති. ඒ තරමටම ප්‍රසිද්ධ චිත්‍රපටයක් මේක. මේකෙ ගේම් එක ගැන කියනවනම් ඒකත් චිත්‍රපටය වගේම සුපිරි හයි කොලිටි ගේම් එකක්.
                      මයිලෝ නැමති පුද්ගලයෙකුට ස්පාඤ්ඤයේ නගරයක් වන බාසිලෝනා නගරයේදී මුහුණ පාන්න වෙන අත්දැකීමක් ගැන තමා මේ ගේම් එකෙන් විස්තර වෙන්නෙ. මේ ගේම් එකේ තියන විශේෂත්වයක් වෙන්නෙ අති නවීන ආයුධ සහ වාහන පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබීමයි.
                           මේකත් නිකං gta වගේ ගේම් එකක්. ඒ උනාට gta ගේම් වලට වඩා ඉතා ඉහළ ග්‍රැෆික් යොදාගෙන හදපු ගේම් එකක්. ඒ වගේම මේක ප්ලේ කරන්නත් හොඳ පරිගණකයක් අවශ්‍ය වෙනවා. මෙන්න තියනවා රික්ස්.
P IV 2.66 GHZ PROCESSOR
2 GB RAM
512 MB VGA CARD
DIRECT X 9.1
වගේ තියනවනම් මේ ගේම් එක සුපිරියට ගහන්න පුළුවන්. හැබැයි P IV වල ප්ලේ කරන්න අමාරු වෙයි. කොයිකටත් බලන්නකෝ.


මේ ගේම් එක 8 GB විතර වෙනව. ඒ නිසා ජංජාලෙං ඩවුන්ලෝඩ් වෙන්න දවස් දෙක තුනක්වත් යයි. DVD එක හොයාගත්තනං ලේසියි.

කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ.

Saturday, July 23, 2011

තාම ගූගල් ප්ලස් නැද්ද?.....මෙන්න ක්‍රමේ

|0 comments
ඔන්න අදත් ආවා. පරණ බ්ලොගිය නැති උනාට පස්සෙ දාන දෙවනි පෝස්ට් එකයි මේ. දැන් හැමෝටම වගේ තියෙන ආසාවක් තමා ගූගල් ප්ලස් එකට සම්බන්ධ වීම. ඔන්න ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්නේ. දන්න අය ඉන්නවනම් ඔන්න මට බනින්න එපා හොඳේ. එහෙනම් ඔන්න පෝස්ට් එකට බහිමු.
                             මුලින්ම ඔයගොල්ලන්ට ජීමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. හැබැයි ජීමේල් ගිණුමේ සඳහන් වයස අවුරුදු 18 වැඩිවෙන්න ඕනේ. තාම අලුත්නේ ඒකයි. හැබැයි අලුත් ජීමේල් ගිණුමක් හදාගත්තොත් නං හරි. මතක ඇතුව අලුත් ජීමේල් ගිණුමක් හදද්දී වයස අවුරුදු 18 වැඩිවෙන විදිහට දෙන්න. (මටත් 18ට අඩුයි. මමත් අලුත් ගූගල් එකවුන්ට් එකක් හදලා තමා වැඩේ පටන්ගත්තේ) ඔන්න ඔයගොල්ලො ජීමේල් එක හදාගත්තට පස්සේ යන්න මේ සයිට් එකට. ඔතනට ඔයගොල්ලන්ගෙ අවුරුදු 18 වැඩි විදිහට හදපු ජීමේල් එක දෙන්න. දැන් පැයකින් විතර මේල් චෙක් කරලා බලන්න. google+ invitation කියල මේල් එකක් ඇවිල්ලා ඇති. මේල් එක ඕපන් කලාම තියන join g+ කියන බට්න් එක ඔබලා ජොයින් වෙන්න. මතක ඇතුව මාවත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගන්න හොඳේ.
                           ඔන්න එහෙනම් මම කැපෙනවා. කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.

Friday, July 22, 2011

Mars Needs Moms චිත්‍රපටිය බාගන්න

|0 comments
ඔන්න ඉතිං අදත් ආවා සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. කාලෙකින් හොඳ චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච එකේ ඔන්න බලලා ඉන්නකෝ. තව දෙයක් ගැන ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මට ඊයේ පෝස්ට් එකක් දාන්න බැරිඋනා. අනික වැදගත් දෙයක් හම්බ උනෙත් නෑ. අහම්බෙන් වගේ තමා මේ චිත්‍රපටියත් සෙට් උනේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                    අඟහරු ග්‍රහලොවේ වෙසෙන පිටසක්වල ජීවීන්ට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. එනම් එදිනෙදා අඟහරු ලොවේදී උපදින දරුවන් බලාගැනීමට අයෙක් නැතිවීම. ඒ සඳහා ඔවුන් නැනී යන නමෙන් හඳුන්වන රොබෝලා පාවිච්චි කරනවා. මෙම නැනීලාට දරුවන් පාලනය කරන හැටි ඔවුන්ට ඇතුල් කරන්නෙ යන්ත්‍රයක් ආධාරයෙන්. එයට දරුවන් පාලනය කළ හැකි මවක් ඇතුල් කලවිට එම යන්ත්‍රය මගින් ඔවුන්ගේ දරුවන් පාලනය කල හැකි ශක්තිය උරාගන්නවා. මෙලෙස ඔවුන් පෘථිවියෙන් දරුවන් පාලනය කල හැකි මවක් පැහැරගෙන එනවා. ඇයට සිටින්නේ ඉතා කීකරු පුතෙක්. ඔහුගේ නම මයිලෝ. මයිලෝ සිය මව පැහැරගෙන යන යානයටම නැගී අඟහරු වෙත යනවා. ඔහුට සිය මව  බේරා ගත හැකිවේද? අඟහරු ජීවීන්ට එරෙහිව ඔහු ක්‍රියා කරන්නේ කෙසේද?
           මාර්ස් නීඩ් මාම්ස් චිත්‍රපටයේ කතාව ඕකයි. මේ චිත්‍රපටය හදල තියෙන්නෙ අපි කවුරුත් දන්න ඩිස්නි වර්ල්ඩ් ආයතනයෙන්. ලංකාවෙත් මෑතකදී ඉතා සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටයක් මේක. ඔන්න චිත්‍රපටිය ගැනත් කිව්වා. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.





කමෛන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ

WWE All Stars පරිගණක ක්‍රීඩාව

|3 comments
ඔන්න අදත් අරගෙන ආවා රෙස්ලින් වලට කැමති අය වෙනුවෙන් ගේම් එකක්. රෙස්ලින් වලින් නිකුත් කරපු අළුත්ම ගේම් එක තමා ඕල් ස්ටාර්ස් කියන්නේ. කැමති කස්ටිය බලන්නකෝ. කොහොමත් ඉතිං ලංකාවේ ගොඩදෙනෙක් රෙස්ලින් වලට කැමතියිනේ.
ඕල් ස්ටාර් ක්‍රීඩාවේ ජෝන් සීනා සහ ද රොක් අතර සටනක දර්ශනයක්
                                 රෙස්ලින් වල අතීතයේ හා වර්තමානයේ සිටින සියළුම ක්‍රීඩකයින් මෙයට ඇතුළත් වෙනවා. පරණ අයට කැමති අයට පරණ රෙස්ලර්ස්ලා තෝරාගෙන ක්‍රීඩා කරන්නත් පුළුවන්. තමන් කැමති වර්ගයේ රෙස්ලින් තරඟයක් උනත් ක්‍රීඩා කිරීමේ හැකියාව ක්‍රීඩකයා සතු වෙනවා.
                   පහුගිය දවස් ටිකේ wwe ෆෑන් පේජ් එකට ගියානම් ඒකෙත් මේ ගේම් එකේ ඉමේජස් අප්ලෝඩ් කරල තියෙනව ඔයගොල්ලො දකින්න ඇති. තරමක් ග්‍රැෆික් අප්සට් උනත් ගේම් එකනම් එල. ග්‍රැෆික්ස් උනත් එච්චර අවුලක් නෑ.
මෙන්න මේ ඉන්නෙ ඒකෙ ඉන්න කට්ටිය

1. “Macho Man” Randy Savage (Legend)
2. “The Million Dollar Man” Ted Dibiase (Legend, Gamestop pre-order exclusive)
3. Andre the Giant (Legend)
4. Big Show (Superstar)
5. Bret Hart (Legend)
6. Eddie Guerrero (Legend)
7. Hulk Hogan (Legend)
8. Jimmy “Superfly” Snuka (Legend)
9. John Cena (Superstar)
10. John Morrison (Superstar)
11. Kofi Kingston (Superstar)
12. Randy Orton (Superstar)
13. Rey Mysterio (Superstar)
14. Ricky “The Dragon” Steamboat (Legend)
15. Sgt. Slaughter (Legend)
16. Sheamus (Superstar)
17. Stone Cold Steve Austin (Legend)
18. Ted DiBiase Jr. (Superstar, Gamestop pre-order exclusive)
19. The Rock (Legend)
20. Triple H (Superstar)
21. Ultimate Warrior (Legend)
Ring Annoucer
Howard Finkel
Commentary Team
Jerry Lawler
Jim Ross

කොහොමද ඉන්න කස්ටිය එලනේ. මමනම් හිතුවෙ ඔයිට වඩා වැඩිවෙයි කියල. හැබැයි මේ ඉන්න ටිකත් මදෑ. මේ ගේම් එකේ තියන විශේෂ ලක්ෂණේ තමා විචාරකයෝ හා හඳුන්වාදෙන්නෙකු සිටීම.(commentary team and ring announcer) ඔන්න කැමති කට්ටිය බාගන්නකෝ.


කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.

Harry potter - Deathly Hallows ගේම් එකේ කොටස් දෙකම බාගන්න

|0 comments
ඔන්න ඉතින් අදත් ආවා. අදත් අරගෙන ආවේ අපේ කස්ටිය ගොඩක් කැමති චිත්‍රපටි මාලාවක් නවතම චිත්‍රපටයේ ගේම් එක අරගෙන. ගේම් එක කිව්වට එක ගේම් එකක් නෙවේ. ගේම් දෙකම ගෙනාවා. ඔන්න කැමති කස්ටිය බලන්නකෝ. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ. එහෙනම් පෝස්ට් එකට බහිමු.
               අපේ කස්ටිය ගොඩක්ම කැමති චරිතයක්නේ හැරී පොටර් කියන්නේ. මේකේ නවතම චිත්‍රපටය තමා deathly hallows කියන්නේ. හැබැයි චිත්‍රපටියක් නෙමේ චිත්‍රපටි දෙකක් කිව්වත් හරි. ඒ කියන්නේ මේ චිත්‍රපටිය නිකුත් උනේ කොටස් දෙකක් විදිහට.(part 1 and part 2) ඔන්න ඒ චිත්‍රපටි දෙකේම ගේම්ස් චිත්‍රපටය එක්කම නිකුත් කරන්න electronic arts (ea games) එකේ කස්ටිය ක්‍රියාකරලා තියනවා. මම මේකේ part one නම් ප්ලේ කරලා තියනවා. ඒකනම් පට්ටම පට්ට.
                       මේක ea games සයිට් එකෙන් ගන්නවා නම් රුපියල් 1000 වගේ ගානක් යනවා. ඒත් මොකටද ඔච්චර සල්ලි නාස්ති කරන්නෙ නිකම්ම ගන්න පුලුවන්කම තියෙද්දි මොකටද සල්ලි දෙන්නෙ. ඔයත් හැරී පොටර්ගෙ රසිකයෙක් නම් ඔන්න පහලින් බාගන්න. ඔන්න අනිවාර්යෙන්ම බාගන්න හොඳේ. 


Part one

Part two

ඔන්න එහෙනම් මම කැපෙනවා. මතකනේ කමෙන්ට් එකක් දාගෙනම යන්න.................

                                             

Vice City ගේම ආපහු ගහමුද

|0 comments
ඔන්න අදත් අරගෙන ආවා ටිකක් පරණ ගේම් එකක්. මේ ගේම් එක ගැනනම් හැමෝම දන්නවා ඇති. පරණ උනත් හරිම වටින ගේම් එකක් නිසා ඔන්න මම ගෙනාවා. මේක ප්ලේ කරල නැති ප්ලේ කරන්න කැමති අයයි ප්ලේ කරල තිබුනත් ආයි ප්ලේ කරන්න කැමති කට්ටිය බලන්නකෝ. මේක ප්ලේ කරල තියන අයත් බලල හොඳ නරක කියලම යන්නකෝ. තව දෙයක් තියනවා කියන්න www.e-pudumaya.tk කියන ඩොමේන් එකේ පොඩි අවුලක් නිසා දැන් ඒ ඩොමේන් එක පාවිච්චි කරන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට wwwpudumaya.blogspot.com එක හරි www.bawanthanc3.tk කියන ලින්ක් වලින් මේ බ්ලොග් එකට එන්න පුළුවන්.
වයිස් සිටි ක්‍රීඩාවේ දර්ශන සහිත පෝස්ටර් එකක්
             අද හඳුන්වා දීම ටිකක් වැඩිඋනා. කමක් නෑ එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. වයිස් සිටි ගේම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2003 වර්ෂයේ. කොහොමද පරණ. හැබැයි මම මේක කෞතුකාගාරෙන් හොයාගත්ත එකකනම් නෙමේ. දැං අළුතෙන් එන ගේම් වලට ගොඩදෙනෙක් කැමති නෑනේ. එකට හේතුව අළුත් ගේම් වල ත්‍රිමාණකරන වැඩිවීම. ගේම් එක ඇත්තම වගේ උනාම ගේම් එක ගහන්න එපාවෙනවා. අනික ඒව ගහන්න ගොඩක් හොඳ පරිගණකත් ඕනේ. කොහෙන් හරි බොහොම අමාරුවෙන් හොර සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න සමහර අයට කොහෙන්ද එච්චර හොඳ කම්පියුටර් ගන්න සල්ලි. මමත් ඔය අළුතෙන් එන හැම ගේම් එකක්ම ගන්නවා. හැබැයි ටික දවසක් ප්ලේ කරනකොට එපා වෙනවා.
වයිස් සිටි ක්‍රීඩාවේ පෝස්ටරයක්
                   සෝනි කියන්නෙ ලිබර්ටි නගරයේ සිටින පාතාල නායකයෙක්. ඔහුට අවශ්‍ය වෙනවා වයිස් සිටි නගරයට තමන් වෙනුවෙන් වැඩ කරන්න යමෙක්ව වයිස් සිටි නගරයට යවන්න. ඒ සඳහා ඔහු තෝරාගන්නේ ටොමී නම් පුද්ගලෙයෙක්ව.(දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නෑ. ටොමී කියන්නෙ බල්ලන්ට දාන නමක්නේ) සෝනි ටොමීට යම් මුදලක් දී තවත් දෙදෙනෙකුත් සමග වයිස් සිටි වෙත එවනවා. ඔවුන්ට වයිස් සිටි නගරයේදී උදව් කරන්නේ කෙන් රොසෙන්බර්ග් නැමති තැනැත්තෙක්. ඔවුන් වයිස් සිටි වරායට යන්නේ සෝනි දුන් මුදලෙන් සුදු රත්රන් හා දියමන්ති මිලට ගැනීමටයි. නමුත් සියල්ල ඉතා ඉක්මණින් වෙනස් වෙනවා. සැඟවුනු වෙඩික්කරුවන් පිරිසක් ඔවුන්ට වෙඩි තබනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් ටොමීගේ සඟයින් දෙදෙනා මරණයට පත්වෙනවා. ඔවුන් සතුව තිබූ සෝනිගේ මුදල් ඔවුන්ට අහිමිවෙනවා. මුදල් නැතිවූ බව දැනගත් සෝනි ටොමීට තර්ජනය කරන්නෙ කෙසේ හෝ තම මුදල් සොයාදෙන්න කියමින්. ටොමීට එම මුදල් සොයාගත හැකිවේද?
                වයිස් සිටි පරිගණක ක්‍රීඩාවේ කතාව ඕකයි. gta පරිගණක ක්‍රීඩා මාලාවේ 4 වෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක නිකුත් උනේ.
මෙන්න රික්ස්
p iv 1.7 ghz processor
256 mb ram or 128 mb ram
64 mb vga or 32 vga
7.0 direct x
වගේ හරිම අඩු සුදුසුකම තමා ඔනේ කරන්නේ. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ ෆුල් වර්ෂන් එකයි සවුන්ඩ්ස් නැති වර්ෂන් එකයි තියනවා. සවුන්ඩ්ස් නැති එකත් එලටම වැඩ කරනවා. ලංකාවේ ගොඩක් තියෙන්නෙ සවුන්ඩ්ස් නැති වර්ෂන් එක තමා.

                                             Full Version

                                            Rip Version



කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්නකෝ

Burnout Paradise ගේම් එක බාගන්න

|0 comments
ඔන්න ඉතින් අදත් ආවා පස්ට ගේමක් අරගෙන. ඉතින් කස්ටිය කොහොමද ඉතින් අවුලක් නැතුව ඉන්නවා ඇතිනේ. අවුලක් නැත්නම් එච්චරයි. මේ ගේම් එක පළවෙනි වතාවට මට ප්ලේ කරන්න ලැබුනේ ඊයේ. හැබැයි එක පාරින්ම ගේම් එක හිතට අල්ලලා ගියා. පට්ට ගේම් එකක්. කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු.
                                        ලෝකෙ දැනට හොඳම රේසින් ගේම් නිෂ්පාදකයන් වන Electronic Arts (EA Games) ආයතනයෙන් තමා මේකත් හදලා තියෙන්නේ. මේකත් රේසින් ගේම් එකක් තමා. නමුත් මේකේ පොඩි වෙනසක් තියනවා. ඒක තමා බයික් රේසිනුත් මේ ගේම් එකට ඇතුළත් වෙනවා. මේ ගේම් එකට පසුබිම් වෙලා තියන නගරය තමා පැරඩයිස් සිටි කියන්නේ. මේ සිටි එකනම් පාරාදීසයක්ම තමා. මේ ගේම් එකට මම කැමති උනෙත් මේ ගේම් එකේ ටවුන් එක නිසා තමා. ඒ වගේම් වෙනත් රේසින් ගේම් වල නැති තවත් අංගයක් මේ ගේම් එකේ තියනවා. ඒක තමා Party කියල විශේෂ අංගයක් මේ ගේම් එකේ තියනවා. මේකෙන් කරන්න පුළුවන් එකම කොම්පීතරෙන් දෙන්නෙකුට ටයිම් චැලේන්ජ් එකක් තියන්න පුළුවන්. පළවෙනියට ගමන් කරන කෙනා විනාඩි එකක් ඇතුලත ගියොත් දෙවෙනියා ජයග්‍රහණය සඳහා විනාඩියකට කලින් යන්න ඕනේ.
                    ඔන්න ගේම් එක ගැනත් කිව්වා. දැන් ඔය පහල තියන ස්ක්‍රීන්ෂොට් ටික බලලා ඉන්නකෝ.











කොහොමද පස්ට නේද. ඔන්න කැමති කට්ටිය පහළින් බාගන්නකෝ. ඊට කලින් රික්ස් ටිකත් බලලම ඉන්න.
p iv
1gb ram
256 mb vga
9.0 direct x

ඔන්න පහළින් බාගන්න.


ඔන්න බාගෙන මතක ඇතුව කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්න හොඳේ

Alexa Rank

නැවත ඉහලට යන්න