Search This Blog

Saturday, September 24, 2011

තවත් වීරයෙක්.......Thor

ඔන්න කස්ටිය අදත් මම ආවා තවත් අලුතෙන්ම නිකුත් උනු ලස්සන චිත්‍රපටියක් අරගෙන. මම හිතනවා කස්ටිය මේ චිත්‍රපටිය ගැන දන්නවා ඇති කියලා. එහෙනම් වැඩිය අටුවා ටීකා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                           කස්ටිය දන්නවනේ Iron Man චිත්‍රපටය. අන්න ඒ චිත්‍රපටිය හදපු Marvel Studios ආයතනයෙන්ම තමා මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. මාවල් ආයතනයේ චිත්‍රපටි හැම එකක්ම වගේ ආදායම් වාර්තා තැබුවා. ඒ වගේම තෝර් චිත්‍රපටියත් අති සාර්ථකව තිරගත උනා. ලංකාවෙත් සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටියක් මේක. ඉතින් චිත්‍රපටිය ගැන කියන්න තියෙන්නේ මම කාලෙකින් බලපු සුපිරිම චිත්‍රපටියක් කියලා. ඔන්න කතාවේ චුට්ටකුත් අහගන්නකෝ.
                                          ජේන් ෆොස්ටර් කියන්නේ භෞතික විද්‍යා විද්‍යාඥවරියක්. ඇය දවසක් අහස නිරීක්ෂනය කරනකොට ඇය දකිනවා දේදුන්නකට සමාන සංසිද්ධියක්. ඇය ඒ දෙසට තමාගෙ වාහනෙන් යනකොට අහසින් වැටුනු පුද්ගලයෙක් ඇයගේ වාහනයේ හැප්පෙනවා. මේ පුද්ගලයා කවුද ඔහුට අවශ්‍ය මොනවද කියලා දැනගන්න වෙන්නේ නම් චිත්‍රපටිය බලලාම තමා.
                                        මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිග රඟපාන්නේ Chris Hemsworth හා Natalie Portman. මේ චිත්‍රපටිය IMDb රේටින් 7.2 අරගෙන තියනවා. ඒකෙන්ම මේ චිත්‍රපටියේ සුපිරි බව හිතාගන්න පුලුවන් නේද. ඔන්න කැමති කස්ටිය පහලින් බාගන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලන්ට කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න