Search This Blog

Tuesday, January 31, 2012

සොෆ්ට්වෙයාර් වල Cracks, Keygens එහෙම හොයාගන්න අමාරුද....මෙන්න විසඳුම

|3 comments
ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ අඩවිය භාවිතා කරලා ඉහත කී දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්. අපි එහෙනම් කතාවට බහිමු.
                                          වැඩිවිස්තර අවශ්‍ය නෑනේ. මෙම අඩවිය මහා පරිමාණ අඩවියක් නම් නෙවේ. බ්ලොග් අඩවියක්. ඔන්න කැමති අයට පහල සබැඳියෙන් ගොහින් බලන්න පුලුවන්.


__________මෙතනින් යන්ටකෝ__________

ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ..................

Monday, January 30, 2012

2012 සේරම Kaspersky Keys ඕනෙද?.....දැන්ම බාගන්න

|0 comments
ඔන්න අද අරගෙන ආවේ කැස්පර්ස්කි ට්‍රික් එකක්. කස්ටියට ඕනෙද 2012 ජනවාරි වල සියලුම කැස්පර්ස්කි කීස්.............එහෙනම් වැඩි කතාවක් නැතුව දැන්මම බාගන්න පුලුවන්.

Sunday, January 29, 2012

In Time චිත්‍රපටය : කාලය ජීවීතය හා වටී

|0 comments
ඔන්න කාලෙකට පස්සේ ආයිත් මම ආවා. අද අරගෙන ආවේ කාලෙකින් බලන්න පුලුවන් ලස්සනම ලස්සන චිත්‍රපටියක් අරගෙන. මමත් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම මේක බලලා ගොඩක් කල් උනත් දැන් මම චිත්‍රපටි දෙන එක ටිකක් අඩුකරලා නිසයි මේක පරක්කු කරලා දෙන්න හිතුවේ. හරි එහෙනම් අපි මේ චිත්‍රපටිය මොකක්ද කියලා බලලාම ඉමුකෝ.
                                                     මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක් වෙච්ච ජස්ටින් ටිම්බ(ර්)ලේක් (විල් සලාස්) හා සුරූපී නිලි ඇමැන්ඩා සේෆ්‍රයිඩ් (සිල්වියා වෙයිස්). මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 28 වෙනිදා. IMDb අගය 6.6 වන අතර ලබා ඇති ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 103,200,000. ඉතින් චිත්‍රපටය ජනප්‍රිය වෙලා තියන තරම ඒකෙන්ම හිතාගන්නකෝ.
                                       මේ චිත්‍රපටයේ කතාවත් නියමයි. හැබැයි ඉතින් කියන එක තමා අමාරු. කමක්නෑ ඉතින් කොහොමහි ටිකක් කියන්නම්කෝ.
                                       අනාගතයේදී ජනගහණය සීඝ්‍ර වශයෙන් වර්ධනය වීම නිසා මිනිසෙකුගේ ආයුකාලට වසර 25 කට සීමා වෙනවා. ඉන් පසුව ජීවත් වීමට නම් කාලය උපයා ගත යුතු වෙනවා. ඒ වගේම වසර 25 දක්වා වර්ධනය වන මිනිසුන් එතනින් පසු වර්ධනය වීම හා වයසට යෑම නතර වෙනවා. මිනිසුන්ගේ ආයුකාලය අවම වසර 25ක් වුවද එහි නතර වීමක් නෑ. තමන් උපයාගන්නා කාලයට අනුව එම මිනිසාට ජීවත් වීමට හැකියාව පවතිනවා. ඒ වගේම මිනිසාට අමරණීය වීමේ හැකියාවද පවතිනවා. සිය වසර 25 නිමව සිටින විල් සලාස් ජීවත් වන්නේ ඉතා අපහසුවෙන්. එයත් සමග ඔහු ජීවත් වීමට කාලය මංකොල්ල කෑමට පෙලඹෙනවා.
                                      හ්ම්ම්.........ඔයගොල්ලන්ට කතාව තේරුනේ නෑ නේද? එහෙනම් දැන් ඔයගොල්ලන්ට තියන ප්‍රශ්න සේරටම විසඳුම ලබාගන්න මේ චිත්‍රපටය බලන්න කියලා ඉල්ලනවා. එවිට ඔය සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබේවි...........ඔන්න කැමති අයට පහළින් බාගන්න පුලුවන්.


_______මෙතනින් බාගන්න_______

ඔන්න ඉතින් චිත්‍රපටය බලලා හොඳ නරක එහෙම කියලා යන්න අමතක කරන්න එපා හොඳේ...................................

Saturday, January 21, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න...Part 2

|4 comments
ඔන්න අදත් මම දෙන්න ආවේ අන්තර්ජාලයෙන් වැඩ ගන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්ච දෙයක්. මම කලිනුත් මේ වගේම පෝස්ට් එකක් දැම්මා කස්ටියට මතක ඇති. මේ තියෙන්නේ තවත් ඒ වගේම අඩවියක්. මමත් මේ අඩවිය ගැන දැනගත්තේ අපේ පසන් කොලුවා මේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකකින්. ඒ නිසා එයාටත් ස්තූති කරලම මම වැඩේ පටන් ගන්නවා.
                                                   මේකත් අර කලින් කිව්වා වගේම අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි, සේවා, මෘදුකාංග සහ අනෙකුත් හැම දෙයක් ගැනම තියන අඩවියක්. මේ අඩවියේ නම Smashing Magazine. මේ අඩවියෙත් හැම දෙයක් ගැනම සරලව හා පැහැදිලිව කියල දීල තියනවා. (හැබැයි කඩ්ඩෙන්) ඉතින් අන්තර්ජාලයෙන් වැඩ ගන්න දන්න නොදන්න සියලු දෙනාටම වැදගත් වෙන දේවල් මේ අඩවියේ අන්තර්ගතයි....ඔන්න හැඳින්වීම ඉවරයි.............කැමති කස්ටිය පහලින් ගිහින් බලන්නකෝ.


මෙතනින් යන්න.......................


ඔන්න එහෙනම් මම කැපෙනවා. අනේ ඔයගොල්ලො කමෙන්ට් එකක් නොදා නිකන් නම් යන්න එපා හොඳේ.

Friday, January 20, 2012

WinRAR 4.10 දැන්ම බාගන්න (Keygen සහිතයි)

|2 comments
ඔන්න අද මම අරගෙන ආවේ ෆයිල් extract කරන්න බොහෝදෙනෙක් භාවිතා කරන WinRAR මෘදුකාංගයේ නවතම සංස්කරණය අරගෙන.
මම හිතන විදියට ඔයගොල්ලෝ WinRAR ගැන දන්නවා ඇති. Zip විදියට තියන ෆයිල් එකක් පරිගණකයකට extract කරගන්න මම දැනට දන්න තරමින් ලෝකෙ තියන හොඳම සොෆ්ට්වෙයාර් එක තමයි WinRAR. හැබැයි ඉතින් මේක නිකන් දෙන සොෆ්ට්වෙයාර් එකක් එහෙම නෙවේ. මුදල් දීලා මිලදී ගන්න ඕනෙ සොෆ්ට්වෙයාර් එකක්. ඒත් ඉතින් අද මං ගානෙ ඔයගොල්ලන්ට මේ සොෆ්ට්වෙයාර් එක keygen එකත් එක්කම නොමිලේම බාගන්න පුලුවන්. කැමති අය පහළින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න.........................


ඔන්න එහෙනම් මගෙ වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ වැඩේ. ඒ කිව්වේ ඉතින් කමෙන්ට් දාන වැඩේ තමා................

Tuesday, January 17, 2012

Facebook Timeline එකට ලස්සනම Covers තියන අඩවි

|2 comments
ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින් දාන්නම්.

Monday, January 16, 2012

Grand Theft Auto IV - සුපිරි පරිගණක ක්‍රීඩාවකට කැමති නම්

|0 comments
ඔන්න මම ලෑස්ති වෙන්නේ මේ මාසෙට දෙන එකම හා පළවෙනිම ගේම් එක දෙන්න. මම මගෙ පරණ බ්ලොග් එකෙත් මම මේ ගේම් එක ගැන කිව්වා. ඒත් ඉතින් ඒක කවුරුත් බලලා තිබ්බෙ නෑනේ. ඒත් ඉතින් මගෙ ප්‍රියතම ගේම් එක වෙච්චි මේ ගේම් එක එහෙම නිකම්ම අතාරින්නත් මොකක්ද වගේ හින්දා මේක ගැන අලුත් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තා. අනික GTAVත් ළඟම එන නිසා මට මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා. එහෙනම් ඉතින් බලලාම ඉමුකෝ.
                                                 මම ඉස්සෙල්ලම මේ ගේම් එකත් එක්ක මගේ තියන සම්බන්ධය ගැන කියන්නම්කෝ...............මම ආසාම කරන පරිගණක ක්‍රීඩා සීරියස් එකක් තමයි gta සීරියස් එක. මම gta සීරියස් පටන්  ගත්තේ වයිස් සිටි වලින්. ඒ ගේම් එක ගහපු අය ඒක ගැන දන්නවා ඇතිනේ. ඉතින් ඒ එක්කම ඇති වෙච්ච ආසාවත් එක්ක ඒ ගේම් එකක් නෑර ප්ලේ කරන්න පටන් ගත්තා..............ඒකාලේම  තමා මේ GTAIV නිකුත් උනේ.........ඒත් ඉතින් ඒකාලේ ඒ ගේම් එක ප්ලේ කරන්න තරම් පරිගණකයක් නොතිබිච්ච නිසා ඒක ගැන ආසාව එහෙම්ම අතඇරුනා. ඒත් ඉතින් ගිය අවුරුද්දේ ලැප් රාජයෙක් ගත්තට පස්සේ තමා නැවතත් මේ ගේම් එකට හිත යොමු උනේ. මේ ගේම් එක ප්ලේ කලාත් එක්කම එතෙක් මගේ ප්‍රියතම ගේම් එක වෙලා තිබ්බ සැන්ඇන්ඩ්‍රියාස්, gtaiv බවට පත්උනා........ඔන්න ඔහොමයි ඒ කතන්දරේ ඉවර වෙන්නේ. හරි ඔන්න මගෙ බයිලාව ඉවරයි.....අපි දැන් ගේම් එකේ බයිලාව ගැන බලමු.
                                                  රුසියන් ජාතිකයෙකු වන නිකෝ බෙලික් ලිබර්ටි නගරයට එන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තබාගෙනයි........ඒ තමාගේ ඇමරිකාවේ සිටින ඥාති සහෝදරයා තමාට පවසා ඇති අන්දමට මන්දිරයක ජීවිතය ගෙනයාමටයි.....ලිබර්ටි නගරයට පැමිණි විට ඔහුට දැනගන්න ලැබෙන්නේ තමාගේ සහෝදරයා තමා පවසා ඇත්තේ බොරු බවත්, ඔහුගේ සහෝදරයා කැබ් රියදුරෙක් බවත්ය. කරදර නොමැති ජීවිතයක් ලබාගැනීමට පැමිණි ඔහුගේ ජීවිතය කරදරයක වැටෙන්නේ ඔහු නොසිතූ ආකාරයටයි. තමාගේ සහෝදරයාට කප්පම් කල්ලියක කරදර ඇති බව දැනගන්න නිකෝ සිය සහෝදරයාට උදව් කිරීමත් මෙයට හේතු වෙනවා..................හරි කතාව ඉවරයි. කැමති අය පහළින් බාගන්නකෝ.


හරි ඔන්න මම කැපෙනවා........ඉතින් හැමදාමත් කියනවා වගේ කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් දාලා, ෆලෝ පාරකුත් දාන්න කියලා ඉල්ලීමක් කරනවා.....එහෙනම් මේක බලපු ඔබ හැමෝටම බොහොම ස්තූතියි......................

Sunday, January 15, 2012

ෆොටෝෂොප් ට්‍රික්ස් 100ක් සහිත e-book එක දැන්ම බාගන්න

|5 comments
ඔන්න අද ගෙනාවේ ෆොටෝෂොප් භාවිතයෙන් වැඩකරන අයට වැදගත් වෙයි කියලා හිතුනු දෙයක්. මේක ෆොටෝෂොප් භාවිත කරන අයට ඉතා වැදගත් වන ට්‍රික්ස් 100ක් සහිත ඊ බුක් එකක්. හරි එහෙනම්....මේක වැදගත් වෙයි කියලා හිතෙන අය බලලාම ඉන්නකෝ.
                                                 මම දන්න තරමින් ගොඩදෙනෙක් තමන්ගේ පින්තූර එඩිට් කරන ආදී වැඩවලට භාවිතා කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. ඉතින් එහෙම වැඩකරන වෙලාවට සමහර වැඩ පහසු කරගන්න සමහර අය දන්නේ නෑනේ. ඉතින් ඒ වැඩ පහසු කරගන්න මේ ඊ බුක් එකේ තියන දේවල් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුලුවන්. එහෙනම් මම මේක ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඔයගොල්ලො බාගෙනම බලන්නකෝ.


මෙතනින් බාගන්න....................


මමනම් ෆොටෝෂොප් පාවිච්චි කරන්නේ නෑ. ඒත් ඉතින් පාවිච්චි කරන අයට හරි වැදගත් වෙයිනේ කියලයි දුන්නේ. එහෙම ප්‍රයෝජනයක් උනොත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.

Thursday, January 12, 2012

ඕං මං ගානෙ චිත්‍රපටි දෙකක්......Real Steel & Johnny English Reborn

|7 comments
ඕං කස්ටිය ගොඩ දවසකට පස්සෙ ඔයගොල්ලන්ට බලන්න ලස්සනම ලස්සන චිත්‍රපටි දෙකක්ම මම ගෙනාවා. මේවායෙන් එකක් කොමඩියක් අනික පවුලෙ සේරමත් එක්ක ඉඳගෙන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්..................මම හිතන විදිහට මම හොඳ කොපියක් එනකන් වැඩිම කාලයක් බලාගෙන හිටියේ මේ චිත්‍රපටි දෙක වෙනුවෙන්. එහෙනම් අපි කතාවට බහිමුකෝ.
                                                         මම රියල් ස්ටීල් චිත්‍රපටයෙන්ම කතාව පටන් ගන්නම්.................චාලි කෙන්ටන් කියලා පුද්ගලයෙක් ඉන්නවා සටන් වලට රොබෝලා ඉදිරිපත් කිරීමෙන් මුදල් හොයන. හතර අතටම ණය වෙලා ඉන්න අතරේ මෙයාගෙ අන්තිම රොබෝ වන ඇම්බුෂ් කුළු හරක් ප්‍රහාරයකින් විනාශ වෙනවා. ඒත් එක්කම ඔහුට ආරංචි වෙනවා ඔහුගේ දික්කසාද වී සිටින බිරිඳ මියගිය බව. ඉතින් ඔහුගෙ දරුවාගේ අයිතිය ලබාගැනීමට ඔහුගේ නැන්දාට අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් චාලිට මුදලුත් ලැබෙනවා. නමුත් ටික කලකට ඔහුගේ දරුවාටත් ඔහු සමග නතර වීමට සිදුවනවා...........ඉතුරු ටික බලලාම ඉන්න.
                                                            මේ චිත්‍රපටියේ සමහර තැන් ඉතා සංවේදීයි. ඒ වගේම මෙම චිත්‍රපටය අවසාන වන ආකාරයත් ඉතා ලස්සනයි. ඉතින් මේ චිත්‍රපටය ඔබට පහළින් බාගත හැකියි


DOWNLOAD REAL STEEL MOVIE


අනිත් චිත්‍රපටිය ගැනනම් හැඳින්වීමක් අනවශ්‍යයි කියලා හිතනවා..........කමක් නෑ මම කතාවෙන් චුට්ටක් කියන්නම්කෝ.
                                                 ඇමරිකාවේ MI6 ආයතනයේ ඔත්තුකාරයෙක් විදිහට ක්‍රියාකරන කෙනෙක් ජොනී ඉන්ග්ලිෂ්. හැබැයි ඔහු අතින් වෙන වැරදීමක් නිසා ඔහුට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා. හැබැයි ඉතින් නැවත ඔහුට රස්සාව ලැබෙනවා. ඊටපස්සේ ඔහු තමාගේ සතුරන් සොයා කරන මෙහෙයුම තමා මේ චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ...........ඒකත් ඉතුරු ටික බලන්න
                                                   මේකත් පවුලේ සේරම එක්ක බලන්න පුලුවන් සිනා සාගරයක්. මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර මගේ මෙන්න මේ පෝස්ට් එකෙන් දැනගන්න පුලුවන්. ඒකත් කැමති අය පහලින් බාගන්න.


DOWNLOAD JOHNNY ENGLISH REBORN MOVIE


ඔන්න එහෙනම් මම කැපෙනවා. පෝස්ට් එක හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. මොකද ඉතින් අපි මේ සේරම කරන්න ඔබලාගේ අදහස් බලාපොරොත්තුවෙන්නේ...............ඔන්න එහෙනම් මම කැපුනා

Wednesday, January 11, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න

|5 comments
ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ.
                                                    මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා මේක අන්තර්ජාලය හා පරිගණකය ගැන ඉගෙනගන්න හොඳ අඩවියක් කියලා. මේ අඩවියේ නම digital web hints. මම අන්තර්ජාලය ගැන විතරක් කිව්වට අන්තර්ජාලය ගැන විතරක් නෙවේ අපි පාවිච්චි කරන පරිගණකය ගැනත් ගොඩක් දේවල් මේ අඩවියෙන් දැනගන්න පුලුවන්.
                                                     මේ අඩවියේ සේරම දේ කඩ්ඩෙන් තමා තියෙන්නේ. ඒත් ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මේ අඩවියට යන්න වටිනවා කියලා හිතනවා නම් පහත සබැඳියෙන් යන්න පුලුවන්.


මෙතනින් යන්න.............................


ඔන්න මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ..........ඕං මං කැපෙනවා...........බායි

Tuesday, January 10, 2012

Online Movies බලන්න හොඳ සයිටුවක්......Part 2

|2 comments
ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න හිට්ස් වැටිලා තිබ්බා. මම හිතනවා මේ පෝස්ට් එකත් ඔබට ඒ වගේම වැදගත් වෙයි කියලා...........හරි හරි වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමුකෝ.
                                                     තාමත් මට මේ අඩවියේ නම කියන්න බැරිඋනානේ. මේකෙ නම Tube+ (tube plus) සමහරු දැනටමත් මේ අඩවිය ගැන දන්නවා ඇති. ඒ අතර ඉතින් නොදන්න අයත් ඇතිනේ. මම හැමදාමත් කියනවා වගේ මේ ඒ නොදන්න අය වෙනුවෙන්.
                                                      මේකෙ තියෙන හැම චිත්‍රපටියක්ම සම්පූර්ණ ඒවා. ඒ අතර නවතම චිත්‍රපටිත් තියනවා. හැම චිත්‍රපටියකම ඩීවීඩී පිටපත නිකුත් වූ වහාම එය මෙම අඩවියට ඇතුල් වෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටිවල කැමරා පිටපත් පවා මෙම අඩවියේ ඇතුලත්. නමුත් මෙම අඩවියේ ලේසියෙන්ම කැමරා කොපි හඳුනාගැනීමට පහසුකම් සපයා තිබෙනවා. චිත්‍රපට පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල නවතම කොටස් පවා මේ අඩවිය හරහා නරඹන්න පුලුවන්. ඒ වගේම තමා සමහර ඔන්ලයින් මූවී අඩවි වගේ මේ අඩවියේ චිත්‍රපටි පල් වෙන්නෙත් නෑ. හැමදාම අලුත් ඒවා තියනවා. ඉතින් මෙම අඩවියට ඔබට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.


මෙතනින් යන්න........................

මම හිතනවා මේ පෝස්ට් එක ගොඩදෙනෙකුට වැදගත් උනා කියලා. එහෙම යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........................

Sunday, January 8, 2012

පිස්සුවක් වූ Why This Kolaveri Di ගීතය

|2 comments
කස්ටිය දන්නවද මේ දවස්වල හිට්ම ගීතය.............................ඕක ඉතින් අහන්නත් දෙයක්ද නේද.....මොකද ඉතින් මේ වෙනකොට මේක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ නේද.....තාමත් අහලා නැති අය ඉන්නවා නම් දැන්ම අහන්න පුලුවන්. මේක Tanglish ගීතයක්. මේ වනවිට යූටියුබ් අඩවියේ ඇති ජනප්‍රියම ගීතය මේක. තාම අහපු නැති අයට පහලින් අහන්නත් බාගන්නත් පුලුවන්....අහලා බාගෙනම බලන්නකෝ.






ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Wednesday, January 4, 2012

ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට පට්ටම සහ ලස්සනම තීම් දහයක්

|2 comments
ඔන්න මම දාන්න ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක. ඉතින් ම හිතුනා ඒකෙන් ටිකක් අලුත් වැඩක් කරන්න. අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ පට්ටම හා ලස්සනම හා සරල ගූගල් ක්‍රෝම් තීම් දහයක්. ඔන්න එහෙනම් බලලාම ඉමුකෝ.

Sunday, January 1, 2012

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!

|0 comments
ඔන්න අලුත් අවුරුද්දත් ලැබුවා.......................ඉතින් අලුත් අවුරුද්දට සුබ පතන්නත් එපායැ...............ඔන්න එහෙනම් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු වැඩකටයුතු සාර්ථක වෙන, බාල්දි නොපෙරලෙන, තොප්පි නොවැටෙන, බූට් නොලැබෙන, දත් නොගැලවෙන සුබම සුබ නව වසරක් වේවා! ඔන්න එහෙනම් මං කැපුනා.

Alexa Rank

නැවත ඉහලට යන්න