Search This Blog

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි.


සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ
                                                     මුලින්ම අපි අපේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න ඕනේ. ඒක මෙතනින් බාගන්නකෝ. ඊලඟට අපිට අවශ්‍ය වෙනවා සිංහල උපසිරැසි නරඹන්න පුලුවන් ප්ලේයර් එකක්. ඒ සඳහා අපිට පහත ප්ලේයර් පාවිච්චි කරන්න පුලුවන්.


Gom player
Jet Audio
KM player
Media player classic(K-Lite codec pack)

Windows Media Player(K-Lite codec pack)
Winamp Media Player(K-Lite codec pack)


සාමාන්‍යයෙන් VLC Media Player එක සිංහල උපසිරැසි වලට සහය දක්වන්නේ නැහැ.


සිංහල උපසිරැසි චිත්‍රපටය සමග නැරඹීමට තිබිය යුත්තේ කොහේද?
                                            සිංහල උපසිරැසි ෆයිල් එක තිබිය යුත්තේ චිත්‍රපටය ඇති ෆෝල්ඩර් එකේමයි. චිත්‍රපට ගොනුවේ සහ උපසිරැසි ගොනුවේ නම සමාන විය යුතුයි.
උදා:- movie - sample.avi
      subtitle - sample.srt


ප්ලේයර් එකේ චිත්‍රපටිය නැරඹීම ආරම්භ කල විට උපසිරැසිත් ආරම්භ වේද?
                                            බොහෝ ප්ලේයර් වල චිත්‍රපටය ආරම්භ කල වහාම උපසිරැසිද ආරම්බ වේ. එබැවින් චිත්‍රපටිය පමණක් ප්ලේ කල යුතුය.


හ්ම්ම්.............මම හිතන්නේ කස්ටියට තේරෙන්න ඇති කියලා. යම් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහගන්න පුලුවන්. මේක ගැන ප්‍රශ්නයක් නැති අය උනත් කමෙන්ට් එකක් දැමීමේ වරදක් නෑ හොඳේ. ඕං එහෙනම් මං කැපුනා.................

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න