Search This Blog

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.
                                          සිංහල උපසිරැසි හදන්න ක්‍රම කීපයක් තියනවා, හැබැයි ලේසිම ක්‍රමේ තමයි ඉංග්‍රීසි උපසිරැසි අරගෙන ඒවා සිංහලට හරවන එක. මුලින්ම අපිට අන්තර්ජාලෙන් අදාල චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න වෙනවා. දැන් ඒ බාගත්ත උපසිරැසි ෆයිල් එක නෝට්පෑඩ් ආධාරයෙන් ඕපන් කරගන්නකෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය පහල තියනවා වගේ මෙව්වා ටිකක්.



1
00:00:39,647 --> 00:00:42,605
Yes, Marlin. I see it. It's beautiful.

2
00:00:42,687 --> 00:00:45,406
So, Coral, when you said
you wanted an ocean view,

3
00:00:45,487 --> 00:00:49,082
you didn't think you were going
to get the whole ocean, did you?

4
00:00:52,087 --> 00:00:53,805
A fish can breathe out here.

දැන් ඉතින් හිටු කියලා ඔය ටික සිංහලට පරිවර්තනය කරන්න විතරයි. මෙතන තියෙන්නේ නම් ෆයින්ඩින් නීමෝ චිත්‍රපටියේ දෙබස් 4 විතරයි. තව 2000 විතර තියනවා. ඔච්චර මහන්සි වෙන්න අකමැති නම් ඉතින් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපටිය බලන එක විතරයි.
                                                   ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ පෝස්ට් එකේ හොඳ නරක කියාගෙනම යන්නකෝ.


ප.ලි.- සාමාන්‍ය වීඩියෝ ප්ලේයරයකින් සිංහල උපසිරැසි නරඹන ආකාරය හෙට බලාපොරොත්තු වෙන්න.


ප.ප.ලි.- ඉංග්‍රීසි උපසිරැසි බාගන්න පහත අඩවි පාවිච්චි කරන්න
              All4Divx
              SubScene
              OpenSubtitles

5 comments:

  • Madushankka Gamage says:
    December 8, 2011 at 6:59 PM

    මේ වැඩේට නෝට්පෑඩ් එකට වඩා ලේසියෙන් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද???

  • හොද වැඩක්. අළුත් දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි.

  • BAWANTHA says:
    December 10, 2011 at 8:56 PM

    Madushankka Gamage.............නෝට්පෑඩ් එකට අමතරව ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකත් පාවිච්චි කරන්න පුලුවන්

    පෙදරේරුවා නොහොත් මේසන් බාස්............බොහොම ස්තූතියි යාලුවා

  • #sirkinna says:
    December 26, 2011 at 10:16 PM

    මෙහෙමයි මචං. ඔය subs english වලින් හොයාගන්න ඕනිනම් තත්පර 15වෙන් ඔනෑම් භාෂාවකින් හොයාගන්න පුලුවන් software එකක් තියෙනවා. ඒකට signal බලාපාන්නෙ නෑ. අඩුම අඩු signal යටතේ උනත් උපසිරැසි හොඳම sites 6කින් හොයල දෙනවා. අවශ්‍යනම් ඒ soft එකට අපේ තියෙන movie එක select කරලා උනත් subs හොයාගන්න පුලුවන්. Software එකේ නම SUBLIGHT. දැන් මේකෙ තුන්වෙනි සංස්කරණයත් ඇවිල්ලා තියෙනවා.

    subs edit කරන්න හොඳම සහ ලේසිම ක්‍රිමය විදිහටනම් මම දකින්නේ Notepad එක තමා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා යාලුවා. ඔතන english subs සිංහලට හරවන්න යෑමේදී සමහරක් අර්ත වෙනස් වෙන්න පුලුවන්. අන්න ඒකයි සීන් එක. movie එක බලන ගමන් ඒක කරොත්නම් ලේසි වෙනවා. හැබැයි time set කරගෙන සිංහලෙන්ම හැදුවනම් ඒක ගොඩක් හොඳ වෙනවා. ඔය ඔයා දාල තියෙන ක්‍රිමේ පහසුවුනාට ඕකට අදාලව තව font එකට shadow effect add කරන්න, එතකොට තව අමාරැම දේ වෙන්නේ අපි හිතපු ඔය ක්‍රිමේදී උපසිරැසි 650ක් තියෙනවා කියලා. ඔය 650 අතරට අපිට යම් කිසි දෙයක් දාන්න ඕනි උනා කියමු. අපි උදාහරණයකටම Amazingblog කියලා දානවා කියල හිතමු. අපි හිතමුකෝ 112වෙනි තැනට පස්සේ ඒක play වෙන්න ඕනි කියලා. එතකොට Amazingblog කියන එක එන්නේ 113වෙනියට. එතකොට 113වෙනියට තියෙන එක 114 කරන්න ඕන. ඔන්න ඕකයි බරපතල කම. එතකොට මුලු හයසිය ගානම වෙනස් කරන්න ඕනි එකින් එක. මටනම් ලේසිම ක්‍රිමේ මම පොඩ්ඩක් මම subs දාපු ඒවගෙන් copy එකක් දාන්නම්.

    Dialogue: 0,0:31:24.99,0:31:26.42,Default,,0000,0000,0000,,ගොඩක් ලස්සනයි.
    Dialogue: 0,0:31:27.56,0:31:28.93,Default,,0000,0000,0000,,මම ඒ වෙලාවෙ දැක්කා.
    Dialogue: 0,0:31:30.26,0:31:33.63,Default,,0000,0000,0000,,මීනු සහ මම ගොඩක් එකිනෙකාට ආදරෙන් හිටියා.
    Dialogue: 0,0:31:34.70,0:31:35.96,Default,,0000,0000,0000,,ඇය මෝස්තර ශිල්පිනියක්.
    Dialogue: 0,0:31:36.04,0:31:37.83,Default,,0000,0000,0000,,මම එයාට කියල දෙනවා.


    ඔන්න ඔය ක්‍රිමය. තව දෙයක්. උපසිරැසි SRT කියල විතරක් නෙමේ තියෙන්නේ. තවත් වර්ග තියෙනවා. ගොඩක්ම සිංහල යුනිකෝඩ් පාවිච්චි කරල හදන ඒව සේව් කරන්නනම් Encoding වල Unicode කියන එක හරි යටම තියෙන එක හරි select කරලා save කරන්න වෙනවා. නැත්නම් ප්‍රශ්ණාර්ත ගොඩක් විතරයි එතුරැ වෙන්නේ.

    මේ කමෙන්ට් එක දාන්නේ පෝස්ට් දෙකම කියවලා හින්දා දෙකටම අයිති කරැණු මේකෙ තියෙනවා..

    උබට ජය!!

  • BAWANTHA says:
    December 27, 2011 at 11:42 AM

    @BlogShan.............බොහොම ස්තූතියි සහෝ ඔබගේ දැනුමෙන් බිඳක් බෙදාගත්තාට...........සියලු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න