Search This Blog

Friday, December 30, 2011

2011 වර්ෂයේ අවසානය සහ 2012 වර්ෂයේ ආරම්භය

|2 comments
අවුරුද්දකුත් ගෙවිලා ගියා නේද...........දන්නෙම නැතුව. නව අවුරුද්දකුත් ආරම්භ වෙනවා.........මොහොතකටවත් හිතුවද මේ අවුරුද්දේ තමන් අතින් වෙච්ච වැරදි ගැන, ඒවා නිවැරදි කරගන්න විදිය ගැන...........අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්නේ, ඉතින් තමන්ගේ වැරදි නිවැරදි කර නොගත්තොත් කොහොමද ඒක අලුත් වෙන්නේ...............මේක මටත් ලෝවාසී සියලු දෙනාටමත් එකසේ පොදු දෙයක්...............වචන සිය ගානකින් කිව යුතු දෙයක් තමයි වාක්‍ය දහයකට පමණ පෙරලා ලිව්වේ.............ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!


ප.ලි:-හිතට ආ සිතුවිල්ලකි. අදහසක් දාගෙනම යන්න

Tuesday, December 27, 2011

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

|2 comments
හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
                                                 යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන ආවේ ඉතා ලේසියෙන්ම කීප් ටියුබ් භාවිතා කර යූටියුබ් වීඩියෝ බාගන්න හැටි කියලා දෙන්න. මේ අය අතර මේ ගැන දන්න අයත් ඇති. මේ නොදන්න අය වෙනුවෙන්.
                                                කීප්ටියුබ් භාවිතා කරන්න හරි ලේසියි. කරන්න තියෙන්නේ තමන් කැමති යූටියුබ් වීඩියොවේ ලින්ක් එක ඉස්සරහට keep කියන කෑල්ල ඇඩ් කරන එක විතරයි.
උදා.....යූටියුබ් ලිංකුව:-http://www.youtube.com/watch?v=GRyD9aBlXZs
කීප්ටියුබ් භාගත ලිංකුව:-http://www.keepyoutube.com/watch?v=GRyD9aBlXZs

මේ කීප් ටියුබ් ගැන වැඩි විස්තර සියල්ලක්ම මෙතනින් ලබාගන්න පුලුවන්.


දැක්කනේ හරිම ලේසි වැඩක්......මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ.

Sunday, December 25, 2011

සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා

|0 comments
ඕං ඉතින් නත්තලත් ලැබුවා. ඉතින් එහෙනම් නත්තල සමරන සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් තෑගි දෙන්න.
                                                       මම මේ පාර නත්තල් තෑග්ග විදිහට දෙන්න තීරණය කලේ නත්තල පිළිබඳව නිර්මාණය කරපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. නත්තල සැබෑ අරුත කුමක්ද යන්න මේ චිත්‍රපටිය මගින් ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ලෝකේ වටිනාම දෙය විශ්වාසය බවත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. මේ චිත්‍රපටයේ නම The Polar Express.
                                                       ස්ටීවන් කියලා ළමයෙක් ඉන්නවා නත්තල් සීයා ගැන විශ්වාස නොකරන. ඔහු හිතන්නේ නත්තල් සීයා කියන්නේ සිතින් මවාගත් බොරුවක් කියලයි. ඉතින් නත්තල් දවසේ රෑ මෙයාට අරුම පුදුම මැජික් කෝච්චියකට නගින්න ලැබෙනවා. මේක යන්නේ නත්තල් සීයාගේ ගෙදරට. ඉතින් මේ කෝච්චිය තුළදී ස්ටීවන්ට මුහුණ පාන්න සිදුවෙන දේවල් ගැන මේ චිත්‍රපටයේ දිගහැරෙනවා. ත්‍රාසය, දුක, සතුට හැම දෙයක්ම මේ චිත්‍රපටිය තුළ දිගහැරෙනවා.


මේ නිවාඩු සමය නිසා පවුලේ සැමට එකට ඉඳගෙන මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්


මෙතනින් බාගන්න

මේ පෝස්ට් එක නම් ලිව්වේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කිරීමයි මෙහි එකම අරමුණ. එහෙනම් මම යනවා.....හොහ්......හොහ්........හෝ


       ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

Saturday, December 24, 2011

YouTube වලින් චිත්‍රපටි බලමු

|0 comments
ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත් යූටියුබ් වලින් හඳුන්වා දීපු පහසුකම මගින් චිත්‍රපටිය පැය දෙකක් උනත් එක දිගට බලන්න පුලුවන්. සමහරු මේ පහසුකම දැන දැනටමත් දන්නවා ඇති. ඒත් මේ තාමත් ඒ ගැන නොදන්න අය වෙනුවෙන්...............එහෙනම් ඉතින් තව කතා වැඩක් නෑනේ, මෙතන ඔබලා ඔයගොල්ලොම ගිහින් බලන්නකෝ. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Friday, December 23, 2011

Total Overdose පරිගණක ක්‍රීඩාව : ඔබට හිතේවි ඔබ චිත්‍රපටියක් බලනවා කියලා

|0 comments
හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර වර්ණනා කරන හින්දාවත් බලන්නකෝ.
                                                 මම මෙච්චර මේ ගේම් එක ගැන වර්ණනා කරන්න හේතුවක් තියනවා. මේ පරිගණක ක්‍රීඩාවේ කතාවත් ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටියක කතාවකට සමාන බවක් තියනවා......හැබැයි ඉතින් ගේම් එක චුට්ටක් විතර පරණයි.........ඒ කිව්වේ ඉතින් නිකුත් වෙලා තියෙන්නේ 2005 වර්ෂයේ. ඒ නිසා ග්‍රැෆික් කොලිටියත් ඒ වර්ෂ වල නිකුත් වෙච්ච පරිගණක ක්‍රීඩාව ත්‍රිමාණකරනයට සමානයි. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ............
                                                  අර්නෙස්ටෝ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙක්. මොහුව ඇමරිකාවේ DEA ආයතනයෙන් විශේෂ මෙහෙයුමක යොදවනවා. නමුත් මේ මෙහෙයුම අතර තුරදී සැකසහිත ලෙස අර්නෙස්ටෝ මියයනවා. අර්නෙස්ටෝගෙ වැඩිමහල් පුතා වන ටොමී DEA ආයතනයේ නිලධාරියෙක් ලෙස මෙක්සිකෝවට යන්නේ සිය පියාගේ මරණයේ සුලමුල සොයාගැනීමටයි. නමුත් ඔහුගේ එම වෑයමත් නතර වන්නේ සිය පාදයක් අහමි වීමෙනුයි........ඒත් සමගම ටොමී තීරණය කරන්නේ සිය මෝඩ නිවුන් සහෝදරයා මෙක්සිකෝවට යවා සිය පියාගේ මරණයට සම්බන්ධ අය සොයාගැනීමටයි. ඔහුගේ නම් රැම්. මේත් සමගම පරිගණක ක්‍රීඩාව ආරම්භ වෙනවා..........................
                                                    gta වැනි free roam වර්ගයේ පරිගණක ක්‍රීඩාවලට කැමති අයනම් මේක අනිවාර්යෙන් බාගන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් gta වැනි පරිගණක ක්‍රීඩා වලට අකමැත්තක් දක්වන්නෙක් උනත් මම කියන්නේ මේක බාගන්න කියලා. කැමති අය පහලින් බාගන්නකෝ.


DOWNLOAD


ඔන්න මම කැපුනා. ඕක බලපු එක නිසාත්........මේ නත්තල නිසාත් මට කමෙන්ට් කටුවක් තෑගි කරන්න කියා මා ඉල්ලා සිටිනවා (කැමතිනම් හොඳේ).....................ඕං මං ගියා.........................

Monday, December 19, 2011

Ra One චිත්‍රපටයේ DVDRip දැන්ම බාගන්න

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අරගෙන ආවේ පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරඹුනු රා වන් චිත්‍රපටියේ DVDRip එක අරගෙන. වැඩි කතාවක් ඕනේ නෑනේ. අපි පෝස්ට් එකට බහිමු.
                                                   මම ඉතින් මේ චිත්‍රපටිය ගැන වැඩි හැඳින්වීමක් කරන්න අවශ්‍ය නෑනේ. සුපිරි නලු ශාරුක් ඛාන් රඟන මේ චිත්‍රපටිය තමයි මෙතෙක් ඉන්දියාවේ වැඩිම වියදමක් යොදා තැනූ චිත්‍රපටිය. චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් තම පුතා වෙනුවෙන් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් සිය ජීවිතය හා සම්බන්ධ කර ක්‍රීඩා කරන පියෙක් වටා ගෙතිලා තියනවා.
                                                   මේ දීලා තියන කොපි දෙකම DVDRip තත්වයේ තිබෙනවා. නමුත් 2GB කොපිය කොලිටිය අතින් 700MB කොපියට වඩා ගොඩක් හොඳ මට්ටමක තියනවා. ඒත් බලන්න අවුලක් නෑ. පහලින් බාගන්නකෝ.


2GB කොපිය මෙතනින් බාගන්න
700MB කොපිය මෙතනින් බාගන්න

ඔන්න එහෙනම් බාගෙන හොරාට යන්නේ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්ට හොඳේ.............................

Sunday, December 18, 2011

Secondhand Lions චිත්‍රපටය : වැඩකාරයෙක් වෙන්න වයස වැදගත්ද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?
                                                       වෝල්ටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. නමුත් ඔහුගේ අම්මා අමුතුම විදිහේ කාන්තාවක්. මෙයාගෙ අම්මගෙ වැඩේම රට වටේ ඇවිදින එක. ඉතින් එක ගිම්හාන නිවාඩුවකදී මේ අම්මා වෝල්ටර්ව ඇයගේ ටෙක්සාස් වල ගොවිපොළක වසන මාමලා දෙන්නෙක් ළඟ නවත්වලා යන්න තීරණය කරනවා. මේ මාමලා දෙන්නත් හරි අමුතුම අය. නිතරම ජොලියට වගේම වලියට බර, වැඩිය අමුත්තන් තමාගෙ නිවසට එනවට අකමැති විදිහේ දෙන්නෙක්. ඉතින් වෝල්ටර් තමාගේ මේ පිස්සු මාමලා දෙන්නත් එක්ක කොහොම ගිම්හානය ගත කරයිද කියලා බාගෙනම තමා බලන්න වෙන්නේ.
                                                         මම හිතන විදියට ඔයගොල්ලො අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වෙයි. මම කතාව සරළව කිව්වට මේ චිත්‍රපටියෙන් උගත යුතු පාඩම් විශාල වශයෙන් තියනවා. මේක IMDb රේටින් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටියේ IMDb පිටුවට මෙතනින් යන්න පුලුවන්.
                                                          මේ චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වෙච්ච නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් ටිකක් අඩුයි. මම මේ දාලා තියෙන්නේ සීඩ්ස් වැඩිම ටොරන්ට් එක. කස්ටිය පහළින් බාගන්නකෝ.



බාගන්න අමාරුයි සීඩ්ස් අඩුයි වගේ නම් කියන්න, මම ඩිරෙක්ට් ලින්ක් හොයලා දෙන්නම්. පුලුවන් නම් මේ ගැන ඔබේ අදහස දාගෙන යන්න.  ඒක මට ලොකු හයියක් හොඳේ.

Saturday, December 17, 2011

ඔබේ බ්ලොගයට ලස්සන Flash ලයිට් වැලක් දාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද...........ඔන්න අද මම අරගෙන ආවේ නත්තල් ස්පෙෂල් බඩුවක්. මේක ඇවිල්ලා බ්ලොග් ගැජට් එකක්. දැන් ඉතින් නත්තල් කාලෙත් ළඟ නිසා බ්ලොග් එක සරසන්න ගොඩ දෙනෙක් කැමති ඇතිනේ. මේකත් අන්න ඒ වගේ සැරසිල්ලක්. ඒ කිව්වේ ඉතින් මේක ෆ්ලෑෂ් ලයිට් වැලක්. හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ බඩ්ඩ කියලා.
                                                 කස්ටියට මගෙ බ්ලොගේ පැත්තකින් බැලුවොත් බලාගන්න පුලුවන් මේ ෆ්ලෑෂ් ලයිට් වැල. අන්න ඒක ඔයගොල්ලන්ගෙ බ්ලොග් එකට දාගන්න විදිහ තමා මම කියාදෙන්නෙ.

පලවන පියවර...Dashboard>>Layout යන්න
දෙවන පියවර...Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න
තෙවන පියවර... පහත කෝඩ් කැබැල්ල එහි ඇතුලත් කරන්න

<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></embed></object></div>

හරි දැන් ඔයගොල්ලන්ගේ බ්ලොගයටත් ලස්සනම ලස්සන ෆ්ලෑෂ් ලයිට් වැලක් තියනවා. මතක ඇතුව මේ ගැන අදහසකුත් දාගෙනම යන්නකෝ.

Friday, December 16, 2011

Justin Bieber ගේ Under The Mistletoe ගීත ඇල්බමය දැන්ම බාගන්න

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. පහුගිය දවස් ටිකේ හරියට බිසී වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්නවත් බුකිය පැත්තෙ යන්නවත් බැරිඋනා. අද බ්ලොගේ පැත්තෙ එනකොටයි දැක්කෙ ටෙම්ප්ලේට් එක අල වෙලා තියනවා. ඒ සැරේ හොයලා හොයලා මේ ටෙම්පා හොයාගත්තා. වැඩි වැඩ නැති ටිකක් චාම් විදිහෙ ටෙම්ප්ලේට් එකක්. ඒ නිසා දැන් බ්ලොගේ ඉක්මණට ලෝඩ් වෙනවත් එක්ක. හරි හරි ඒව ඔයගොල්ලන්ට වැඩක් නෑනේ. අපි කතාවට බහිමුකෝ.
                                                Justin Bieber ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මේක එයාගෙ අලුත්ම ඇල්බම් එක. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ නත්තල වෙනුවෙන්. ඔය පහල තියෙන්නේ මේකෙ තියන ගීත ගොනුව.


1 Only Thing I Ever Get for Christmas
2 Mistletoe
3 The Christmas Song (Chestnuts Roasting On an Open Fire) (feat. Usher)
4 Santa Claus Is Coming to Town
5 Fa la La (feat. Boyz II Men)
6 All I Want for Christmas Is You (Superfestive!) [Duet With Mariah Carey]
7 Drummer Boy (feat. Busta Rhymes)
8 Christmas Eve
9 All I Want Is You
10 Home This Christmas (feat. The Band Perry)
11 Silent Night
12 Christmas Love
13 Fa La La (feat. Boyz II Men) [A Cappella]
14 Pray
15 Someday At Christmas




ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලොත් මේක බලපු එකේ කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ.

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

|0 comments
කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි.


සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ
                                                     මුලින්ම අපි අපේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න ඕනේ. ඒක මෙතනින් බාගන්නකෝ. ඊලඟට අපිට අවශ්‍ය වෙනවා සිංහල උපසිරැසි නරඹන්න පුලුවන් ප්ලේයර් එකක්. ඒ සඳහා අපිට පහත ප්ලේයර් පාවිච්චි කරන්න පුලුවන්.


Gom player
Jet Audio
KM player
Media player classic(K-Lite codec pack)

Windows Media Player(K-Lite codec pack)
Winamp Media Player(K-Lite codec pack)


සාමාන්‍යයෙන් VLC Media Player එක සිංහල උපසිරැසි වලට සහය දක්වන්නේ නැහැ.


සිංහල උපසිරැසි චිත්‍රපටය සමග නැරඹීමට තිබිය යුත්තේ කොහේද?
                                            සිංහල උපසිරැසි ෆයිල් එක තිබිය යුත්තේ චිත්‍රපටය ඇති ෆෝල්ඩර් එකේමයි. චිත්‍රපට ගොනුවේ සහ උපසිරැසි ගොනුවේ නම සමාන විය යුතුයි.
උදා:- movie - sample.avi
      subtitle - sample.srt


ප්ලේයර් එකේ චිත්‍රපටිය නැරඹීම ආරම්භ කල විට උපසිරැසිත් ආරම්භ වේද?
                                            බොහෝ ප්ලේයර් වල චිත්‍රපටය ආරම්භ කල වහාම උපසිරැසිද ආරම්බ වේ. එබැවින් චිත්‍රපටිය පමණක් ප්ලේ කල යුතුය.


හ්ම්ම්.............මම හිතන්නේ කස්ටියට තේරෙන්න ඇති කියලා. යම් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහගන්න පුලුවන්. මේක ගැන ප්‍රශ්නයක් නැති අය උනත් කමෙන්ට් එකක් දැමීමේ වරදක් නෑ හොඳේ. ඕං එහෙනම් මං කැපුනා.................

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

|5 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.
                                          සිංහල උපසිරැසි හදන්න ක්‍රම කීපයක් තියනවා, හැබැයි ලේසිම ක්‍රමේ තමයි ඉංග්‍රීසි උපසිරැසි අරගෙන ඒවා සිංහලට හරවන එක. මුලින්ම අපිට අන්තර්ජාලෙන් අදාල චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න වෙනවා. දැන් ඒ බාගත්ත උපසිරැසි ෆයිල් එක නෝට්පෑඩ් ආධාරයෙන් ඕපන් කරගන්නකෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය පහල තියනවා වගේ මෙව්වා ටිකක්.



1
00:00:39,647 --> 00:00:42,605
Yes, Marlin. I see it. It's beautiful.

2
00:00:42,687 --> 00:00:45,406
So, Coral, when you said
you wanted an ocean view,

3
00:00:45,487 --> 00:00:49,082
you didn't think you were going
to get the whole ocean, did you?

4
00:00:52,087 --> 00:00:53,805
A fish can breathe out here.

දැන් ඉතින් හිටු කියලා ඔය ටික සිංහලට පරිවර්තනය කරන්න විතරයි. මෙතන තියෙන්නේ නම් ෆයින්ඩින් නීමෝ චිත්‍රපටියේ දෙබස් 4 විතරයි. තව 2000 විතර තියනවා. ඔච්චර මහන්සි වෙන්න අකමැති නම් ඉතින් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපටිය බලන එක විතරයි.
                                                   ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ පෝස්ට් එකේ හොඳ නරක කියාගෙනම යන්නකෝ.


ප.ලි.- සාමාන්‍ය වීඩියෝ ප්ලේයරයකින් සිංහල උපසිරැසි නරඹන ආකාරය හෙට බලාපොරොත්තු වෙන්න.


ප.ප.ලි.- ඉංග්‍රීසි උපසිරැසි බාගන්න පහත අඩවි පාවිච්චි කරන්න
              All4Divx
              SubScene
              OpenSubtitles

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

|0 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................
                                                අපි දන්නවානේ සමහර අඩවි වල ලියාපදිංචි වෙන්න ඊමේල් ලිපිනයක් අවශ්‍ය බව. සමහර වෙලාවට අපිට බොරු ඊමේල් ලිපිනයක් පාවිච්චි කරන්නත් බැරිවෙන අවස්ථා ඇතිවෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා විනාඩි දහයකට වලංගු වෙන ඊමේල් ලිපිනයක් හදාගන්න පුලුවන්. කැමති නම් තව විනාඩි දහයක් වැඩිපුර ගන්න උනත් පුලුවන්. එහෙනම් මෙතන ඔබලා එම අඩවියට ගිහින්ම බලන්නකෝ.
මේ රූපය බැලුවාම මේ අඩවිය පාවිච්චි කරන හැටි දැනගන්න පුලුවන්
                                                   ඔන්න එහෙනම් මම කැපුනා. අමතක නොකර මේ පෝස්ට් එක ගැන අදහසක් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.......................

Friday, December 2, 2011

AVG Internet Security 2012 දැන්ම බාගන්න

|2 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. දැන් ඉතින් කස්ටිය බලයි මම දෙන්නේ වයිරස් ගාඩ් විතරයිද කියලා. මේක ඉල්ලුවේ අපේ පසන් කොලුවානේ. අනිත් එක තමා ඉතින් වයිරස් ගාඩ් දෙකක්ම දුන්නට මට AVG ඇන්ටිවයිරස් මෘදුකාංගය දෙන්න බැරිවෙච්ච හින්දා තමා දෙන්න හිතුවේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                    මේකත් ටොරන්ට් එකක්. ටොරන්ට් බාන එක ඉතින් විශ්වාසවන්තයිනේ. මේ ටොරන්ට් එකේ සීරියල් කී සේරම අඩංගුයි. මේක ක්‍රැක් කලාට පස්සේ 2018 වෙනකම් සුපිරියට වැඩ. වැඩි කතා ඕනේ නෑ, පහලින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න


තව දෙයක් මේක වැඩ කරන්නේ 32 බිට් සහ 64 බිට් පරිගණක වල විතරයි හොඳේ. ඔන්න එහෙනම් බාගෙන ඔයාලගෙ වෙලාවෙන් තත්පරයක් වියදම් කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. මට රෑට නිදාගන්නත් එක්කම. ඕං මං ගියා..........................................

Tuesday, November 29, 2011

මෙන්න බාගන්න Antivirus මෘදුකාංග දෙකක්ම

|2 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් අරගෙන ආවේ අපේ අන්තර්ජාලය භාවිත කරන අයට වටින සුපිරි බඩ්ඩක්. එක බඩ්ඩක් නෙවෙයි. බඩු කෑලි දෙකක්ම. එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ. මම මේ වයිරස් ගාඩ් දෙක ගැන හඳුන්වා දෙන්නම්.
                                               මේ වයිරස් ගාඩ් වර්ග දෙක තමා Avasta Internet Seurity හා BitDefender 2012 යන වයිරස් ගාඩ් දෙක. වැඩි කතා බතා ඕනේ නෑනේ. පහල ඇති ටොරන්ට් ලින්ක් වලින් බාගන්නකෝ. ටොරන්ට් බාගන්න ස්ථානවලම මේ ටොරන්ට් ක්‍රැක් කරන ආකාරය පිලිබඳව ඇති. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පහලින් බාගන්නකෝ.


Avasta Internet Security
BitDefender 2012

ඔන්න එහෙනම් මම ඔයගොල්ලන්ට වයිරස් ගාඩ් දෙකකුත් දුන්නා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ..........................

Monday, November 28, 2011

DVD එකක් හදන්න පට්ටම සොෆ්ට්වෙයාර් එකක්

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් ගෙනාවේ චිත්‍රපටියක්වත් ගේම් එකක්වත් නෙවේ. අද ගෙනාවේ පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක නිකන් දෙන එකක් හෙම නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න ඕනෙ එකක්. ඒත් ඉතින් ඕවට ගෙවන්නෙ මොකටද නිකන්ම ගන්න තියෙද්දි. එහෙනම් බලමුකෝ මේ සොෆ්ට්වෙයාර් එක ගැන.
                                           මේකෙ නම Xilisoft DVD Creator. මේකෙන් අපිට කරන්න පුලුවන් ඩීවීඩී එකක් බර්න් කරන්න විතරක්ම නෙවේ. ඩීවීඩී වලට මෙනු හදන්න වගේ වැඩ කෝටියක් කරන්න පුලුවන්. පාවිච්චියටත් ලේසියි. බාගෙනම බලන්නකෝ.


Download Now


හරි එහෙනම් මම කැපුනා. සොෆ්ට්වෙයාර් එක හිතට ඇල්ලුවොත් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා..........................

Sunday, November 27, 2011

Fright Night චිත්‍රපටය......බලනවනම් මෙන්න නියම Horror

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ සැරේ මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ 2011 වර්ෂයේ අගෝස්තු මාසේ නිකුත් වෙච්ච හොරර් ෆිල්ම් එකක්. මේක තමා මේ බ්ලොග් එකෙන් හඳුන්වා දෙන ප්‍රථම හොරර් ෆිල්ම් එක. ඒකට හේතුව තමා පුද්ගලිකට මම හොරර් ෆිල්ම් වලට අකමැති වීම. නමුත් මේ චිත්‍රපටියේ තේමාව දැක්කහම මට හිතුනා මේ චිත්‍රපටය ඔයගොල්ලන්ට නොදී බැහැ කියලා. එහෙනම් බලලා ඉමුකෝ.
                                                 චාලි කියන්නේ සාමාන්‍ය තරුණයෙක්. මොහුගේ නවතම අසල්වැසියාගේ නම ජෙරී. ටික කලක් යනවිට චාලිට දැනගන්න ලැබෙනවා ජෙරී කියන්නේ වැම්පයරයෙක් බව. නමුත් ඔහුව කිසිවෙකු විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඔහු මේ වැම්පයරයා කොහොම නවත්තයිද? ඔහුට ලැබෙන අභියෝගය ඔහු සාර්ථකව ඉටු කරයිද කියා දැනගැනීමට නම් වෙන්නේ චිත්‍රපටය බලලාම තමා.
                                                   තව දෙයක් තියනවා, මේ චිත්‍රපටය 1985 නිකුත් වෙච්ච චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඇති බිහිසුණු දර්ශන නිසා මේ චිත්‍රපටය වැඩිහියන් පමණක් බැලුවොත් හොඳයි. IMDb රේටින් 6.8 ලබාගෙන තිබෙනවා. ඩ්‍රැකියුලා වගේ චිත්‍රපටි නරඹපු, ඒවා ප්‍රිය කරන අය අනිවාර්යෙන්ම බාගෙන බැලිය යුතු චිත්‍රපටියක් කියලා තමා කියන්න වෙන්නේ. පහලින් බාගන්නකෝ.


Download Now

ඔන්න චිත්‍රපටිය බැලුව වගේ නෙවේ, කමෙන්ට් කටුවක් එහෙම කොටාගෙන නොගියොත් මටත් වැම්පයර් කෙනෙක් වෙන්න තමා වෙන්නේ. ඕං එහෙනම් මං ගියා.................................

Saturday, November 26, 2011

Immortals නවතම චිත්‍රපටය දැන්ම බාගන්න

|1 comments
හායි කස්ටිය කොහොමද ඉතින් සැප සනීප එහෙම. ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටියක් ගැන අරගෙන. මේක එසේමෙසේ චිත්‍රපටියක් එහෙම නෙවෙයි තාම සිනමා ශාලාවල තිරගත වෙන චිත්‍රපටියක්. ඕව බලන්න සිනමාශාලා ගානේ රස්තියාදු නොවී දැන්ම බාගන්නකෝ.
                                            මේ චිත්‍රපටිය තිරගත වෙන්න පටන් ගත්තේ 2011.11.11 ඔව්, ඒ කියන්නේ මේ මාසේ තමා. මේ වන විට ආදායම් වාර්තා අතර තෙවන තැන සිටින මෙම චිත්‍රපටය මේ වනවිට ලබා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 53.1 වේ. මෙය මේ වනවිට IMDb රේටින් 6.8 ලබාගත හැක.
                                            මේ චිත්‍රපටිය මම තාම බාගනිමින් ඉන්නේ. ඒ නිසා කතාව ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ චිත්‍රපටයේ IMDb පිටුවට ගියොත් මේ චිත්‍රපටියේ අලගිය මුලගිය තැන් හැම එකක්ම දැනගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්නකො.
                                                                    මේ කොපියේ තත්වය DVDScr. හැබැයි බලන්න හොඳ තත්වයක තියනවා කියලා නම් කියන්න පුලුවන්. කැමරා කොපියකට වඩා නම් ගොඩක් හොඳයි. පහළින් බාගන්නකෝ.


Download Now

හොඳයි ඔන්න එහෙනම් මම ඔයගොල්ලන්ට අලුත්ම චිත්‍රපටියකුත් දුන්නා. එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකකුත් දාගෙනම කැපෙන්නකෝ.


Update : මෙම චිත්‍රපටයේ R5 පිටපත මෙතනින් බාගන්න පුලුවන්. මෙම පිටපතේ වීඩීයෝ කොලිටිය නම් DVDRip එකක් තරමටම තියනවා. සවුන්ඩ්ස් නම් එච්චරම නෑ. ඒත් බලන්න පුලුවන්.

Friday, November 25, 2011

යූටියුබ් වෙබ් අඩවියේ හොඳම ගීත 100 බාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අද නම් මම අරගෙ ආවෙ හැමදාම අරගෙන එනවා වගේ ගේම් එකක්වත් චිත්‍රපටියක්වත් නෙවෙයි. යූටියුබ් වෙබ් අඩවියේ ඇති ජනප්‍රියම සින්දු 100 mp3 විදිහට තියන ටොරන්ට් එකක් අරගෙන. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                 අමුතුවෙන් බහින්න දෙයක් නෑ. මෙගාබයිට් 750ක ටොරන්ට් එකක් තියෙන්නේ. තාම ටොරන්ට් බාන්න නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනේ. පහල තියනවා මේ ටොරන්ට් එකේ තියන සින්දු 100.


01. LMFAO - Sexy And I Know It
02. Justin Bieber ΓΓ�¼ΓÇ£ Mistletoe
03. SNSD Girls Generation - The boys
04. Adele - Someone Like You
05. Rihanna - We Found Love ft. Calvin Harris
06. LMFAO Ft. Lauren Bennett & Goon Rock - Party Rock Anthem
07. Pitbull ft. Marc Anthony - Rain Over Me
08. Maroon 5 ft. Christina Aguilera - Moves Like Jagger
09. Nicki Minaj - Super Bass
10. David Guetta ft. Usher - Without You
11. Don Omar - Danza Kuduro (ft. Lucenzo)
12. Britney Spears ΓΓé¼ΓÇ£ Criminal
13. Coldplay ΓΓé¼ΓÇ£ Paradise
14. Adele - Rolling In The Deep
15. Beyonce - Love On Top
16. Justin Bieber ft. Ludacris ΓΓé¼ΓÇ£ Baby
17. Jennifer Lopez ft. Pitbull - On the Floor
18. Shakira - Waka Waka (Time for Africa)
19. Adele - Set Fire To The Rain
20. Bruno Mars - The Lazy Song
21. Pitbull ft. Ne-Yo & Afrojack - Give Me Everything
22. Gym Class Heroes ft. Adam Levine - Stereo Hearts
23. Katy Perry - Last Friday Night (T.G.I.F.)
24. Selena Gomez & The Scene - Love You Like a Love Song
25. Kelly Rowland - Lay It On Me feat. Big Sean
26. Lil Wayne - How To Love (Shazam Version)
27. Alexandra Stan - Mr. Saxobeat
28. David Guetta feat. Sia ΓΓé¼ΓÇ£ Titanium
29. Foster The People - Pumped Up Kicks
30. Rihanna ft. Avril Lavigne - Cheers (Drink To That)
31. Dj Dori - SEX On The Beach
32. Mindless Behavior ft. Diggy Simmons - Mrs. Right
33. Britney Spears - I Wanna Go
34. Rihanna - Man Down
35. David Guetta - Where Dem Girls At (ft. Flo Rida & Nicki Minaj)
36. Beyonce ΓΓé¼ΓÇ£ Countdown
37. Kelly Rowland - Down For Whatever
38. Drake ΓΓé¼ΓÇ£ Headlines
39. Jason Derulo - It Girl
40. Avril Lavigne - Wish You Were Here
41. Justin Bieber - Never Say Never (Feat. Jaden Smith)
42. Sean Paul ft. Alexis Jordan - Got 2 Luv U
43. LMFAO feat. Natalia Kills - Champagne Showers
44. Shakira Feat. El Cata - Loca (Spanish Version)
45. 009 Sound System - With A Spirit
46. Eminem - Not Afraid
47. Eminem Feat. Rihanna - Love The Way You Lie
48. Jessie J - Price Tag
49. David Guetta Ft Taio Cruz - Little Bad Girl
50. Nicki Minaj ft. Rihanna ΓΓé¼ΓÇ£ Fly
51. Sak Noel - Loca People
52. LLEGAMOS A LA DISCO ©2011 EL CARTEL RECORDS
53. Shakira Feat. Pitbull - Rabiosa (English Version)
54. Labrinth Ft. Tinie Tempah ΓΓé¼ΓÇ£ Earthquake
55. Katy Perry ΓΓé¼ΓÇ£ Firework
56. Skrillex - Scary Monsters and Nice Sprites
57. Bollywood - Kaliyon Ka Chman
58. One Direction - What Makes You Beautiful
59. Michel Telo - Ai Se Eu Te Pego
60. Beyonce - Best Thing I Never Had
61. Chris Brown ft. Justin Bieber - Next To You
62. Beyonce - Girls (Who Run The World)
63. Shake It Up - Watch Me
64. Rihanna - California King Bed
65. Jennifer Lopez ΓΓé¼ΓÇ£ Papi
66. Bruno Mars - Just The Way You Are
67. Cher Lloyd feat. Mike Posner - With Ur Love
68. Jessie J - Who You Are
69. Snoop Dogg vs. David Guetta - Sweat (Remix)
70. LMFAO Ft. Lil Jon ΓΓé¼ΓÇ£ Shots
71. Nicole Scherzinger ΓΓé¼ΓÇ£ Wet
72. Daddy Yankee Ft. Prince Royce - Ven Conmigo
73. Selena Gomez & The Scene - Who Says
74. Bruno Mars ΓΓé¼ΓÇ£ Grenade
75. Skrillex - First Of The Year (Equinox)
76. Christina Perri - Jar Of Hearts
77. Chino & Nacho - El Poeta
78. Romeo Santos ft. Usher Raymond ΓΓé¼ΓÇ£ Promise
79. Super Junior - Mr. Simple
80. Katy Perry ft. Kanye West - E.T.
81. Chris Brown - Look at Me Now (feat. Busta Rhymes & Lil Wayne)
82. Bad Meets Evil feat. Bruno Mars ΓΓé¼ΓÇ£ Lighters
83. Justin Bieber - Love Me
84. Bruno Mars - It Will Rain
85. Cobra Starship - You Make Me Feel
86. Nero - Crush On You
87. Lady Gaga - You & I
88. Rihanna - Only Girl (In The World)
89. J. Cole - Work Out
90. Jennifer Lopez ft Lil Wayne - Im Into You
91. Cali Swag District - Teach Me How To Dougie
92. Jason DeRulo - Don\'t Wanna Go Home
93. Drake - Marvins Room
94. Beyonce - Single Ladies (Put A Ring On It)
95. Demi Lovato ΓΓé¼ΓÇ£ Skyscraper
96. Lady GaGa - Bad Romance
97. Don Omar ΓΓé¼ΓÇ£ Taboo
98. Pitbull - Bon Bon
99. Taio Cruz ΓΓé¼ΓÇ£ Dynamite
100. Freesol - Role Model ft. Justin Timerlake
101. Rihanna - We Found Love (Audio) ft. Calvin Harris


DOWNLOAD NOW


ඔන්න එහෙනම් මම කැපුනා. සින්දු ටික අහලා කමෙන්ට් එකකුත් දාලා මාව දිරිගන්නවන්න කියලා ආයාචනාවකුත් කරමින් ඔන්න මම කැපෙනවා.


ප.ලි._මේ සියලුම ගීත 2011 වර්ෂයේ ජනප්‍රියම ගීත බව කරුණාවෙන් සලකන්න

Thursday, November 17, 2011

Need For Speed The Run පරිගණක ක්‍රීඩාව...:D

|0 comments
ඔන්න යාලුවනේ අදත් මම අරගෙන ආවේ උණු උණු ගේම් එකක්. මේක මේ නොවැම්බර් මාසේ නිකුත් වෙච්ච අලුත්ම එන්.එෆ්.එස් ගේම් එක. පරිගණක ක්‍රීඩා ලෝලීන් නම් මේක ගැන දන්නවා ඇතිනේ. මේ දවස් ටිකේ අභාගෙ හින්දා පෝස්ට් එකක් දාන්නත් බැරිවෙච්ච එකේ ඒ සේරටම හරියන්න තමා මේක ගෙනාවේ. කියවලාම බලන්නකෝ.
                                                  වැඩිය කතාවක් ඕනේ නෑනේ Need For Speed කිව්වාම කවුරුත් දන්නවනේ. මේක අලුත්ම ගේම් එක මේක තමා. ඔන්න මට හම්බවෙච්ච ගමන්ම ඔයගොල්ලන්ට ගෙනාවා. රේසින් ගේම් ප්‍රියකරන අය අනිවාර්යෙන්ම ක්‍රීඩා කල යුතු ක්‍රීඩාවක් කියලා තමා කියන්න තියෙන්නේ. පහලින් බාගන්නකෝ. ටොරන්ට් එකේ සයිස් එක නම් 14.96gb. ඒ හින්දා හිමින් හිමින් තමා බාගන්න වෙන්නේ. ඒත් පාඩුවක් නැතිවෙයි. මොකද මේක ලංකාවට එනකොට තව මාසයක්වත් යයි. පහලින් බාගන්නකෝ.




මෙතනින් බාගන්න


ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.....................

Saturday, November 12, 2011

Zookeeper : සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි අලකලංචි

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ මම බලපු ලස්සන චිත්‍රපටියක් අරගෙන. මම වගේ චිත්‍රපටි පිස්සෙක් නම් මේ චිත්‍රපටය ඔබ අනිවාර්යෙන්ම නරඹන්න ඕනේ. එහෙම නැතත් කමක් නෑ ඉතින්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                   ග්‍රිෆින් කියන්නේ සාමාන්‍ය සූකීපර් කෙනෙක්. ඒවගේම ආදරයෙන් පැරදිච්ච කෙනෙක්. ඔහු තමාගෙ පෙම්වතිය අතහැර ගිහින් වසර පහක් ගතවුනත් සිතන්නේ ඇය ගැනමයි. නමුත් අවුරුදු පහකට පස්සේ ඔහුට ඇයව හමුවෙනවා. ඇය ග්‍රිෆින්ට සූකීපර් රැකියාවෙන් ඉවත් වීමට පවසනවා. ඒත් ඔහු තමා වඩාත් ආදරය කරන රැකියාවෙන් ඉවත්වනවාදැයි සිතනවා. මෙවිට ඔහුට උදව් කරන්න බාරගන්නේ.........................
                                                      ඔය හිස්තැන පුරවගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මම කිව්වොත් හරි නෑනේ. මම ආයිත් කියන්නේ ඔබ චිත්‍රපටි රසිකයෙක් නම් මේ චිත්‍රපටිය බලන්නම ඕනේ. මේ චිත්‍රපටිය IMDb රේටින් වල 4.7 අගයක් ලබාගෙන තියනවා. හැබැයි පුද්ගලිකව මම මේ අගයට ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ. ඔන්න ඔයාලත් බාගෙනම බලන්නකෝ. තව දෙයක් මේ චිත්‍රපටිය Night At The Museum චිත්‍රපටියටත් තරමක් සමානයි.


මෙතනින් බාගන්න


එහෙනම් මම අදට යනවා. ඔයගොල්ලොත් මේක බලලා නිකන්ම නොගිහින් කමෙන්ට් එකක් දාලා සහය වෙයි කියලා හිතනවා. ඕං මං ගියා..........................................

Monday, November 7, 2011

Sonic Generations පරිගණක ක්‍රීඩාව

|0 comments
හලෝ කට්ටිය කොහොමැයි ඉතින්. ඔන්න අදත් මම ආවේ සුපිරි පරිගණක ක්‍රීඩාවක් අරගෙන. මතකද අපි ආසාවෙන් බලපු සොනික් කාටුන් එක. අන්න ඒ කාටුන් එක පාදක කරගෙන නිර්මාණය වුනු පරිගණක ක්‍රීඩාවක් ගැන දන්නවද? අන්න ඒ පරිගණක ක්‍රීඩාව තමා මේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                   සොනික් ගැන හදපු පලවෙනි පරිගණක ක්‍රීඩාව මේක නෙවේ. මීට කලින් ගොඩක් සොනික් ගේම්ස් නිර්මාණය වෙලා තියනවා. නමුත් මේක තමා අලුත්ම එක. සොනික් ගැන නම් අපි කවුරුත් දන්නවනේ. අර අධි වේගයෙන් දුවන්න පුලුවන් නිල් පාට ඉත්තෑවා තමා සොනික් කියන්නේ. මමත් මොනවා කියනවද මන්දා සොනික් ගැන නොදන්න කෙනෙක් ඉන්නවයෑ. එහෙනම් මේ ගේම් එක සොනික්ට කැමති හැමෝම මේ ගේම් එක බාගනියි කියලා හිතනවා. කැමති අය පහලින් බාගන්නකෝ.


ඔන්න එහෙනම් අපි ගියා. කස්ටිය බලලා නිකන්ම යන්නේ නැතුව කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්නකෝ.

Sunday, November 6, 2011

GTA V (Five) පළමු පෙරදසුන නිකුත්වේ

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අද මම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් වෙන්න තියන ජීවීඒ ෆයිව් පරිගනක ක්‍රීඩාවේ විස්තර ටිකක් අරගෙන. එහෙනම් බලලාම ඉමු නේන මොකක්ද මේ අලුත් ගේම් එකේ විශේෂත්වය කියලා.
                                             මේ ගේම් එකේ පලමු පෙරදසුන නිකුත් උනේ මීට දවස් දෙක තුනකට කලින්. මට හම්බවෙච්ච ගමන්ම තමයි මේකත් අරගෙන බ්ලොග් එක පැත්තේ ආවේ. මම මේ ගේම් එක ගැන කියනවාට වඩා ඔයගොල්ලො පලමු පෙරදසුන (first trailer) එක බලලාම ගේම් එක ගැන හිතාගන්න එක තමා හොඳ. පහලින් බලන්නකෝ. මමනම් කියන්නේ ඩවුන්ලෝඩ් කරගෙනම බලන එක තමා හොඳ. වීඩියෝ එක HD නිසා සයිස් එක නම් 60mb විතර වෙනවා. කැමති අය බාගෙන බලන්නකෝ.



එහෙනම් මම කැපුනා. රිලීස් වෙච්ච ගමන් ගේම් එකත් දෙන්නම්කෝ. ඕං මම ගියා.

Wednesday, November 2, 2011

සතුන්ට ආදරය කරන ඔබ සඳහාම තැනුනු Sims 3 Pets ක්‍රීඩාව

|0 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න ගොඩ දවසකට පස්සේ ආයිත් මම ආවා. පහුගිය දවස් ටිකේ හරිම බිසී. හරි හරි ඒවගෙන් වැඩක් නෑ. ඔන්න අදත් මම ආවේ තමත් සුපිරි සිම්ස් වර්ගයේ ක්‍රීඩාවක් අරගෙන. මම මීට කලිනුත් සිම්ස් ක්‍රීඩා දෙකක්ම දුන්න. බැලුවෙ නැති අය පහලින් බලන්නකෝ.
Sims 2 Castaway
Sims 3 Town Life Stuff
හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ අලුත්ම සිම්ස් ක්‍රීඩාව කියලා.
                                      මේක අනිත් සියලුම සිම්ස් ක්‍රීඩාවලට වඩා වෙනස්ම විදිහක ගේම් එකක්. මේ ගේම් එක පුරාම අපිට සුරතල් සතුන් මිලදී ගන්න , ඔවුන්ව අලංකාර කරන්න වැනි ක්‍රියා ගොඩක් තියනවා. අඩුගානේ ඔයගොල්ලො එක සිම්ස් ක්‍රීඩාවක් හරි ප්ලේ කරලා තියනවා නම් මේක බාගන්න දෙපාරක් හිතන එකක් නෑ. තව කියන්න තරම් දෙයක් නෑ ඉතින්. සිම්ස් 3 අලුත්ම ක්‍රීඩාව වෙන මේක


මෙතනින් බාගන්න
ටොරන්ට් බාන්න දන්නෙ නැත්නම් මෙතන ඔබන්න


හරි එහෙනම් මම කැපෙනවා. කස්ටිය බාගෙන කමෙන්ට් එකක් දාන්නෙ නැතුව නම් යන්න එපා. පොඩි එකාගෙ ආසාවනේ කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Friday, October 28, 2011

Captian America : The First Avenger චිත්‍රපටය

|0 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් මම ආවා පට්ට චිත්‍රපටියක් අරගෙන. මේ දවස් ටිකේ වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්නත් බැරිවුනානේ. ඔන්න ඒකටත් සමාව ඉල්ලලා වැඩේට බහිනවා.
                                                  හැමෝම දන්න සුපිරි වීරයන් ගොඩ දෙනක්ගේ නිර්මාතෘවරුන් වන මාවල් ස්ටුඩියෝස් ආයතනයම තමා මේ චිත්‍රපටියත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙනම් මම චිත්‍රපටියේ කතාවත් චුට්ටක් කියන්නම්කෝ.
                                                 නිව්යෝක් නගරය ආසන්නයේ හිම මිදෙන මුහුදක ගවේෂන කණ්ඩායමක් යමක් සොයනවා. ඔවුන්ට හමුවෙන්නේ ඉතා පරණ ගුවන් යානයක්. ඉතින් මේ ගුවන් යානය මොකක්ද? ඒක කොහොමද මෙතනට ආවේ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලබාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. පහලින් බාගෙනම බලන්නකෝ.


මෙතනින් බාගන්න

ඔන්න මම කැපෙනවා. චිත්‍රපටිය බලලා අදහසක් දාගෙනම යන්නකෝ.

Sunday, October 23, 2011

Super 8 චිත්‍රපටිය බාගෙන බලමුද?

|0 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න අදත් මම අරගෙන ආවා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටියක්. මැක්සා චිත්‍රපටි බලන්න කැමති අයට මේ චිත්‍රපටිය ඉහටත් උඩින් ගැලපෙනවා. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                     මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න ස්ටීවන් ස්පිල්බර්ග්. ජුරාසික් පාක්, ට්‍රාන්ස්ෆෝර්මර්ස් වගේ චිත්‍රපටි ගොඩක නිෂ්පාදකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. ඒකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ.
                                                     මම මේ චිත්‍රපටියෙ කතාව ගැන කියන්නේ නෑ. මොකද මම මේ චිත්‍රපටිය ගැන කියන එක වචනෙනුත් චිත්‍රපටියෙ රසය අඩුවෙන්න පුලුවන්. චිත්‍රපටිය ගැන සැකයක් තියාගන්න එපා. මොකද මේක මම බලපු සිරාම චිත්‍රපටියක්. මුල ඉඳලම ලස්සනට කතාව ගලාගෙන යනවා. බාගෙන බැලුවට පාඩුවක් නම් නැතිවෙයි. කැමති අය පහලින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න


එහෙනම් මම කැපුනා. විවේකව චිත්‍රපටිය බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

Saturday, October 22, 2011

ටවුමක් හදන්න කැමතිද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ දවස් ටිකේ පෝස්ට් වැටෙන්නෙත් හරි අඩුවෙන්. බ්ලොග් එක පැත්තේ එන්නත් වෙලාවක් නෑ. දවසට එන හිට්ස් ප්‍රමාණෙත් හෝ ගාලා වැඩිවෙනවා. සන්තෝසේ බැරුවා. ඔන්න එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ ටවුමක් හදන කේස් එක කියලා.
                                                කස්ටිය මාතෘකාව දැක්ක ගමන් බලනවා ඇති මොකක්ද මේ හරුපේ කියලා. අපි කොහොමද ටවුමක් හදන්නේ කියලා. මේකත් ගේම් එකක්. මම කලින් දීපු 

A Game of Thrones Genesis ගේම් එකටත් හිට්ස් ගොඩක් ඇවිල්ලා හින්දා මම හිතුවා ඒ වගේම ඊට වඩා හොඳ ස්ට්‍රැටජි ගේම් එකක් දෙන්න. එහෙම හොයන කොට මට මේක හම්බ උනා. මේකෙ නම Cities XL 2012. මේකෙ අපිට කැමති ප්‍රමාණේ කැමති විදිහේ ටවුන් හදන්න පුලුවන්. මමත් මේක දැක්ක ගමන් බෑවෙන්න දැම්මා. ඔයගොල්ලොත් පහලින් බාගන්න.



එහෙනම් මම කැපුනා. බාගෙන ගේම් එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාගෙන ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න