Search This Blog

Friday, December 30, 2011

2011 වර්ෂයේ අවසානය සහ 2012 වර්ෂයේ ආරම්භය

|2 comments
අවුරුද්දකුත් ගෙවිලා ගියා නේද...........දන්නෙම නැතුව. නව අවුරුද්දකුත් ආරම්භ වෙනවා.........මොහොතකටවත් හිතුවද මේ අවුරුද්දේ තමන් අතින් වෙච්ච වැරදි ගැන, ඒවා නිවැරදි කරගන්න විදිය ගැන...........අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්නේ, ඉතින් තමන්ගේ වැරදි නිවැරදි කර නොගත්තොත් කොහොමද ඒක අලුත් වෙන්නේ...............මේක මටත් ලෝවාසී සියලු දෙනාටමත් එකසේ පොදු දෙයක්...............වචන සිය ගානකින් කිව යුතු දෙයක් තමයි වාක්‍ය දහයකට පමණ පෙරලා ලිව්වේ.............ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!


ප.ලි:-හිතට ආ සිතුවිල්ලකි. අදහසක් දාගෙනම යන්න

Tuesday, December 27, 2011

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

|2 comments
හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
                                                 යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන ආවේ ඉතා ලේසියෙන්ම කීප් ටියුබ් භාවිතා කර යූටියුබ් වීඩියෝ බාගන්න හැටි කියලා දෙන්න. මේ අය අතර මේ ගැන දන්න අයත් ඇති. මේ නොදන්න අය වෙනුවෙන්.
                                                කීප්ටියුබ් භාවිතා කරන්න හරි ලේසියි. කරන්න තියෙන්නේ තමන් කැමති යූටියුබ් වීඩියොවේ ලින්ක් එක ඉස්සරහට keep කියන කෑල්ල ඇඩ් කරන එක විතරයි.
උදා.....යූටියුබ් ලිංකුව:-http://www.youtube.com/watch?v=GRyD9aBlXZs
කීප්ටියුබ් භාගත ලිංකුව:-http://www.keepyoutube.com/watch?v=GRyD9aBlXZs

මේ කීප් ටියුබ් ගැන වැඩි විස්තර සියල්ලක්ම මෙතනින් ලබාගන්න පුලුවන්.


දැක්කනේ හරිම ලේසි වැඩක්......මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ.

Sunday, December 25, 2011

සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා

|0 comments
ඕං ඉතින් නත්තලත් ලැබුවා. ඉතින් එහෙනම් නත්තල සමරන සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් තෑගි දෙන්න.
                                                       මම මේ පාර නත්තල් තෑග්ග විදිහට දෙන්න තීරණය කලේ නත්තල පිළිබඳව නිර්මාණය කරපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. නත්තල සැබෑ අරුත කුමක්ද යන්න මේ චිත්‍රපටිය මගින් ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ලෝකේ වටිනාම දෙය විශ්වාසය බවත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. මේ චිත්‍රපටයේ නම The Polar Express.
                                                       ස්ටීවන් කියලා ළමයෙක් ඉන්නවා නත්තල් සීයා ගැන විශ්වාස නොකරන. ඔහු හිතන්නේ නත්තල් සීයා කියන්නේ සිතින් මවාගත් බොරුවක් කියලයි. ඉතින් නත්තල් දවසේ රෑ මෙයාට අරුම පුදුම මැජික් කෝච්චියකට නගින්න ලැබෙනවා. මේක යන්නේ නත්තල් සීයාගේ ගෙදරට. ඉතින් මේ කෝච්චිය තුළදී ස්ටීවන්ට මුහුණ පාන්න සිදුවෙන දේවල් ගැන මේ චිත්‍රපටයේ දිගහැරෙනවා. ත්‍රාසය, දුක, සතුට හැම දෙයක්ම මේ චිත්‍රපටිය තුළ දිගහැරෙනවා.


මේ නිවාඩු සමය නිසා පවුලේ සැමට එකට ඉඳගෙන මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්


මෙතනින් බාගන්න

මේ පෝස්ට් එක නම් ලිව්වේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කිරීමයි මෙහි එකම අරමුණ. එහෙනම් මම යනවා.....හොහ්......හොහ්........හෝ


       ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

Saturday, December 24, 2011

YouTube වලින් චිත්‍රපටි බලමු

|0 comments
ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත් යූටියුබ් වලින් හඳුන්වා දීපු පහසුකම මගින් චිත්‍රපටිය පැය දෙකක් උනත් එක දිගට බලන්න පුලුවන්. සමහරු මේ පහසුකම දැන දැනටමත් දන්නවා ඇති. ඒත් මේ තාමත් ඒ ගැන නොදන්න අය වෙනුවෙන්...............එහෙනම් ඉතින් තව කතා වැඩක් නෑනේ, මෙතන ඔබලා ඔයගොල්ලොම ගිහින් බලන්නකෝ. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Friday, December 23, 2011

Total Overdose පරිගණක ක්‍රීඩාව : ඔබට හිතේවි ඔබ චිත්‍රපටියක් බලනවා කියලා

|0 comments
හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර වර්ණනා කරන හින්දාවත් බලන්නකෝ.
                                                 මම මෙච්චර මේ ගේම් එක ගැන වර්ණනා කරන්න හේතුවක් තියනවා. මේ පරිගණක ක්‍රීඩාවේ කතාවත් ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටියක කතාවකට සමාන බවක් තියනවා......හැබැයි ඉතින් ගේම් එක චුට්ටක් විතර පරණයි.........ඒ කිව්වේ ඉතින් නිකුත් වෙලා තියෙන්නේ 2005 වර්ෂයේ. ඒ නිසා ග්‍රැෆික් කොලිටියත් ඒ වර්ෂ වල නිකුත් වෙච්ච පරිගණක ක්‍රීඩාව ත්‍රිමාණකරනයට සමානයි. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ............
                                                  අර්නෙස්ටෝ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙක්. මොහුව ඇමරිකාවේ DEA ආයතනයෙන් විශේෂ මෙහෙයුමක යොදවනවා. නමුත් මේ මෙහෙයුම අතර තුරදී සැකසහිත ලෙස අර්නෙස්ටෝ මියයනවා. අර්නෙස්ටෝගෙ වැඩිමහල් පුතා වන ටොමී DEA ආයතනයේ නිලධාරියෙක් ලෙස මෙක්සිකෝවට යන්නේ සිය පියාගේ මරණයේ සුලමුල සොයාගැනීමටයි. නමුත් ඔහුගේ එම වෑයමත් නතර වන්නේ සිය පාදයක් අහමි වීමෙනුයි........ඒත් සමගම ටොමී තීරණය කරන්නේ සිය මෝඩ නිවුන් සහෝදරයා මෙක්සිකෝවට යවා සිය පියාගේ මරණයට සම්බන්ධ අය සොයාගැනීමටයි. ඔහුගේ නම් රැම්. මේත් සමගම පරිගණක ක්‍රීඩාව ආරම්භ වෙනවා..........................
                                                    gta වැනි free roam වර්ගයේ පරිගණක ක්‍රීඩාවලට කැමති අයනම් මේක අනිවාර්යෙන් බාගන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් gta වැනි පරිගණක ක්‍රීඩා වලට අකමැත්තක් දක්වන්නෙක් උනත් මම කියන්නේ මේක බාගන්න කියලා. කැමති අය පහලින් බාගන්නකෝ.


DOWNLOAD


ඔන්න මම කැපුනා. ඕක බලපු එක නිසාත්........මේ නත්තල නිසාත් මට කමෙන්ට් කටුවක් තෑගි කරන්න කියා මා ඉල්ලා සිටිනවා (කැමතිනම් හොඳේ).....................ඕං මං ගියා.........................

Monday, December 19, 2011

Ra One චිත්‍රපටයේ DVDRip දැන්ම බාගන්න

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අරගෙන ආවේ පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරඹුනු රා වන් චිත්‍රපටියේ DVDRip එක අරගෙන. වැඩි කතාවක් ඕනේ නෑනේ. අපි පෝස්ට් එකට බහිමු.
                                                   මම ඉතින් මේ චිත්‍රපටිය ගැන වැඩි හැඳින්වීමක් කරන්න අවශ්‍ය නෑනේ. සුපිරි නලු ශාරුක් ඛාන් රඟන මේ චිත්‍රපටිය තමයි මෙතෙක් ඉන්දියාවේ වැඩිම වියදමක් යොදා තැනූ චිත්‍රපටිය. චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් තම පුතා වෙනුවෙන් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් සිය ජීවිතය හා සම්බන්ධ කර ක්‍රීඩා කරන පියෙක් වටා ගෙතිලා තියනවා.
                                                   මේ දීලා තියන කොපි දෙකම DVDRip තත්වයේ තිබෙනවා. නමුත් 2GB කොපිය කොලිටිය අතින් 700MB කොපියට වඩා ගොඩක් හොඳ මට්ටමක තියනවා. ඒත් බලන්න අවුලක් නෑ. පහලින් බාගන්නකෝ.


2GB කොපිය මෙතනින් බාගන්න
700MB කොපිය මෙතනින් බාගන්න

ඔන්න එහෙනම් බාගෙන හොරාට යන්නේ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්ට හොඳේ.............................

Sunday, December 18, 2011

Secondhand Lions චිත්‍රපටය : වැඩකාරයෙක් වෙන්න වයස වැදගත්ද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?
                                                       වෝල්ටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. නමුත් ඔහුගේ අම්මා අමුතුම විදිහේ කාන්තාවක්. මෙයාගෙ අම්මගෙ වැඩේම රට වටේ ඇවිදින එක. ඉතින් එක ගිම්හාන නිවාඩුවකදී මේ අම්මා වෝල්ටර්ව ඇයගේ ටෙක්සාස් වල ගොවිපොළක වසන මාමලා දෙන්නෙක් ළඟ නවත්වලා යන්න තීරණය කරනවා. මේ මාමලා දෙන්නත් හරි අමුතුම අය. නිතරම ජොලියට වගේම වලියට බර, වැඩිය අමුත්තන් තමාගෙ නිවසට එනවට අකමැති විදිහේ දෙන්නෙක්. ඉතින් වෝල්ටර් තමාගේ මේ පිස්සු මාමලා දෙන්නත් එක්ක කොහොම ගිම්හානය ගත කරයිද කියලා බාගෙනම තමා බලන්න වෙන්නේ.
                                                         මම හිතන විදියට ඔයගොල්ලො අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වෙයි. මම කතාව සරළව කිව්වට මේ චිත්‍රපටියෙන් උගත යුතු පාඩම් විශාල වශයෙන් තියනවා. මේක IMDb රේටින් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටියේ IMDb පිටුවට මෙතනින් යන්න පුලුවන්.
                                                          මේ චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වෙච්ච නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් ටිකක් අඩුයි. මම මේ දාලා තියෙන්නේ සීඩ්ස් වැඩිම ටොරන්ට් එක. කස්ටිය පහළින් බාගන්නකෝ.



බාගන්න අමාරුයි සීඩ්ස් අඩුයි වගේ නම් කියන්න, මම ඩිරෙක්ට් ලින්ක් හොයලා දෙන්නම්. පුලුවන් නම් මේ ගැන ඔබේ අදහස දාගෙන යන්න.  ඒක මට ලොකු හයියක් හොඳේ.

Saturday, December 17, 2011

ඔබේ බ්ලොගයට ලස්සන Flash ලයිට් වැලක් දාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද...........ඔන්න අද මම අරගෙන ආවේ නත්තල් ස්පෙෂල් බඩුවක්. මේක ඇවිල්ලා බ්ලොග් ගැජට් එකක්. දැන් ඉතින් නත්තල් කාලෙත් ළඟ නිසා බ්ලොග් එක සරසන්න ගොඩ දෙනෙක් කැමති ඇතිනේ. මේකත් අන්න ඒ වගේ සැරසිල්ලක්. ඒ කිව්වේ ඉතින් මේක ෆ්ලෑෂ් ලයිට් වැලක්. හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ බඩ්ඩ කියලා.
                                                 කස්ටියට මගෙ බ්ලොගේ පැත්තකින් බැලුවොත් බලාගන්න පුලුවන් මේ ෆ්ලෑෂ් ලයිට් වැල. අන්න ඒක ඔයගොල්ලන්ගෙ බ්ලොග් එකට දාගන්න විදිහ තමා මම කියාදෙන්නෙ.

පලවන පියවර...Dashboard>>Layout යන්න
දෙවන පියවර...Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න
තෙවන පියවර... පහත කෝඩ් කැබැල්ල එහි ඇතුලත් කරන්න

<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></embed></object></div>

හරි දැන් ඔයගොල්ලන්ගේ බ්ලොගයටත් ලස්සනම ලස්සන ෆ්ලෑෂ් ලයිට් වැලක් තියනවා. මතක ඇතුව මේ ගැන අදහසකුත් දාගෙනම යන්නකෝ.

Friday, December 16, 2011

Justin Bieber ගේ Under The Mistletoe ගීත ඇල්බමය දැන්ම බාගන්න

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. පහුගිය දවස් ටිකේ හරියට බිසී වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්නවත් බුකිය පැත්තෙ යන්නවත් බැරිඋනා. අද බ්ලොගේ පැත්තෙ එනකොටයි දැක්කෙ ටෙම්ප්ලේට් එක අල වෙලා තියනවා. ඒ සැරේ හොයලා හොයලා මේ ටෙම්පා හොයාගත්තා. වැඩි වැඩ නැති ටිකක් චාම් විදිහෙ ටෙම්ප්ලේට් එකක්. ඒ නිසා දැන් බ්ලොගේ ඉක්මණට ලෝඩ් වෙනවත් එක්ක. හරි හරි ඒව ඔයගොල්ලන්ට වැඩක් නෑනේ. අපි කතාවට බහිමුකෝ.
                                                Justin Bieber ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මේක එයාගෙ අලුත්ම ඇල්බම් එක. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ නත්තල වෙනුවෙන්. ඔය පහල තියෙන්නේ මේකෙ තියන ගීත ගොනුව.


1 Only Thing I Ever Get for Christmas
2 Mistletoe
3 The Christmas Song (Chestnuts Roasting On an Open Fire) (feat. Usher)
4 Santa Claus Is Coming to Town
5 Fa la La (feat. Boyz II Men)
6 All I Want for Christmas Is You (Superfestive!) [Duet With Mariah Carey]
7 Drummer Boy (feat. Busta Rhymes)
8 Christmas Eve
9 All I Want Is You
10 Home This Christmas (feat. The Band Perry)
11 Silent Night
12 Christmas Love
13 Fa La La (feat. Boyz II Men) [A Cappella]
14 Pray
15 Someday At Christmas




ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලොත් මේක බලපු එකේ කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ.

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

|0 comments
කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි.


සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ
                                                     මුලින්ම අපි අපේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න ඕනේ. ඒක මෙතනින් බාගන්නකෝ. ඊලඟට අපිට අවශ්‍ය වෙනවා සිංහල උපසිරැසි නරඹන්න පුලුවන් ප්ලේයර් එකක්. ඒ සඳහා අපිට පහත ප්ලේයර් පාවිච්චි කරන්න පුලුවන්.


Gom player
Jet Audio
KM player
Media player classic(K-Lite codec pack)

Windows Media Player(K-Lite codec pack)
Winamp Media Player(K-Lite codec pack)


සාමාන්‍යයෙන් VLC Media Player එක සිංහල උපසිරැසි වලට සහය දක්වන්නේ නැහැ.


සිංහල උපසිරැසි චිත්‍රපටය සමග නැරඹීමට තිබිය යුත්තේ කොහේද?
                                            සිංහල උපසිරැසි ෆයිල් එක තිබිය යුත්තේ චිත්‍රපටය ඇති ෆෝල්ඩර් එකේමයි. චිත්‍රපට ගොනුවේ සහ උපසිරැසි ගොනුවේ නම සමාන විය යුතුයි.
උදා:- movie - sample.avi
      subtitle - sample.srt


ප්ලේයර් එකේ චිත්‍රපටිය නැරඹීම ආරම්භ කල විට උපසිරැසිත් ආරම්භ වේද?
                                            බොහෝ ප්ලේයර් වල චිත්‍රපටය ආරම්භ කල වහාම උපසිරැසිද ආරම්බ වේ. එබැවින් චිත්‍රපටිය පමණක් ප්ලේ කල යුතුය.


හ්ම්ම්.............මම හිතන්නේ කස්ටියට තේරෙන්න ඇති කියලා. යම් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහගන්න පුලුවන්. මේක ගැන ප්‍රශ්නයක් නැති අය උනත් කමෙන්ට් එකක් දැමීමේ වරදක් නෑ හොඳේ. ඕං එහෙනම් මං කැපුනා.................

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

|5 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.
                                          සිංහල උපසිරැසි හදන්න ක්‍රම කීපයක් තියනවා, හැබැයි ලේසිම ක්‍රමේ තමයි ඉංග්‍රීසි උපසිරැසි අරගෙන ඒවා සිංහලට හරවන එක. මුලින්ම අපිට අන්තර්ජාලෙන් අදාල චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න වෙනවා. දැන් ඒ බාගත්ත උපසිරැසි ෆයිල් එක නෝට්පෑඩ් ආධාරයෙන් ඕපන් කරගන්නකෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය පහල තියනවා වගේ මෙව්වා ටිකක්.



1
00:00:39,647 --> 00:00:42,605
Yes, Marlin. I see it. It's beautiful.

2
00:00:42,687 --> 00:00:45,406
So, Coral, when you said
you wanted an ocean view,

3
00:00:45,487 --> 00:00:49,082
you didn't think you were going
to get the whole ocean, did you?

4
00:00:52,087 --> 00:00:53,805
A fish can breathe out here.

දැන් ඉතින් හිටු කියලා ඔය ටික සිංහලට පරිවර්තනය කරන්න විතරයි. මෙතන තියෙන්නේ නම් ෆයින්ඩින් නීමෝ චිත්‍රපටියේ දෙබස් 4 විතරයි. තව 2000 විතර තියනවා. ඔච්චර මහන්සි වෙන්න අකමැති නම් ඉතින් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපටිය බලන එක විතරයි.
                                                   ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ පෝස්ට් එකේ හොඳ නරක කියාගෙනම යන්නකෝ.


ප.ලි.- සාමාන්‍ය වීඩියෝ ප්ලේයරයකින් සිංහල උපසිරැසි නරඹන ආකාරය හෙට බලාපොරොත්තු වෙන්න.


ප.ප.ලි.- ඉංග්‍රීසි උපසිරැසි බාගන්න පහත අඩවි පාවිච්චි කරන්න
              All4Divx
              SubScene
              OpenSubtitles

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

|0 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................
                                                අපි දන්නවානේ සමහර අඩවි වල ලියාපදිංචි වෙන්න ඊමේල් ලිපිනයක් අවශ්‍ය බව. සමහර වෙලාවට අපිට බොරු ඊමේල් ලිපිනයක් පාවිච්චි කරන්නත් බැරිවෙන අවස්ථා ඇතිවෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා විනාඩි දහයකට වලංගු වෙන ඊමේල් ලිපිනයක් හදාගන්න පුලුවන්. කැමති නම් තව විනාඩි දහයක් වැඩිපුර ගන්න උනත් පුලුවන්. එහෙනම් මෙතන ඔබලා එම අඩවියට ගිහින්ම බලන්නකෝ.
මේ රූපය බැලුවාම මේ අඩවිය පාවිච්චි කරන හැටි දැනගන්න පුලුවන්
                                                   ඔන්න එහෙනම් මම කැපුනා. අමතක නොකර මේ පෝස්ට් එක ගැන අදහසක් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.......................

Friday, December 2, 2011

AVG Internet Security 2012 දැන්ම බාගන්න

|2 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. දැන් ඉතින් කස්ටිය බලයි මම දෙන්නේ වයිරස් ගාඩ් විතරයිද කියලා. මේක ඉල්ලුවේ අපේ පසන් කොලුවානේ. අනිත් එක තමා ඉතින් වයිරස් ගාඩ් දෙකක්ම දුන්නට මට AVG ඇන්ටිවයිරස් මෘදුකාංගය දෙන්න බැරිවෙච්ච හින්දා තමා දෙන්න හිතුවේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                    මේකත් ටොරන්ට් එකක්. ටොරන්ට් බාන එක ඉතින් විශ්වාසවන්තයිනේ. මේ ටොරන්ට් එකේ සීරියල් කී සේරම අඩංගුයි. මේක ක්‍රැක් කලාට පස්සේ 2018 වෙනකම් සුපිරියට වැඩ. වැඩි කතා ඕනේ නෑ, පහලින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න


තව දෙයක් මේක වැඩ කරන්නේ 32 බිට් සහ 64 බිට් පරිගණක වල විතරයි හොඳේ. ඔන්න එහෙනම් බාගෙන ඔයාලගෙ වෙලාවෙන් තත්පරයක් වියදම් කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. මට රෑට නිදාගන්නත් එක්කම. ඕං මං ගියා..........................................

Alexa Rank

නැවත ඉහලට යන්න