Search This Blog

Saturday, October 1, 2011

Despicable Me (මෙහෙමත් හොරු)

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න එහෙනම් අදත් මම ආවා. ඒක නෙවේ ඉතින් අද විශේෂ දවසක්නේ. ඔන්න ඉතින් අද ළමා දිනය සමරන අයට පොඩි තෑග්ගක් අරගෙනයි මම ආවේ. මේක මම ටික කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               ඔන්න ඉතින් අද ලෝක ළමා දිනය නිසා ලෝක ළමා දිනයට ගැලපෙන්න මොනවා හරි දෙන්න තමා හිතාගෙන හිටියේ. පෝස්ට් එකකට දාන්න තරම් දෙයක් නැති නිසා මට හිතුනා කාලෙකට කලින් බලපු පස්ට ඇනිමේෂන් චිත්‍රපටියක් දුන්නා නම් හොඳයි නේද කියලා. ඔන්න එහෙනම් මම මේ චිත්‍රපටියෙ කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ.
                                                ඔන්න එකමත් එක කාලෙක ඉන්නවා හොරු දෙන්නෙක්. (සුරංගනා කතාවක් නෙවෙයි ඕං) මේ එක්කෙනෙක්ගෙ නම ගෘ. අනිත් කෙනා වෙක්ටර්. ගෘ ටිකක් වයසක කෙනෙක්. වෙක්ටර් කියන්නේ තරුණයෙක්. මේ අය හොරකම් කරන්නෙත් ලේසි පහසු දේවල් නෙවෙයි. වරක් වෙක්ටර් ගීසාහි පිරමීඩ හොරකම් කරනවා. ඉතින් මේ ගෘ හඳ හොරකම් කරන්න සිහින මවනවා. ඉතින් ගෘ හඳ හොරකම් කරයිද? වෙක්ටර් ඒ ගැන මොනවා කරයිද? ගෘ හට උදව් කරන්නේ කවුද කියලා නම් හොයාගන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමා. ඔන්න කැමති අය පහළින් බාගන්නකෝ.

එහෙනම් මම යනවා. කස්ටිය චිත්‍රපටිය බලලා හොඳනම් කමෙන්ට් එකකුත් දාගන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න