Search This Blog

Thursday, September 22, 2011

වේගවත් පස්දෙනෙක් : Fast Five

හලෝ කස්ටිය කෝමද ඉතින්. ඔන්න අදත් මම ආවා එලකිරි සහ ජලය වගේ චිත්‍රපටියක් අරගෙන. පහුගිය දවස්වල ආදායම් වාර්තා ගොඩකට හිමිකම් කියපු මේ චිත්‍රපටය තමයි Fast Five කියන්නේ. කස්ටිය දන්නවනේ Vin Diesel ව. නොදන්න අය මෙතනින් ගොහින් බලන්නකෝ. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව පෝස්ට් එකට බහිමු.
                         මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නේ රියෝ ද ජැනයිරෝ නගරය. Vin Dieselගේ තවත් හොඳ වැඩකෑලි ටිකක් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති අයටනම් ගැලපෙනම චිත්‍රපටියක්. මම මේ චිත්‍රපටියෙ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. හැබැයි මට කියන්න ලෝබයි වගේ. මොකද මේකෙ කතාව ගැන කිව්වොත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බලනකොට වැඩක් නැතිවෙන්න පුලුවන්. කමක් නෑ එහෙනම් මම චුට්ටි කෑල්ලක් කියන්නම්කෝ.
                        ඩොමිනික් ටොරෙට්(Vin Diesel) කියන්නේ ඇමරිකා පොලිසියට අවශ්‍ය පුද්ගලයන් අතර ඉන්න කෙනෙක්. පොලිසියෙන් බේරෙන්න හිතාගෙන ඔහු රියෝ ද ජැනයිරෝ නගරයට යනවා. මේ අතර ඔහුගේ සහෝදරිය හා සහෝදරියගේ සැමියා(Paul Walker) රියෝ වලට පැමිනෙනවා. මේ අතරතුර ඩොමිනික් සූදානම් වෙන්නේ බාරදූර රාජකාරියකට. ඒ රියෝ නගරයේ ඉන්න ධනවත්ම පුද්ගලයා වන රේයස්(Reyes) මුදල් සියල්ලම මංකොල්ල කෑමට. නමුත් ඔහු දන්නවා රේයස්ව මංකොල්ල කෑම ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද රියෝ පොලිසියෙ සහයත් ලැබෙන්නේ රේයස්ට. මේ අතරතුර ඇමරිකා DSS ආයතනයේ විශේෂ පරීක්ෂක වරයෙක් ඩොමිනික්ව අත්අඩංගුවට ගන්න එනවා. ඔහු නමින් හොබ්ස්(Dwayne Johnson). ඉතින් ඩොමිනික් අහුවෙයිද? ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද කියලනම් දැනගන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමා.
                                            ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ. තව දෙයක් මේ චිත්‍රපටිය IMDb රේටින් 7.4 අරන් තියනවා.


සීඩර්ස්ලා වැඩි සයිස් එකෙන් අඩු කොලිටි ටොරන්ට් එකකට තිබ්බේ මේක විතරයි. ඔන්න එහෙනම් අපි කැපුනා. ඔයාට කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් හරි ෆලෝ පාරක් හරි දාන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න