Search This Blog

Saturday, September 10, 2011

ඔබත් Scooby Doo රසිකයෙක්ද

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අදත් ආවා කාටූන් චිත්‍රපටියක් අරගෙන. හැමෝම දන්නව ඇතිනේ ස්කූබි ඩූ ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඉතින් ස්කූබි ඩූ ගැන දන්න නොදන්න හැමෝටම බලන්න මම ගෙනාවා 2011 වර්ෂයේ අලුතින්ම නිකුත් උනු ස්කූබි ඩූ චිත්‍රපටිය. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                       කස්ටිය බලල ඇතිනේ අර සිරසක් නැති සිරස මෙව්ව එකේ ගිය ස්කූබි ඩූ චිත්‍රපටි. හැබැයි මේක නම් තවමත් රූපවාහිනියෙ නරඹන්න බෑ. හෆොයි තාම මම මේ චිත්‍රපටියෙ නම කිව්වෙ නෑ නේද? මේ චිත්‍රපටියෙ නම තමා Scooby Doo Legend Of The Phantosaur. ඔන්න මම මේ චිත්‍රපටියෙ කතාව ගැනත් ජුන්ඩක් කියන්නම්කෝ.
                                 ස්කූබි ඩූ ඇතුලු රහස් පරීක්ෂක කණ්ඩායම නිවාඩුවක් ගතකරන්න යනවා ඩැෆ්නිගෙ මාමා කෙනෙක් ඉන්න ගමට. ඉතින් මේ ගමට ගිහින් ඉන්න අතරෙදි ශැගී ස්කූබි එක්ක පොඩ්ඩක් ඇවිදින්න යනවා. මේ අතරතුරේ ස්කූබි අරගෙන ගිය විස්කෝතු කටුස්සෙක් අරගෙන යනවා. මේ කටුස්සා පස්සෙන් එලවගෙන යන ස්කූබි දකිනවා විශාල ඩයිනසෝර් කෙනෙක්ව. මෙතන ඉඳන් චිත්‍රපටිය බැලීම ඔයගොල්ලන්ට බාරයි. ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.



බැලුව වගේ නෙමේ කමෙන්ට් එකකුත් දාගෙනම ගියොත් තමා හොඳ.

2 comments:

  • Anonymous says:
    January 4, 2012 at 11:37 AM

    2011 වර්ෂයේ අලුතින්ම නිකුත් උනු ස්කූබි ඩූ චිත්‍රපටිය | Page not found
    Sorry, the page you were looking for in the blog Direct Download Movies does not exist.

  • BAWANTHA says:
    January 4, 2012 at 11:46 AM

    සමාවෙන්න සහෝ.........බාගත කිරීමේ ලිංකුව අලුත් කලා

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න