Search This Blog

Thursday, January 12, 2012

ඕං මං ගානෙ චිත්‍රපටි දෙකක්......Real Steel & Johnny English Reborn

ඕං කස්ටිය ගොඩ දවසකට පස්සෙ ඔයගොල්ලන්ට බලන්න ලස්සනම ලස්සන චිත්‍රපටි දෙකක්ම මම ගෙනාවා. මේවායෙන් එකක් කොමඩියක් අනික පවුලෙ සේරමත් එක්ක ඉඳගෙන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්..................මම හිතන විදිහට මම හොඳ කොපියක් එනකන් වැඩිම කාලයක් බලාගෙන හිටියේ මේ චිත්‍රපටි දෙක වෙනුවෙන්. එහෙනම් අපි කතාවට බහිමුකෝ.
                                                         මම රියල් ස්ටීල් චිත්‍රපටයෙන්ම කතාව පටන් ගන්නම්.................චාලි කෙන්ටන් කියලා පුද්ගලයෙක් ඉන්නවා සටන් වලට රොබෝලා ඉදිරිපත් කිරීමෙන් මුදල් හොයන. හතර අතටම ණය වෙලා ඉන්න අතරේ මෙයාගෙ අන්තිම රොබෝ වන ඇම්බුෂ් කුළු හරක් ප්‍රහාරයකින් විනාශ වෙනවා. ඒත් එක්කම ඔහුට ආරංචි වෙනවා ඔහුගේ දික්කසාද වී සිටින බිරිඳ මියගිය බව. ඉතින් ඔහුගෙ දරුවාගේ අයිතිය ලබාගැනීමට ඔහුගේ නැන්දාට අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් චාලිට මුදලුත් ලැබෙනවා. නමුත් ටික කලකට ඔහුගේ දරුවාටත් ඔහු සමග නතර වීමට සිදුවනවා...........ඉතුරු ටික බලලාම ඉන්න.
                                                            මේ චිත්‍රපටියේ සමහර තැන් ඉතා සංවේදීයි. ඒ වගේම මෙම චිත්‍රපටය අවසාන වන ආකාරයත් ඉතා ලස්සනයි. ඉතින් මේ චිත්‍රපටය ඔබට පහළින් බාගත හැකියි


DOWNLOAD REAL STEEL MOVIE


අනිත් චිත්‍රපටිය ගැනනම් හැඳින්වීමක් අනවශ්‍යයි කියලා හිතනවා..........කමක් නෑ මම කතාවෙන් චුට්ටක් කියන්නම්කෝ.
                                                 ඇමරිකාවේ MI6 ආයතනයේ ඔත්තුකාරයෙක් විදිහට ක්‍රියාකරන කෙනෙක් ජොනී ඉන්ග්ලිෂ්. හැබැයි ඔහු අතින් වෙන වැරදීමක් නිසා ඔහුට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා. හැබැයි ඉතින් නැවත ඔහුට රස්සාව ලැබෙනවා. ඊටපස්සේ ඔහු තමාගේ සතුරන් සොයා කරන මෙහෙයුම තමා මේ චිත්‍රපටයේ ඇතුලත් වෙන්නේ...........ඒකත් ඉතුරු ටික බලන්න
                                                   මේකත් පවුලේ සේරම එක්ක බලන්න පුලුවන් සිනා සාගරයක්. මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර මගේ මෙන්න මේ පෝස්ට් එකෙන් දැනගන්න පුලුවන්. ඒකත් කැමති අය පහලින් බාගන්න.


DOWNLOAD JOHNNY ENGLISH REBORN MOVIE


ඔන්න එහෙනම් මම කැපෙනවා. පෝස්ට් එක හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. මොකද ඉතින් අපි මේ සේරම කරන්න ඔබලාගේ අදහස් බලාපොරොත්තුවෙන්නේ...............ඔන්න එහෙනම් මම කැපුනා

7 comments:

  • උදාර says:
    January 12, 2012 at 6:41 PM

    ජොනී ඉංග්ලිෂ් එකේ 399mb brrip එකක් මාත් බාගත්තා.

  • BAWANTHA says:
    January 12, 2012 at 8:19 PM

    උදාර says: බලපන් මචං පට්ට ෆිල්ම් එක

  • Andare says:
    January 13, 2012 at 8:24 AM

    නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

  • Anonymous says:
    January 14, 2012 at 6:59 PM

    ජොනී ඉංග්ලිෂ් film eka DVDRip 1k da?

  • BAWANTHA says:
    January 17, 2012 at 2:06 PM

    Anonymous says: ඔව් මචෝ

  • Madushanka Gamage says:
    January 21, 2012 at 3:57 AM

    thankz machooooooooooooo.......!! :)

  • BAWANTHA says:
    January 21, 2012 at 10:56 AM

    Madushanka Gamage says: වෙල්කම් මචෝ

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න