Search This Blog

Tuesday, January 10, 2012

Online Movies බලන්න හොඳ සයිටුවක්......Part 2

ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න හිට්ස් වැටිලා තිබ්බා. මම හිතනවා මේ පෝස්ට් එකත් ඔබට ඒ වගේම වැදගත් වෙයි කියලා...........හරි හරි වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමුකෝ.
                                                     තාමත් මට මේ අඩවියේ නම කියන්න බැරිඋනානේ. මේකෙ නම Tube+ (tube plus) සමහරු දැනටමත් මේ අඩවිය ගැන දන්නවා ඇති. ඒ අතර ඉතින් නොදන්න අයත් ඇතිනේ. මම හැමදාමත් කියනවා වගේ මේ ඒ නොදන්න අය වෙනුවෙන්.
                                                      මේකෙ තියෙන හැම චිත්‍රපටියක්ම සම්පූර්ණ ඒවා. ඒ අතර නවතම චිත්‍රපටිත් තියනවා. හැම චිත්‍රපටියකම ඩීවීඩී පිටපත නිකුත් වූ වහාම එය මෙම අඩවියට ඇතුල් වෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටිවල කැමරා පිටපත් පවා මෙම අඩවියේ ඇතුලත්. නමුත් මෙම අඩවියේ ලේසියෙන්ම කැමරා කොපි හඳුනාගැනීමට පහසුකම් සපයා තිබෙනවා. චිත්‍රපට පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල නවතම කොටස් පවා මේ අඩවිය හරහා නරඹන්න පුලුවන්. ඒ වගේම තමා සමහර ඔන්ලයින් මූවී අඩවි වගේ මේ අඩවියේ චිත්‍රපටි පල් වෙන්නෙත් නෑ. හැමදාම අලුත් ඒවා තියනවා. ඉතින් මෙම අඩවියට ඔබට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.


මෙතනින් යන්න........................

මම හිතනවා මේ පෝස්ට් එක ගොඩදෙනෙකුට වැදගත් උනා කියලා. එහෙම යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........................

2 comments:

  • උදාර says:
    January 11, 2012 at 8:21 AM

    මාත් සයිට් එක පැත්තෙ ගිහින් බැලුවා. පේන විදිහට වටියි වගේ.
    මේ ගැන කිව්වට තෑන්ක්ස් මචෝ...

  • BAWANTHA says:
    January 11, 2012 at 4:24 PM

    උදාර says: බොහොම ස්තූතියි සහෝ

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න