Search This Blog

Sunday, January 29, 2012

In Time චිත්‍රපටය : කාලය ජීවීතය හා වටී

ඔන්න කාලෙකට පස්සේ ආයිත් මම ආවා. අද අරගෙන ආවේ කාලෙකින් බලන්න පුලුවන් ලස්සනම ලස්සන චිත්‍රපටියක් අරගෙන. මමත් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම මේක බලලා ගොඩක් කල් උනත් දැන් මම චිත්‍රපටි දෙන එක ටිකක් අඩුකරලා නිසයි මේක පරක්කු කරලා දෙන්න හිතුවේ. හරි එහෙනම් අපි මේ චිත්‍රපටිය මොකක්ද කියලා බලලාම ඉමුකෝ.
                                                     මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක් වෙච්ච ජස්ටින් ටිම්බ(ර්)ලේක් (විල් සලාස්) හා සුරූපී නිලි ඇමැන්ඩා සේෆ්‍රයිඩ් (සිල්වියා වෙයිස්). මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 28 වෙනිදා. IMDb අගය 6.6 වන අතර ලබා ඇති ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 103,200,000. ඉතින් චිත්‍රපටය ජනප්‍රිය වෙලා තියන තරම ඒකෙන්ම හිතාගන්නකෝ.
                                       මේ චිත්‍රපටයේ කතාවත් නියමයි. හැබැයි ඉතින් කියන එක තමා අමාරු. කමක්නෑ ඉතින් කොහොමහි ටිකක් කියන්නම්කෝ.
                                       අනාගතයේදී ජනගහණය සීඝ්‍ර වශයෙන් වර්ධනය වීම නිසා මිනිසෙකුගේ ආයුකාලට වසර 25 කට සීමා වෙනවා. ඉන් පසුව ජීවත් වීමට නම් කාලය උපයා ගත යුතු වෙනවා. ඒ වගේම වසර 25 දක්වා වර්ධනය වන මිනිසුන් එතනින් පසු වර්ධනය වීම හා වයසට යෑම නතර වෙනවා. මිනිසුන්ගේ ආයුකාලය අවම වසර 25ක් වුවද එහි නතර වීමක් නෑ. තමන් උපයාගන්නා කාලයට අනුව එම මිනිසාට ජීවත් වීමට හැකියාව පවතිනවා. ඒ වගේම මිනිසාට අමරණීය වීමේ හැකියාවද පවතිනවා. සිය වසර 25 නිමව සිටින විල් සලාස් ජීවත් වන්නේ ඉතා අපහසුවෙන්. එයත් සමග ඔහු ජීවත් වීමට කාලය මංකොල්ල කෑමට පෙලඹෙනවා.
                                      හ්ම්ම්.........ඔයගොල්ලන්ට කතාව තේරුනේ නෑ නේද? එහෙනම් දැන් ඔයගොල්ලන්ට තියන ප්‍රශ්න සේරටම විසඳුම ලබාගන්න මේ චිත්‍රපටය බලන්න කියලා ඉල්ලනවා. එවිට ඔය සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබේවි...........ඔන්න කැමති අයට පහළින් බාගන්න පුලුවන්.


_______මෙතනින් බාගන්න_______

ඔන්න ඉතින් චිත්‍රපටය බලලා හොඳ නරක එහෙම කියලා යන්න අමතක කරන්න එපා හොඳේ...................................

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න