Search This Blog

Monday, January 16, 2012

Grand Theft Auto IV - සුපිරි පරිගණක ක්‍රීඩාවකට කැමති නම්

ඔන්න මම ලෑස්ති වෙන්නේ මේ මාසෙට දෙන එකම හා පළවෙනිම ගේම් එක දෙන්න. මම මගෙ පරණ බ්ලොග් එකෙත් මම මේ ගේම් එක ගැන කිව්වා. ඒත් ඉතින් ඒක කවුරුත් බලලා තිබ්බෙ නෑනේ. ඒත් ඉතින් මගෙ ප්‍රියතම ගේම් එක වෙච්චි මේ ගේම් එක එහෙම නිකම්ම අතාරින්නත් මොකක්ද වගේ හින්දා මේක ගැන අලුත් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තා. අනික GTAVත් ළඟම එන නිසා මට මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා. එහෙනම් ඉතින් බලලාම ඉමුකෝ.
                                                 මම ඉස්සෙල්ලම මේ ගේම් එකත් එක්ක මගේ තියන සම්බන්ධය ගැන කියන්නම්කෝ...............මම ආසාම කරන පරිගණක ක්‍රීඩා සීරියස් එකක් තමයි gta සීරියස් එක. මම gta සීරියස් පටන්  ගත්තේ වයිස් සිටි වලින්. ඒ ගේම් එක ගහපු අය ඒක ගැන දන්නවා ඇතිනේ. ඉතින් ඒ එක්කම ඇති වෙච්ච ආසාවත් එක්ක ඒ ගේම් එකක් නෑර ප්ලේ කරන්න පටන් ගත්තා..............ඒකාලේම  තමා මේ GTAIV නිකුත් උනේ.........ඒත් ඉතින් ඒකාලේ ඒ ගේම් එක ප්ලේ කරන්න තරම් පරිගණකයක් නොතිබිච්ච නිසා ඒක ගැන ආසාව එහෙම්ම අතඇරුනා. ඒත් ඉතින් ගිය අවුරුද්දේ ලැප් රාජයෙක් ගත්තට පස්සේ තමා නැවතත් මේ ගේම් එකට හිත යොමු උනේ. මේ ගේම් එක ප්ලේ කලාත් එක්කම එතෙක් මගේ ප්‍රියතම ගේම් එක වෙලා තිබ්බ සැන්ඇන්ඩ්‍රියාස්, gtaiv බවට පත්උනා........ඔන්න ඔහොමයි ඒ කතන්දරේ ඉවර වෙන්නේ. හරි ඔන්න මගෙ බයිලාව ඉවරයි.....අපි දැන් ගේම් එකේ බයිලාව ගැන බලමු.
                                                  රුසියන් ජාතිකයෙකු වන නිකෝ බෙලික් ලිබර්ටි නගරයට එන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තබාගෙනයි........ඒ තමාගේ ඇමරිකාවේ සිටින ඥාති සහෝදරයා තමාට පවසා ඇති අන්දමට මන්දිරයක ජීවිතය ගෙනයාමටයි.....ලිබර්ටි නගරයට පැමිණි විට ඔහුට දැනගන්න ලැබෙන්නේ තමාගේ සහෝදරයා තමා පවසා ඇත්තේ බොරු බවත්, ඔහුගේ සහෝදරයා කැබ් රියදුරෙක් බවත්ය. කරදර නොමැති ජීවිතයක් ලබාගැනීමට පැමිණි ඔහුගේ ජීවිතය කරදරයක වැටෙන්නේ ඔහු නොසිතූ ආකාරයටයි. තමාගේ සහෝදරයාට කප්පම් කල්ලියක කරදර ඇති බව දැනගන්න නිකෝ සිය සහෝදරයාට උදව් කිරීමත් මෙයට හේතු වෙනවා..................හරි කතාව ඉවරයි. කැමති අය පහළින් බාගන්නකෝ.


හරි ඔන්න මම කැපෙනවා........ඉතින් හැමදාමත් කියනවා වගේ කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් දාලා, ෆලෝ පාරකුත් දාන්න කියලා ඉල්ලීමක් කරනවා.....එහෙනම් මේක බලපු ඔබ හැමෝටම බොහොම ස්තූතියි......................

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න