Search This Blog

Sunday, December 25, 2011

සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා

ඕං ඉතින් නත්තලත් ලැබුවා. ඉතින් එහෙනම් නත්තල සමරන සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් තෑගි දෙන්න.
                                                       මම මේ පාර නත්තල් තෑග්ග විදිහට දෙන්න තීරණය කලේ නත්තල පිළිබඳව නිර්මාණය කරපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. නත්තල සැබෑ අරුත කුමක්ද යන්න මේ චිත්‍රපටිය මගින් ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ලෝකේ වටිනාම දෙය විශ්වාසය බවත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. මේ චිත්‍රපටයේ නම The Polar Express.
                                                       ස්ටීවන් කියලා ළමයෙක් ඉන්නවා නත්තල් සීයා ගැන විශ්වාස නොකරන. ඔහු හිතන්නේ නත්තල් සීයා කියන්නේ සිතින් මවාගත් බොරුවක් කියලයි. ඉතින් නත්තල් දවසේ රෑ මෙයාට අරුම පුදුම මැජික් කෝච්චියකට නගින්න ලැබෙනවා. මේක යන්නේ නත්තල් සීයාගේ ගෙදරට. ඉතින් මේ කෝච්චිය තුළදී ස්ටීවන්ට මුහුණ පාන්න සිදුවෙන දේවල් ගැන මේ චිත්‍රපටයේ දිගහැරෙනවා. ත්‍රාසය, දුක, සතුට හැම දෙයක්ම මේ චිත්‍රපටිය තුළ දිගහැරෙනවා.


මේ නිවාඩු සමය නිසා පවුලේ සැමට එකට ඉඳගෙන මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්


මෙතනින් බාගන්න

මේ පෝස්ට් එක නම් ලිව්වේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කිරීමයි මෙහි එකම අරමුණ. එහෙනම් මම යනවා.....හොහ්......හොහ්........හෝ


       ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න