Search This Blog

Sunday, November 27, 2011

Fright Night චිත්‍රපටය......බලනවනම් මෙන්න නියම Horror

හලෝ කස්ටිය කොහොමද ඉතින්. මේ සැරේ මම ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ 2011 වර්ෂයේ අගෝස්තු මාසේ නිකුත් වෙච්ච හොරර් ෆිල්ම් එකක්. මේක තමා මේ බ්ලොග් එකෙන් හඳුන්වා දෙන ප්‍රථම හොරර් ෆිල්ම් එක. ඒකට හේතුව තමා පුද්ගලිකට මම හොරර් ෆිල්ම් වලට අකමැති වීම. නමුත් මේ චිත්‍රපටියේ තේමාව දැක්කහම මට හිතුනා මේ චිත්‍රපටය ඔයගොල්ලන්ට නොදී බැහැ කියලා. එහෙනම් බලලා ඉමුකෝ.
                                                 චාලි කියන්නේ සාමාන්‍ය තරුණයෙක්. මොහුගේ නවතම අසල්වැසියාගේ නම ජෙරී. ටික කලක් යනවිට චාලිට දැනගන්න ලැබෙනවා ජෙරී කියන්නේ වැම්පයරයෙක් බව. නමුත් ඔහුව කිසිවෙකු විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඔහු මේ වැම්පයරයා කොහොම නවත්තයිද? ඔහුට ලැබෙන අභියෝගය ඔහු සාර්ථකව ඉටු කරයිද කියා දැනගැනීමට නම් වෙන්නේ චිත්‍රපටය බලලාම තමා.
                                                   තව දෙයක් තියනවා, මේ චිත්‍රපටය 1985 නිකුත් වෙච්ච චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඇති බිහිසුණු දර්ශන නිසා මේ චිත්‍රපටය වැඩිහියන් පමණක් බැලුවොත් හොඳයි. IMDb රේටින් 6.8 ලබාගෙන තිබෙනවා. ඩ්‍රැකියුලා වගේ චිත්‍රපටි නරඹපු, ඒවා ප්‍රිය කරන අය අනිවාර්යෙන්ම බාගෙන බැලිය යුතු චිත්‍රපටියක් කියලා තමා කියන්න වෙන්නේ. පහලින් බාගන්නකෝ.


Download Now

ඔන්න චිත්‍රපටිය බැලුව වගේ නෙවේ, කමෙන්ට් කටුවක් එහෙම කොටාගෙන නොගියොත් මටත් වැම්පයර් කෙනෙක් වෙන්න තමා වෙන්නේ. ඕං එහෙනම් මං ගියා.................................

2 comments:

  • Unknown says:
    November 28, 2011 at 6:24 AM

    happo ai film nui games nui dene (horatama awith post akak dalama yanoo ne) mokakhari aluth deyak daanako sahooooooooo!!!!!

  • BAWANTHA says:
    November 28, 2011 at 10:59 AM

    @පසන්..........හරි හරි මම අලුත් දෙයක් දෙන්නම්කෝ. එතකන් පොඩ්ඩක් ඉවසන් හිටපන්කෝ

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න