Search This Blog

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................
                                                අපි දන්නවානේ සමහර අඩවි වල ලියාපදිංචි වෙන්න ඊමේල් ලිපිනයක් අවශ්‍ය බව. සමහර වෙලාවට අපිට බොරු ඊමේල් ලිපිනයක් පාවිච්චි කරන්නත් බැරිවෙන අවස්ථා ඇතිවෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා විනාඩි දහයකට වලංගු වෙන ඊමේල් ලිපිනයක් හදාගන්න පුලුවන්. කැමති නම් තව විනාඩි දහයක් වැඩිපුර ගන්න උනත් පුලුවන්. එහෙනම් මෙතන ඔබලා එම අඩවියට ගිහින්ම බලන්නකෝ.
මේ රූපය බැලුවාම මේ අඩවිය පාවිච්චි කරන හැටි දැනගන්න පුලුවන්
                                                   ඔන්න එහෙනම් මම කැපුනා. අමතක නොකර මේ පෝස්ට් එක ගැන අදහසක් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.......................

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න