Search This Blog

Saturday, November 12, 2011

Zookeeper : සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි අලකලංචි

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ මම බලපු ලස්සන චිත්‍රපටියක් අරගෙන. මම වගේ චිත්‍රපටි පිස්සෙක් නම් මේ චිත්‍රපටය ඔබ අනිවාර්යෙන්ම නරඹන්න ඕනේ. එහෙම නැතත් කමක් නෑ ඉතින්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                   ග්‍රිෆින් කියන්නේ සාමාන්‍ය සූකීපර් කෙනෙක්. ඒවගේම ආදරයෙන් පැරදිච්ච කෙනෙක්. ඔහු තමාගෙ පෙම්වතිය අතහැර ගිහින් වසර පහක් ගතවුනත් සිතන්නේ ඇය ගැනමයි. නමුත් අවුරුදු පහකට පස්සේ ඔහුට ඇයව හමුවෙනවා. ඇය ග්‍රිෆින්ට සූකීපර් රැකියාවෙන් ඉවත් වීමට පවසනවා. ඒත් ඔහු තමා වඩාත් ආදරය කරන රැකියාවෙන් ඉවත්වනවාදැයි සිතනවා. මෙවිට ඔහුට උදව් කරන්න බාරගන්නේ.........................
                                                      ඔය හිස්තැන පුරවගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මම කිව්වොත් හරි නෑනේ. මම ආයිත් කියන්නේ ඔබ චිත්‍රපටි රසිකයෙක් නම් මේ චිත්‍රපටිය බලන්නම ඕනේ. මේ චිත්‍රපටිය IMDb රේටින් වල 4.7 අගයක් ලබාගෙන තියනවා. හැබැයි පුද්ගලිකව මම මේ අගයට ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ. ඔන්න ඔයාලත් බාගෙනම බලන්නකෝ. තව දෙයක් මේ චිත්‍රපටිය Night At The Museum චිත්‍රපටියටත් තරමක් සමානයි.


මෙතනින් බාගන්න


එහෙනම් මම අදට යනවා. ඔයගොල්ලොත් මේක බලලා නිකන්ම නොගිහින් කමෙන්ට් එකක් දාලා සහය වෙයි කියලා හිතනවා. ඕං මං ගියා..........................................

1 comments:

  • N.D.M says:
    July 30, 2012 at 8:04 AM

    නියම film එකක්.............

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න