Search This Blog

Friday, December 23, 2011

Total Overdose පරිගණක ක්‍රීඩාව : ඔබට හිතේවි ඔබ චිත්‍රපටියක් බලනවා කියලා

හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර වර්ණනා කරන හින්දාවත් බලන්නකෝ.
                                                 මම මෙච්චර මේ ගේම් එක ගැන වර්ණනා කරන්න හේතුවක් තියනවා. මේ පරිගණක ක්‍රීඩාවේ කතාවත් ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටියක කතාවකට සමාන බවක් තියනවා......හැබැයි ඉතින් ගේම් එක චුට්ටක් විතර පරණයි.........ඒ කිව්වේ ඉතින් නිකුත් වෙලා තියෙන්නේ 2005 වර්ෂයේ. ඒ නිසා ග්‍රැෆික් කොලිටියත් ඒ වර්ෂ වල නිකුත් වෙච්ච පරිගණක ක්‍රීඩාව ත්‍රිමාණකරනයට සමානයි. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ............
                                                  අර්නෙස්ටෝ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙක්. මොහුව ඇමරිකාවේ DEA ආයතනයෙන් විශේෂ මෙහෙයුමක යොදවනවා. නමුත් මේ මෙහෙයුම අතර තුරදී සැකසහිත ලෙස අර්නෙස්ටෝ මියයනවා. අර්නෙස්ටෝගෙ වැඩිමහල් පුතා වන ටොමී DEA ආයතනයේ නිලධාරියෙක් ලෙස මෙක්සිකෝවට යන්නේ සිය පියාගේ මරණයේ සුලමුල සොයාගැනීමටයි. නමුත් ඔහුගේ එම වෑයමත් නතර වන්නේ සිය පාදයක් අහමි වීමෙනුයි........ඒත් සමගම ටොමී තීරණය කරන්නේ සිය මෝඩ නිවුන් සහෝදරයා මෙක්සිකෝවට යවා සිය පියාගේ මරණයට සම්බන්ධ අය සොයාගැනීමටයි. ඔහුගේ නම් රැම්. මේත් සමගම පරිගණක ක්‍රීඩාව ආරම්භ වෙනවා..........................
                                                    gta වැනි free roam වර්ගයේ පරිගණක ක්‍රීඩාවලට කැමති අයනම් මේක අනිවාර්යෙන් බාගන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් gta වැනි පරිගණක ක්‍රීඩා වලට අකමැත්තක් දක්වන්නෙක් උනත් මම කියන්නේ මේක බාගන්න කියලා. කැමති අය පහලින් බාගන්නකෝ.


DOWNLOAD


ඔන්න මම කැපුනා. ඕක බලපු එක නිසාත්........මේ නත්තල නිසාත් මට කමෙන්ට් කටුවක් තෑගි කරන්න කියා මා ඉල්ලා සිටිනවා (කැමතිනම් හොඳේ).....................ඕං මං ගියා.........................

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න