Search This Blog

Sunday, October 9, 2011

මොළකාරයාගේ වැඩ........MegaMind

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ගොඩකාලෙකට පස්සේ අදත් මම ආවා මම බලපු චිත්‍රපටියක් ගැන අරගෙන. මේක ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔන්න එහෙනම් ඇනිමේෂන් චිත්‍රපටි වලට කැමති මේ මම වගේ අය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් අනංමනං නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                           මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2010 අවුරුද්දේ. (එච්චරම පරණ නෑ) මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ අද. ඒත් එක පාරින්ම හිතට අල්ලලා ගියා. ඒක නිසා තමා මේ චිත්‍රපටිය ගැන බොග් පෝස්ට් එකක් දාන්න හිතුනේ. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ.
                                           මෙගා මයින්ඩ් කියන්නේ හොරෙක්. දරුණු හොරෙක්. මෙයා ඉන්නේ මෙට්‍රෝ සිටි කියන නගරයේ. මෙයාගේ වැඩ නවත්තන්න පුලුවන් එක්කෙනයි මෙට්‍රෝ සිටි වල ඉන්නේ. එයාගෙ නම මෙට්‍රෝ මෑන්. ඉතින් මේ දෙන්නගේ වැඩ ගැන තමා මේ චිත්‍රපටිය කියවෙන්නේ. නරක මෙගා මයින්ඩ් අන්තිමේ වීරයෙක් වෙන හැටි ඔයගොල්ලොම බලන්නකෝ.
                                           ඔන්න චිත්‍රපටියේ කතාවත් කිව්වා. මේ චිත්‍රපටිය IMDb රේටින් 7.3 අරගෙන තියනවා. සාමාන්‍යයෙන් ඇනිමේෂන් චිත්‍රපටියක් මෙච්චර රේටින් ගන්නවා අඩුයි. ඒකෙන්ම චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ. ඔන්න කැමති අය පහලින් බාගන්න.


මෙන්න මෙතනින් බාගන්න

එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො චිත්‍රපටිය බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න