Search This Blog

Monday, October 3, 2011

Google Chrome වලට තීම් හදමු

හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ තවත් සුපිරි වැඩක්. හැබැයි මේක වැඩ කරන්නේ නම් ගූගල් ක්‍රෝම් බ්‍රව්සරේට විතරයි. මේ මගින් අපිට පුලුවන් අපි කැමති විදිහට අපේ ක්‍රෝම් බ්‍රව්සරේට තීම් එකක හදාගන්න. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                             කලිනුත් කිව්වා වගේ මේක වැඩකරන්නේ නම් ගූගල් ක්‍රොමියට විතරයි. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරේ නැති බාගන්න කැමති අය මෙතන ක්ලික් කරලා බාගන්නකෝ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නෙ කියලා.
                                             මුලින්ම මම ඔය පහළ දාලා තියන ලින්ක් එක ක්ලික් කරලා අදාල අඩවියට යන්නකෝ.


මෙන්න මෙතන ක්ලික් කරන්න

හරි දැන් ඔය අඩවියට ගියාට පස්සේ පැත්තකින් ඇති බාර් එකක්. ඒකේ ඇති Start,Image,Colors,Tints,Pack කියලා. අන්න ඒ තැන්වලට අපි කැමති විදිහට ඉමේජ් අප්ලෝඩ් කරන එක විතරයි තියෙන්නෙ. අපි කරන හැම වෙනස්කමක් ගැනම අනිත් පැත්තේ තියන ගූගල් ක්‍රෝම් අනුරුවෙන් පෙන්නනවා.
                                              ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක වටිනවා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

2 comments:

  • කිනා says:
    October 2, 2011 at 9:05 PM

    එල වැඩක් මචං. නියමයි. තැන්කුයි වේවා

  • BAWANTHA says:
    October 2, 2011 at 9:30 PM

    කිනා
    තැන්කූ මචං

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න