Search This Blog

Thursday, October 6, 2011

මදි නොකියන්න ටොරන්ට් බාමු (නොදන්න අයට පමණයි)......Part 2

හලෝ කස්ටිය කොහොමැයි ඉතින් ජීවිතේ. ඔන්න ඉතින් අදත් මම ආවා. මම කලින් කිව්වනේ ටොරන්ට් එකක් බාන විදිහ ගැන. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. හැබැයි ඉතින් මගෙ ලැප් එකේ පොඩි අවුලක් ආපු නිසා කියපු විදිහට ඊයේ මේකෙ දෙවනි කොටස දෙන්න බැරි උනා. ඔන්න ඉතින් ඒකට සමාවත් ඉල්ලලා මම වැඩේට බහිනවා.
                                                   අපි නැවැත්තුවේ බිට්ටොරන්ට් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙනේ. ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

ඔන්න මම කැපෙනවා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

1 comments:

  • kamal says:
    November 10, 2011 at 9:39 AM

    tnks very useful one

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න