Search This Blog

Friday, September 30, 2011

Johnny English නැවතත්

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම තවත් අලුත්ම චිත්‍රපටියක විස්තර ටිකක් ගෙනාවා. කස්ටිය දන්නවනේ Mr. Bean. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති Mr. Bean චරිතයට පණ පොවන Rowan Atkinson කියන නලුවාව. ඔන්න එයාගෙ නවතම චිත්‍රපටිය Johnny English 2 - Reborn කියන චිත්‍රපටිය ගැන තමයි මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                                   මෙහිදී Rowan Atkinson රඟපාන්නේ ලොව සිටින අති දක්ෂ ස්පයි (spy) කෙනෙක් විදිහටයි. පොදුවේ ගත්තාම මේ නලුවාගෙ රංගනය ගැන කියන්න දෙයක් නෑ. ඒ තරමටම සුපිරියි. Mr. Bean ගේ ටීවී සීරියස් එක බලපු ඕනෙ කෙනෙක් ඒ ගැන දන්නවා ඇති. ඒ වගේම මේ චිත්‍රපටයේ පළවෙනි කොටසට වඩා හාස්‍ය පිරුණු තැන් ගොඩක් මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වන විටත් IMDb රේටින් අගයන් 7.2 අරගෙන තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මේ චිත්‍රපටිය ගැන.
                                                   මේ චිත්‍රපටියට කැමති අයට මේක පහලින් බාගන්න පුලුවන්. ඒත් මේ චිත්‍රපටියේ DVD_Rip එකක් තවම නිකුත් වෙලා නැහැ. මේක කැමරා කොපියක්. ඒත් බලන්න පුලුවන් තත්වයේ තියනවා. නැත්නම් තව මාසයකින් විතර DVD_Rip එකක් නිකුත් වේවි. එතෙක් ඉවසනවද නැද්ද කියන තීරණේ ඔයගොල්ලන්ගෙ අතේ. ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.


මෙන්න මෙතනින් බාගන්න


ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලාම යන්නකෝ. එහෙනම් මම ගියා. ඔයගොල්ලන්ට ජයවේවා!

Thursday, September 29, 2011

Driver San Francisco පරිගණක ක්‍රීඩාව

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම ආවා උණු උණු ගේම් එකක් අරගෙන. ඔන්න මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච පට්ටම ගේම් එකක් අරගෙන. gta වගේ ගේම්ස් වලට කැමති අයට මේ ගේම් එක බොහොම හොඳට ගැලපෙනවා. (මේ මම වගේ අයට) ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ
                                               මේ ගේම් එක හදලා තියෙන්නේ Ubisoft පරිගණක ක්‍රීඩා ආයතනයෙන්. Prince Of Persia වැනි ගේම්ස් විශාල සංඛ්‍යාවක නිර්මාතෘවරුන් වෙන්නේ මේ Ubisoft ආයතනය. ඔන්න මම ගේම් එකට පසුබිම් වෙච්ච කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ.
                                                චාල්ස් ජෙරිකෝ කියන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඉන්න අති දරුණු අපරාධකරුවෙක්. ඔහු සිරගතව සිටියත් ඔහු හිරෙන් පැනගැනීමට සමත් වෙනවා. ඒත් සමගම සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය බරපතල තර්ජනයකට මුහුණපානවා. මේ ජෙරිකෝව අත්අඩංගුවට ගැනීමට බාරදෙන්නේ ඇමරිකා පොලිසියේ සිටින අති දක්ෂයෙක් වෙන ජෝන් ටැනර් හටයි. මේ ඔහුගේ කතාවයි.
                                               ඔන්න කතාවත් කිව්වා. කැමති කස්ටිය බාගන්නකෝ. තව දෙයක් මේ ගේම් එකට ඔය පහල තියන සුදුසුකම් තියන පරිගණකයක් ඕනේ.


Driver San Francisco Minimum System Requirements

OS: Windows XP (32/64 bit), Windows Vista (32/64 bit), Windows 7 (32/64 bit)
CPU: Intel Pentium D 3.0 Ghz or AMD Athlon64 X2 4400+ 2.2Ghz
RAM: 1GB Windows XP / 2GB Windows Vista - Windows 7
GFX RAM: 256 MB DirectX compliant, Shader 4.0–enabled video card
GFX: Nvidia GeForce 8600GT / Radeon HD2600XT & above
DirectX: 9.0c libraries (included)

HDD: 10GB Hard disc space
Audio: DirectX 9.0c – compliant sound card

Multiplayer: Permanent broadband Internet connection required running at 128+ kbps

Driver San Francisco Recommended System Requirements
CPU: Intel Core2Quad Q6600 2.4Ghz or Athlon II X4 620 2.6Ghz

RAM: 2GB Windows XP / 2GB Windows Vista / 2GB Windows 7
GFX RAM: 512 MB
Audio: 5.1 PCI sound device

Supported Video Cards

ATI®: Radeon HD2600XT & above, HD3850 & above, HD4650 & above, HD5650 & above, HD6450 & above.

nVidia®: GeForce 8600GT & above, 9600GT & above, GT130 & above, GT240 & above, GT320 & above, GT430 & above, GT 530 & above.


ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලාම ගේම් එක බාගන්න පටන්ගන්නකෝ.

Wednesday, September 28, 2011

Windows 7 Ultimate DVD එක බාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමැයි ඉතින්. ඔන්න අදත් මම ආවේ සුපිරිම සුපිරි වැඩක් අරගෙන. කාලෙකින් සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දාන්න බැරිවෙච්ච එකේ ඔන්න අද දානවා සොෆ්ට්වෙයාර් එකක් ගැන පෝස්ට් එකක්. (ජනෙල් හත ගැන) කස්ටිය ඉතින් වින්ඩෝස් ගැන දන්නවනේ. නොදන්නව නම් තමා පුදුමේ. ඔන්න ඉතින් ජනෙල් හතට කැමති කස්ටිය මේ පෝස්ට් එක බලන්නකෝ. (අනිත් අයත් බැලුවට කමක් නෑ) ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිනවා.
                                                  වින්ඩෝස් සෙවන් වල අන්තිමට නිකුත් උනු වගේම ජනප්‍රියම සංස්කරණය තමයි වින්ඩෝස් සෙවන් Ultimate කියන්නේ. අද නිකමට ජංජාලෙ පැත්තෙ සැරිසරනකොට මම දැක්ක මේ වින්ඩෝස් සෙවන් Ultimate එකේ ඩීවීඩී එකේ ටොරන්ට් එක තියනවා. ඔන්න ඉතින් වින්ඩෝස් සෙවන් නැති බාගන්න කැමති අය බාගන්නකෝ.



ඔන්න එහෙනම් ටොරන්ට් එක බාගෙන ඩීවීඩී එකකට රයිට් කරලා ඒ සීඩී එකේ උදව්වෙන් ඔයගොල්ලන්ගෙ පරිගණක වලට වින්ඩෝස් සෙවන් Ultimate දාගන්න පුලුවන්. එහෙනම් මම කැපෙනවා. මේ පෝස්ට් එක ඔයගොල්ලන්ට වැදගත් උනානම් කමෙන්ට් එකකුත් ලබාදෙයි කියලා මම හිතනවා. ඔබට ජය! මම ගියා................


ප.ලි. - වින්ඩෝස් ඉන්ටෝල් කිරීමට කල යුතු සියල්ල ටොරන්ට් එක අඩංගු අඩවියේ සඳහන් කර ඇත.

Tuesday, September 27, 2011

Transformers චිත්‍රපටි සේරම එකපාර බාගමු

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අදනම් පෝස්ට් එක දාන්න ටිකක් රෑ උනා. වෙලාව. 10.30 යි. මේ බ්ලොගියෙ ප්‍රථම වතාවට රෑක දාන පෝස්ට් එකද කොහෙද? හරි හරි එව්වා මෙව්වා වැඩක් නෑ. නිදාගන්නත් තියනවා. එහෙනම් වැඩි කතා බතා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                     කස්ටිය මම ට්‍රාන්ස්ෆෝමර්ස් ඩාක් ඔෆ් ද මූන් චිත්‍රපටිය ගැන විස්තරයක් දුන්නනේ. කස්ටියට මතක ඇති. ඔන්න ඒ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් ලබාගැනීමේ අවස්ථාව දැන් ලැබිලා තියනවා. (අපි මොකටද කැමරා කොපි බලන්නේ) නමුත් මේ ඩීවීඩී එකේ වෙනසක් තියනවා. මේකේ Transformers මෙතෙක් නිකුත් උනු චිත්‍රපටි තුනම තියනවා. කැමති අය කෑල්ලෙන් කෑල්ල බාගන්නකෝ.


බාගන්න මෙතන ඔබන්න

මේ ටොරන්ට් එකේ තියන ලොකුම අවුල තමා සයිස් එකේ අවුල. ටොරන්ට් එක අලුත් නිසා තාම සීඩර්ස්ලාත් අඩුයි. ඒත් තව ටිකකින් ඒක හරියයි. මම කලිනුත් කිව්වනේ කෑල්ලෙන් කෑල්ල බාගන්න. ලංකාවෙ අපිට තියන ජංජාලෙ වේගෙ අනුව අඩුම දවස් දෙක තුනක්වත් යයි ඉතින්. මොනවා කොරන්නද අෆ්ෆා.
                                                   ඔන්න මම කැපෙනවා. නිදාගන්නත් තියනවනේ. ඔය කස්ටිය මේ පෝස්ට් එකට කැමති නම් කමෙන්ට් කටුවක් එහෙම කොටන්නකෝ.


Tranformers Dark Of The Moon චිත්‍රපටය පමණක් බාගැනීමට මෙතන ක්ලික් කරන්න

Sunday, September 25, 2011

ගේම් ඩිරෙක්ට් බාගමු

|2 comments
ඔන්න කස්ටිය අදත් මම ආවා සුපිරි වැඩක් අරගෙන. ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ.
                                    මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ අඩවියේ බාන්න දීලා තියන හැම ගේම් එකක්ම IDM එක භාවිතයෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැමතිම ගේම් එකක ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩු උනොත් අපි අසරණ වෙනවනේ. ඔන්න ඒ වගේ වෙලාවට මේ අඩවිය භාවිත කරන්න පුලුවන්. අනිත් එක තමා අපේ පරිගණකයේ පහසුකම් අනුව ප්ලේ කරන්න පුලුවන් ගේම්ස් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. අනිත් එක ගේම්ස් ISO ෆයිල් නිසා ප්‍රමාණයත් බොහොම අඩුයි. සේරටම වඩා මේ අඩවියේ විශේෂත්වය තමයි මේ ගේම්ස් සේරම දෙන්නේ නොමිලේම වීම. ඉතින් වැඩි කතාවක් නැතුව පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.


මෙතන ඔබන්නකෝ

ඔන්න මම යනවා. ඔයගොල්ලෝ මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා උදව් කරන්නකෝ.

Saturday, September 24, 2011

තවත් වීරයෙක්.......Thor

|0 comments
ඔන්න කස්ටිය අදත් මම ආවා තවත් අලුතෙන්ම නිකුත් උනු ලස්සන චිත්‍රපටියක් අරගෙන. මම හිතනවා කස්ටිය මේ චිත්‍රපටිය ගැන දන්නවා ඇති කියලා. එහෙනම් වැඩිය අටුවා ටීකා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                           කස්ටිය දන්නවනේ Iron Man චිත්‍රපටය. අන්න ඒ චිත්‍රපටිය හදපු Marvel Studios ආයතනයෙන්ම තමා මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. මාවල් ආයතනයේ චිත්‍රපටි හැම එකක්ම වගේ ආදායම් වාර්තා තැබුවා. ඒ වගේම තෝර් චිත්‍රපටියත් අති සාර්ථකව තිරගත උනා. ලංකාවෙත් සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටියක් මේක. ඉතින් චිත්‍රපටිය ගැන කියන්න තියෙන්නේ මම කාලෙකින් බලපු සුපිරිම චිත්‍රපටියක් කියලා. ඔන්න කතාවේ චුට්ටකුත් අහගන්නකෝ.
                                          ජේන් ෆොස්ටර් කියන්නේ භෞතික විද්‍යා විද්‍යාඥවරියක්. ඇය දවසක් අහස නිරීක්ෂනය කරනකොට ඇය දකිනවා දේදුන්නකට සමාන සංසිද්ධියක්. ඇය ඒ දෙසට තමාගෙ වාහනෙන් යනකොට අහසින් වැටුනු පුද්ගලයෙක් ඇයගේ වාහනයේ හැප්පෙනවා. මේ පුද්ගලයා කවුද ඔහුට අවශ්‍ය මොනවද කියලා දැනගන්න වෙන්නේ නම් චිත්‍රපටිය බලලාම තමා.
                                        මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිග රඟපාන්නේ Chris Hemsworth හා Natalie Portman. මේ චිත්‍රපටිය IMDb රේටින් 7.2 අරගෙන තියනවා. ඒකෙන්ම මේ චිත්‍රපටියේ සුපිරි බව හිතාගන්න පුලුවන් නේද. ඔන්න කැමති කස්ටිය පහලින් බාගන්නකෝ.




ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලන්ට කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Thursday, September 22, 2011

වේගවත් පස්දෙනෙක් : Fast Five

|0 comments
හලෝ කස්ටිය කෝමද ඉතින්. ඔන්න අදත් මම ආවා එලකිරි සහ ජලය වගේ චිත්‍රපටියක් අරගෙන. පහුගිය දවස්වල ආදායම් වාර්තා ගොඩකට හිමිකම් කියපු මේ චිත්‍රපටය තමයි Fast Five කියන්නේ. කස්ටිය දන්නවනේ Vin Diesel ව. නොදන්න අය මෙතනින් ගොහින් බලන්නකෝ. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව පෝස්ට් එකට බහිමු.
                         මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියෙන්නේ රියෝ ද ජැනයිරෝ නගරය. Vin Dieselගේ තවත් හොඳ වැඩකෑලි ටිකක් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති අයටනම් ගැලපෙනම චිත්‍රපටියක්. මම මේ චිත්‍රපටියෙ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ. හැබැයි මට කියන්න ලෝබයි වගේ. මොකද මේකෙ කතාව ගැන කිව්වොත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බලනකොට වැඩක් නැතිවෙන්න පුලුවන්. කමක් නෑ එහෙනම් මම චුට්ටි කෑල්ලක් කියන්නම්කෝ.
                        ඩොමිනික් ටොරෙට්(Vin Diesel) කියන්නේ ඇමරිකා පොලිසියට අවශ්‍ය පුද්ගලයන් අතර ඉන්න කෙනෙක්. පොලිසියෙන් බේරෙන්න හිතාගෙන ඔහු රියෝ ද ජැනයිරෝ නගරයට යනවා. මේ අතර ඔහුගේ සහෝදරිය හා සහෝදරියගේ සැමියා(Paul Walker) රියෝ වලට පැමිනෙනවා. මේ අතරතුර ඩොමිනික් සූදානම් වෙන්නේ බාරදූර රාජකාරියකට. ඒ රියෝ නගරයේ ඉන්න ධනවත්ම පුද්ගලයා වන රේයස්(Reyes) මුදල් සියල්ලම මංකොල්ල කෑමට. නමුත් ඔහු දන්නවා රේයස්ව මංකොල්ල කෑම ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද රියෝ පොලිසියෙ සහයත් ලැබෙන්නේ රේයස්ට. මේ අතරතුර ඇමරිකා DSS ආයතනයේ විශේෂ පරීක්ෂක වරයෙක් ඩොමිනික්ව අත්අඩංගුවට ගන්න එනවා. ඔහු නමින් හොබ්ස්(Dwayne Johnson). ඉතින් ඩොමිනික් අහුවෙයිද? ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද කියලනම් දැනගන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමා.
                                            ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ. තව දෙයක් මේ චිත්‍රපටිය IMDb රේටින් 7.4 අරන් තියනවා.


සීඩර්ස්ලා වැඩි සයිස් එකෙන් අඩු කොලිටි ටොරන්ට් එකකට තිබ්බේ මේක විතරයි. ඔන්න එහෙනම් අපි කැපුනා. ඔයාට කරදරයක් නැත්නම් කමෙන්ට් එකක් හරි ෆලෝ පාරක් හරි දාන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න