Search This Blog

Tuesday, September 20, 2011

තාමත් Kung Fu Panda 2 බැලුවේ නැද්ද?....මෙන්න එහෙනම්

|0 comments
හලෝ කස්ටිය කොහොමද. ඔන්න අදත් මම ආවා චිත්‍රපටියක් ගැන අරගෙන. මේ චිත්‍රපටය ගැනනම් ඉතින් නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ නේද? මම කලිනුත් මේ චිත්‍රපටිය ගැනම පෝස්ට් එකක් දැම්මා. නමුත් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න බැරිඋනා. ඒකට හේතුව ඒ දවස්වල මේ චිත්‍රපටිය හොඳ කොපියක් තිබිච්ච නැති එක. ඔන්න ඉතින් ඒ නිසා බොහොම අමාරුවෙන් මේ චිත්‍රපටිය හොඳ කොපියක් හොයා ගත්තා. එහෙනම් වැඩි කතාවක් නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                                 මම මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. මොකද මම මේ චිත්‍රපටිය ගැන හොඳ විස්තරයක් කලින්ම දුන්න නිසා. සමහර අය නම් මේ වෙනකොට මේ චිත්‍රපටිය මේ වෙනකොට බලලත් ඇති. මේ චිත්‍රපටිය දෙන්න මීට කලින් දෙන්න බැරිවෙච්ච එක ගැන කනගාටුව පලකරනවා. ඔන්න බලපු නැති අය පහලින් බාගන්නකෝ.


Click Here To Download
Click Here To Watch Online


ඔන්න දැම්මා. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ටොරන්ට් එකේ සයිස් එක තමා. ඒ උනාට ඕක HD_Rip නිසා කොලිටිය නම් උපරිමයි. බාගන්න අකමැති අය ඉන්නව නම් ඔය පහල ලින්ක් එකෙන් ඔන්ලයින් බලන්නත් පුලුවන්. එහෙනම් මම ගියා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙනම යන්න. ජයවේවා!

Monday, September 19, 2011

ටිකක් හිනා වෙන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. නමෙන්ම තේරෙනවා නේද අද මම ලියන්න යන්නේ මොනවා ගැනද කියලා. ගොඩකාලෙකින් විහිළු කතා ටිකක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද මම ගෙනවා එල විහිලු ටිකක්. (එලද මන්දා බලලා තීරණය කරන්න වෙන්නේ) කස්ටිය දන්නවනේ ටිකක් හිනාවෙන එක ඇඟටත් ගුණයි කියලා. හරි හරි වැඩි කතා ඕනේ නෑ. පහළ තියන ටික බලන්නකෝ. පැහැදිලි නැත්නම් පින්තූර උඩ ක්ලික් කරලා බලන්ටකෝ.





















ඔන්න සෑහෙන්න ගොඩක් දැම්මා. (ගොඩක්ද කොහෙද) හිනා යනවද දන්නේ නෑ. අනේ හිනායන්නෙ නැත්නම් සමාව බාජනේකට දාලා ඇඟේ කොහෙහරි කිති කවාගෙන හරි හිනාවෙන්නකෝ. ඔන්න එහෙනම් මම ලාවට කැපෙනවා. කස්ටිය හිනායවද කියලා කියලම යන්නකෝ. (ඒකට ඔය කමෙන්ට් බොක්ස් එක කියන එක පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න මම කැපුනා. ජයවේවා!

Saturday, September 17, 2011

මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම......Part 3

|0 comments
හලෝ කස්ටිය කොහොම ඉතින්. ඔන්න ඉතින් අදත් කම්මැලිකමට ගේම් ටිකක් දාලා ඇඟ බේරගන්න තමා ලෑස්තිය. මොකෝ ඇඟ බේරගන්න කියලා හිතලා කලින් දාපු කොටස් දෙකටම හොඳ ප්‍රතිචාරත් හම්බුවෙලා තිබුනා නොවෑ. නොබලපු අය පහලින් බලන්ටකෝ.


මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම
මෙන්න බාගන්න ඇක්ෂන් ගේම් සෙට් එකක්ම................Part 2


ඔන්න ඉතින් ඒ පෝස්ට් දෙකටම හොඳ ප්‍රතිචාර (හිට්ස් විතරයි කමෙන්ට් නැත) ලැබිලා තිබ්බ නිසා මේකෙ 3 වෙනි කොටසකුත් දෙන්න හිතුනා. ඔන්න එහෙනම් අද දෙනවා ඒක. පෝස්ට් එකට බහින්න කලින් තව දෙයක් තියනවා කියන්න. මගේ පරණ බ්ලොගිය නැවත යථා තත්වයට ගන්න පුලුවන් උනා. කැමති අය ඉන්නවනම් මෙතන ඔබලා ගිහින් බලන්න. එහෙනම් ඉතින් පෝස්ට් එකට බහිමුකෝ.


අමුතුවෙන් බහින්න දෙයක් නෑ පහලින් බාගන්න.


                                            Dead Island

Deus Ex - Human Revolution

Call Of Juarez - Cartel

Men In War Vietnam

Red Orchestra 2 Heros Of Stalingrad

Hard Reset

Warhammer 40K Space Marine

ඔන්න සෑහෙන්න තොගයක් දුන්නා. ඔය සේරම එව්වා ටොරෙන්ට් ෆයිල්. ඔන්න එහෙනම් බාගෙනම රහ බලන්නකෝ. කමෙන්ට් එකක් නම් ඕනේ. ඔන්න අපි ගියා.

Friday, September 16, 2011

GTA Vice City Stories කම්පියුටරේ ගහමු

|2 comments
ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. පහුගිය දවස් ටිකේ බ්ලොගේ පැත්තට එන්න බැරිඋනාට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් ටිකේ හරිම බිසී. ඔන්න හරි එහෙනම් කතාවට බහිමුකෝ.
                                       මම ඉතින් වැඩිපුර දෙන්නේ ගේම්ස් බව කස්ටිය දන්නවනේ. මේකත් ගේම් එකක් තමා. කස්ටිය දන්නවනේ gta vice city. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද ඒ තරමට මේ ගේම් එක ලංකාවෙ ජනප්‍රිය නිසා. මම කලිනුත් මේ ගේම් එක ගැන විස්තරයක් දුන්නා. ඒත් මේ ගේම් එකේ තියන ලොකුම කොස්ස තමා මේක කම්පියුටර් වල වැඩකරන්නේ නැති එක. වැඩකරන්නේ PSP වලයි PS2 වලයි විතරයි. ඒත් ඉතින් ඔය සමහර අය ඉන්නවනේ බැරි වැඩත් කරන. අන්න ඒ වගේ කෙනෙක් මේ ගේම් එක කම්පියුටරේ ගහන්නත් හදලා තියනවා. මේක ටොරන්ට් එකක්. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ.



ඔන්න අදට ඉවරයි. මොකක් හරි අවුලක් උනොත් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්. ඔන්න අපි කැපුනා. හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් නම් ඕනේ.

Saturday, September 10, 2011

ඔබත් Scooby Doo රසිකයෙක්ද

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අදත් ආවා කාටූන් චිත්‍රපටියක් අරගෙන. හැමෝම දන්නව ඇතිනේ ස්කූබි ඩූ ගැන. නොදන්න කෙනෙක් හිටියොත් තමා පුදුමේ. ඔන්න ඉතින් ස්කූබි ඩූ ගැන දන්න නොදන්න හැමෝටම බලන්න මම ගෙනාවා 2011 වර්ෂයේ අලුතින්ම නිකුත් උනු ස්කූබි ඩූ චිත්‍රපටිය. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                       කස්ටිය බලල ඇතිනේ අර සිරසක් නැති සිරස මෙව්ව එකේ ගිය ස්කූබි ඩූ චිත්‍රපටි. හැබැයි මේක නම් තවමත් රූපවාහිනියෙ නරඹන්න බෑ. හෆොයි තාම මම මේ චිත්‍රපටියෙ නම කිව්වෙ නෑ නේද? මේ චිත්‍රපටියෙ නම තමා Scooby Doo Legend Of The Phantosaur. ඔන්න මම මේ චිත්‍රපටියෙ කතාව ගැනත් ජුන්ඩක් කියන්නම්කෝ.
                                 ස්කූබි ඩූ ඇතුලු රහස් පරීක්ෂක කණ්ඩායම නිවාඩුවක් ගතකරන්න යනවා ඩැෆ්නිගෙ මාමා කෙනෙක් ඉන්න ගමට. ඉතින් මේ ගමට ගිහින් ඉන්න අතරෙදි ශැගී ස්කූබි එක්ක පොඩ්ඩක් ඇවිදින්න යනවා. මේ අතරතුරේ ස්කූබි අරගෙන ගිය විස්කෝතු කටුස්සෙක් අරගෙන යනවා. මේ කටුස්සා පස්සෙන් එලවගෙන යන ස්කූබි දකිනවා විශාල ඩයිනසෝර් කෙනෙක්ව. මෙතන ඉඳන් චිත්‍රපටිය බැලීම ඔයගොල්ලන්ට බාරයි. ඔන්න කැමති අය පහලින් බාගන්නකෝ.



බැලුව වගේ නෙමේ කමෙන්ට් එකකුත් දාගෙනම ගියොත් තමා හොඳ.

Wednesday, September 7, 2011

මෙන්න Green Lantern චිත්‍රපටිය

|2 comments
ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ ජීවීයා ළඟ තිබෙනවා ඉතා බලගතු මුද්දක්. මෙම ජීවියා තමා මියයාමට පෙර මෙම මුද්ද ලබාදීමට පුද්ගලෙයක්ව සොයනවා. ඒත් එක්කම ඔහුට හල් ජෝර්ඩන්ව හමුවෙනවා. මෙතන ඉඳන් කතාව බලන එක ඔයගොල්ලන්ට බාරයි. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ. තවදෙයක් තියනවා මේ චිත්‍රපටිය IMDb රේටින් 6 ලබාගෙන තියනවා. ඔන්න බාගෙනම බලන්නකෝ.



ඔන්න එහෙනම් මම කැපෙනවා. හැමදාම කියනවා වගේ කැමතිනම් කමෙන්ට් එකකුත් දාලො ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Tuesday, September 6, 2011

Internet Money හොයන්න හොඳම අඩවි

|2 comments
ඔන්න ඉතින් කස්ටිය ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. මේ පෝස්ට් එක දාන්නේ නිකරුණේ කාලෙ කන්නෙ නැතුව ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන කස්ටියටයි. කස්ටිය දන්නව ඇතිනේ Bux සයිට්ස් කියන්නේ මොනවද කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               Bux සයිට් කියන්නේ ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන්න පුලුවන් අඩවි. ඒත් ඉතින් සමහරුන්ට සැකයක් තියනවා මේ සයිට් වලින් තමන් ක්ලික් කරන ඇඩ් වලට නිවැරදිම ගාන දෙනවද කියලා. ඔන්න ඉතින් මම ගෙනවා විශ්වාසවන්තම වගේම හොඳටම මුදල් ගෙවන අඩවි ගැන විස්තරයක් අරගෙන. ඒ කිව්වේ ඉතින් දැනට ලෝකේ තියන හොඳම Bux සයිට් ටික අරගෙන. මෙන්න ඒ අඩවි.



ඔන්න මේ පෝස්ට් එකත් ඉවරයි. මේ පෝස්ට් එක ගැන ඔය ගොල්ලන්ගෙ අදහසක් දාලා අකමැත්තක් නැත්නම් ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Alexa Rank

නැවත ඉහලට යන්න