Search This Blog

Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts

Friday, April 6, 2012

ටොරන්ට් ඩිරෙක්ට් බාමු....................

|2 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ.
                                            මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට බාගන්න එක තමා. මීට පෙරත් මෙවැනි අඩවියක් තිබ්බා Torrific කියලා. නමුත් දැන් එම අඩවිය අක්‍රිය වෙලා නිසා විකල්පයක් ලෙස මේ අඩවියක් ගොඩදෙනෙක් භාවිත කරනවා. පහලින් එම අඩවියට ගිහින් බලන්නකෝ.

Saturday, January 21, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න...Part 2

|4 comments
ඔන්න අදත් මම දෙන්න ආවේ අන්තර්ජාලයෙන් වැඩ ගන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්ච දෙයක්. මම කලිනුත් මේ වගේම පෝස්ට් එකක් දැම්මා කස්ටියට මතක ඇති. මේ තියෙන්නේ තවත් ඒ වගේම අඩවියක්. මමත් මේ අඩවිය ගැන දැනගත්තේ අපේ පසන් කොලුවා මේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකකින්. ඒ නිසා එයාටත් ස්තූති කරලම මම වැඩේ පටන් ගන්නවා.
                                                   මේකත් අර කලින් කිව්වා වගේම අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි, සේවා, මෘදුකාංග සහ අනෙකුත් හැම දෙයක් ගැනම තියන අඩවියක්. මේ අඩවියේ නම Smashing Magazine. මේ අඩවියෙත් හැම දෙයක් ගැනම සරලව හා පැහැදිලිව කියල දීල තියනවා. (හැබැයි කඩ්ඩෙන්) ඉතින් අන්තර්ජාලයෙන් වැඩ ගන්න දන්න නොදන්න සියලු දෙනාටම වැදගත් වෙන දේවල් මේ අඩවියේ අන්තර්ගතයි....ඔන්න හැඳින්වීම ඉවරයි.............කැමති කස්ටිය පහලින් ගිහින් බලන්නකෝ.


මෙතනින් යන්න.......................


ඔන්න එහෙනම් මම කැපෙනවා. අනේ ඔයගොල්ලො කමෙන්ට් එකක් නොදා නිකන් නම් යන්න එපා හොඳේ.

Tuesday, January 17, 2012

Facebook Timeline එකට ලස්සනම Covers තියන අඩවි

|2 comments
ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින් දාන්නම්.

Wednesday, January 11, 2012

අන්තර්ජාලයෙන් වැඩ ගන්න අමාරුයිද?...එහෙනම් කියවන්න

|5 comments
ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ.
                                                    මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා මේක අන්තර්ජාලය හා පරිගණකය ගැන ඉගෙනගන්න හොඳ අඩවියක් කියලා. මේ අඩවියේ නම digital web hints. මම අන්තර්ජාලය ගැන විතරක් කිව්වට අන්තර්ජාලය ගැන විතරක් නෙවේ අපි පාවිච්චි කරන පරිගණකය ගැනත් ගොඩක් දේවල් මේ අඩවියෙන් දැනගන්න පුලුවන්.
                                                     මේ අඩවියේ සේරම දේ කඩ්ඩෙන් තමා තියෙන්නේ. ඒත් ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මේ අඩවියට යන්න වටිනවා කියලා හිතනවා නම් පහත සබැඳියෙන් යන්න පුලුවන්.


මෙතනින් යන්න.............................


ඔන්න මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ..........ඕං මං කැපෙනවා...........බායි

Tuesday, January 10, 2012

Online Movies බලන්න හොඳ සයිටුවක්......Part 2

|2 comments
ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න හිට්ස් වැටිලා තිබ්බා. මම හිතනවා මේ පෝස්ට් එකත් ඔබට ඒ වගේම වැදගත් වෙයි කියලා...........හරි හරි වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමුකෝ.
                                                     තාමත් මට මේ අඩවියේ නම කියන්න බැරිඋනානේ. මේකෙ නම Tube+ (tube plus) සමහරු දැනටමත් මේ අඩවිය ගැන දන්නවා ඇති. ඒ අතර ඉතින් නොදන්න අයත් ඇතිනේ. මම හැමදාමත් කියනවා වගේ මේ ඒ නොදන්න අය වෙනුවෙන්.
                                                      මේකෙ තියෙන හැම චිත්‍රපටියක්ම සම්පූර්ණ ඒවා. ඒ අතර නවතම චිත්‍රපටිත් තියනවා. හැම චිත්‍රපටියකම ඩීවීඩී පිටපත නිකුත් වූ වහාම එය මෙම අඩවියට ඇතුල් වෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටිවල කැමරා පිටපත් පවා මෙම අඩවියේ ඇතුලත්. නමුත් මෙම අඩවියේ ලේසියෙන්ම කැමරා කොපි හඳුනාගැනීමට පහසුකම් සපයා තිබෙනවා. චිත්‍රපට පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල නවතම කොටස් පවා මේ අඩවිය හරහා නරඹන්න පුලුවන්. ඒ වගේම තමා සමහර ඔන්ලයින් මූවී අඩවි වගේ මේ අඩවියේ චිත්‍රපටි පල් වෙන්නෙත් නෑ. හැමදාම අලුත් ඒවා තියනවා. ඉතින් මෙම අඩවියට ඔබට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.


මෙතනින් යන්න........................

මම හිතනවා මේ පෝස්ට් එක ගොඩදෙනෙකුට වැදගත් උනා කියලා. එහෙම යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........................

Tuesday, December 27, 2011

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

|2 comments
හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
                                                 යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන ආවේ ඉතා ලේසියෙන්ම කීප් ටියුබ් භාවිතා කර යූටියුබ් වීඩියෝ බාගන්න හැටි කියලා දෙන්න. මේ අය අතර මේ ගැන දන්න අයත් ඇති. මේ නොදන්න අය වෙනුවෙන්.
                                                කීප්ටියුබ් භාවිතා කරන්න හරි ලේසියි. කරන්න තියෙන්නේ තමන් කැමති යූටියුබ් වීඩියොවේ ලින්ක් එක ඉස්සරහට keep කියන කෑල්ල ඇඩ් කරන එක විතරයි.
උදා.....යූටියුබ් ලිංකුව:-http://www.youtube.com/watch?v=GRyD9aBlXZs
කීප්ටියුබ් භාගත ලිංකුව:-http://www.keepyoutube.com/watch?v=GRyD9aBlXZs

මේ කීප් ටියුබ් ගැන වැඩි විස්තර සියල්ලක්ම මෙතනින් ලබාගන්න පුලුවන්.


දැක්කනේ හරිම ලේසි වැඩක්......මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ.

Saturday, December 24, 2011

YouTube වලින් චිත්‍රපටි බලමු

|0 comments
ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත් යූටියුබ් වලින් හඳුන්වා දීපු පහසුකම මගින් චිත්‍රපටිය පැය දෙකක් උනත් එක දිගට බලන්න පුලුවන්. සමහරු මේ පහසුකම දැන දැනටමත් දන්නවා ඇති. ඒත් මේ තාමත් ඒ ගැන නොදන්න අය වෙනුවෙන්...............එහෙනම් ඉතින් තව කතා වැඩක් නෑනේ, මෙතන ඔබලා ඔයගොල්ලොම ගිහින් බලන්නකෝ. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

|0 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................
                                                අපි දන්නවානේ සමහර අඩවි වල ලියාපදිංචි වෙන්න ඊමේල් ලිපිනයක් අවශ්‍ය බව. සමහර වෙලාවට අපිට බොරු ඊමේල් ලිපිනයක් පාවිච්චි කරන්නත් බැරිවෙන අවස්ථා ඇතිවෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා විනාඩි දහයකට වලංගු වෙන ඊමේල් ලිපිනයක් හදාගන්න පුලුවන්. කැමති නම් තව විනාඩි දහයක් වැඩිපුර ගන්න උනත් පුලුවන්. එහෙනම් මෙතන ඔබලා එම අඩවියට ගිහින්ම බලන්නකෝ.
මේ රූපය බැලුවාම මේ අඩවිය පාවිච්චි කරන හැටි දැනගන්න පුලුවන්
                                                   ඔන්න එහෙනම් මම කැපුනා. අමතක නොකර මේ පෝස්ට් එක ගැන අදහසක් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.......................

Alexa Rank

නැවත ඉහලට යන්න