skip to main |
skip to sidebar
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ.
මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට බාගන්න එක තමා. මීට පෙරත් මෙවැනි අඩවියක් තිබ්බා Torrific කියලා. නමුත් දැන් එම අඩවිය අක්‍රිය වෙලා නිසා විකල්පයක් ලෙස මේ අඩවියක් ගොඩදෙනෙක් භාවිත කරනවා. පහලින් එම අඩවියට ගිහින් බලන්නකෝ.
ඔන්න අදත් මම දෙන්න ආවේ අන්තර්ජාලයෙන් වැඩ ගන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්ච දෙයක්. මම කලිනුත් මේ වගේම පෝස්ට් එකක් දැම්මා කස්ටියට මතක ඇති. මේ තියෙන්නේ තවත් ඒ වගේම අඩවියක්. මමත් මේ අඩවිය ගැන දැනගත්තේ අපේ පසන් කොලුවා මේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකකින්. ඒ නිසා එයාටත් ස්තූති කරලම මම වැඩේ පටන් ගන්නවා.
මේකත් අර කලින් කිව්වා වගේම අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි, සේවා, මෘදුකාංග සහ අනෙකුත් හැම දෙයක් ගැනම තියන අඩවියක්. මේ අඩවියේ නම Smashing Magazine. මේ අඩවියෙත් හැම දෙයක් ගැනම සරලව හා පැහැදිලිව කියල දීල තියනවා. (හැබැයි කඩ්ඩෙන්) ඉතින් අන්තර්ජාලයෙන් වැඩ ගන්න දන්න නොදන්න සියලු දෙනාටම වැදගත් වෙන දේවල් මේ අඩවියේ අන්තර්ගතයි....ඔන්න හැඳින්වීම ඉවරයි.............කැමති කස්ටිය පහලින් ගිහින් බලන්නකෝ.
මෙතනින් යන්න.......................
ඔන්න එහෙනම් මම කැපෙනවා. අනේ ඔයගොල්ලො කමෙන්ට් එකක් නොදා නිකන් නම් යන්න එපා හොඳේ.
ඔන්න අද මම අරගෙන ආවේ ෆේස්බුක් ට්‍රික් එකක්. දැන් බුකියෙ ඉන්න ගොඩදෙනෙක් ෆේස්බුක් ටයිම්ලයින් පහසුකම පාවිච්චි කරනවනේ. (ඇත්තම කිව්වොත් ඉතින් මමත් පාවිච්චි කරනවා) ඉතින් ඔය ටයිම්ලයින් එකට ලස්සන කවර් එකකුත් දාගන්න එපෑ. එහෙම දාගන්න ගියාම මට හම්බවෙච්ච ලස්සනම ටයිම්ලයින් කවර් තියන අඩවි කිහිපයක් මම පහළින් දාන්නම්.
ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ.
මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා මේක අන්තර්ජාලය හා පරිගණකය ගැන ඉගෙනගන්න හොඳ අඩවියක් කියලා. මේ අඩවියේ නම digital web hints. මම අන්තර්ජාලය ගැන විතරක් කිව්වට අන්තර්ජාලය ගැන විතරක් නෙවේ අපි පාවිච්චි කරන පරිගණකය ගැනත් ගොඩක් දේවල් මේ අඩවියෙන් දැනගන්න පුලුවන්.
මේ අඩවියේ සේරම දේ කඩ්ඩෙන් තමා තියෙන්නේ. ඒත් ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මේ අඩවියට යන්න වටිනවා කියලා හිතනවා නම් පහත සබැඳියෙන් යන්න පුලුවන්.
මෙතනින් යන්න.............................
ඔන්න මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් උනොත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ..........ඕං මං කැපෙනවා...........බායි
ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න හිට්ස් වැටිලා තිබ්බා. මම හිතනවා මේ පෝස්ට් එකත් ඔබට ඒ වගේම වැදගත් වෙයි කියලා...........හරි හරි වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමුකෝ.
තාමත් මට මේ අඩවියේ නම කියන්න බැරිඋනානේ. මේකෙ නම Tube+ (tube plus) සමහරු දැනටමත් මේ අඩවිය ගැන දන්නවා ඇති. ඒ අතර ඉතින් නොදන්න අයත් ඇතිනේ. මම හැමදාමත් කියනවා වගේ මේ ඒ නොදන්න අය වෙනුවෙන්.
මේකෙ තියෙන හැම චිත්‍රපටියක්ම සම්පූර්ණ ඒවා. ඒ අතර නවතම චිත්‍රපටිත් තියනවා. හැම චිත්‍රපටියකම ඩීවීඩී පිටපත නිකුත් වූ වහාම එය මෙම අඩවියට ඇතුල් වෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටිවල කැමරා පිටපත් පවා මෙම අඩවියේ ඇතුලත්. නමුත් මෙම අඩවියේ ලේසියෙන්ම කැමරා කොපි හඳුනාගැනීමට පහසුකම් සපයා තිබෙනවා. චිත්‍රපට පමණක් නොව රූපවාහිනී වැඩසටහන් වල නවතම කොටස් පවා මේ අඩවිය හරහා නරඹන්න පුලුවන්. ඒ වගේම තමා සමහර ඔන්ලයින් මූවී අඩවි වගේ මේ අඩවියේ චිත්‍රපටි පල් වෙන්නෙත් නෑ. හැමදාම අලුත් ඒවා තියනවා. ඉතින් මෙම අඩවියට ඔබට පහත සබැඳියෙන් පිවිසිය හැකියි.
මෙතනින් යන්න........................
මම හිතනවා මේ පෝස්ට් එක ගොඩදෙනෙකුට වැදගත් උනා කියලා. එහෙම යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........................