Search This Blog

Sunday, August 28, 2011

පරණ ගේම්ස් වලට කැමති අයට පමනයි

හලෝ කස්ටිය කොහොමද ඉතින්? මේ දවස් ටිකෙත් දාන්න තරම් වැදගත් පෝස්ට් එකක් හම්බුනේ නැති නිසා තමා මුකුත් දාන්න බැරිඋනේ. ඔන්න ඉතින් අද මම දෙන්න යන්නෙ පරණ ගේම් එකක්. පරණයි කිව්වට එච්චරම පරණත් නෑ. කොහොම උනත් අලුතින් එන ගේම්ස් වලට වඩා නම් ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් වටින් ගොඩින් ඇවිල්ලා ගේම් එකේ නම කියනවා. මේක තමා gta iii ගේම් එක. එහෙමත් නැත්නම් ජීටීඒ පරිගණක ක්‍රීඩා මාලාවේ ත්‍රිමාණකරනය ආරම්භ කරපු ගේම් එක. මම කිව්වනේ මේක පරණ ගේම් වලට කැමති අයට පමණයි කියලා. ඔන්න එහෙනම් කැමති කස්ටිය බලන්නකෝ.
                                මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩා මාලාව තමා ජීටීඒ කියන්නේ. අනිත් හැම ගේම් එකකටම වඩා මම මේ පරිගණක ක්‍රීඩා මාලාවට කැමතියි. මම ප්ලේ කරපු මුල්ම ජීටීඒ ගේම් එක තමා වයිස් සිටි. ඔන්න ඉතින් මම මේ පරිගණක ක්‍රීඩා මාලාවේ තවත් ගේම් එකක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේක ප්ලේ කරලා ඇති. ඒත් ආයි ගහන්න කැමති අයත් ඇතිනේ. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව ගේම් එකේ පොඩි විස්තරයක් දෙන්නම්.
                                 මේ ගේම් එකට මෙහෙයුම් 73 ඇතුලත් වෙනවා. වාහන වර්ග පනහකට අධික ප්‍රමාණයක් හා මිනිසුන් වර්ග 100 විතර තියෙනවා. එකිනෙකට වෙනස් ප්‍රදේශ 3 තියනවා. මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්නේ 2001 වසරේ.
                                        ඔන්න ඉතින් කැමති කස්ටිය බාගන්නකෝ. ගේම් එකට අවශ්‍ය රික්ස් පහල තියනවා. 


PENTIUM III 420MHz PROCESSOR
64MB RAM
16 MB GRAPHICS CARD
8X DVD ROM
500MB HDD SPACE
DIRECT X 8.1


ඔය ඉහළ තියන රික්ස් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඔය ගේම් එකට අවශ්‍ය ඉතා අඩු පහසුකම්. ඔන්න පහළින් බාගන්නකෝ.



ඔන්න මම කැපෙනවා. කස්ටිය බාගෙන ගේම් එක හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

0 comments:

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න