Search This Blog

Wednesday, September 7, 2011

මෙන්න Green Lantern චිත්‍රපටිය

|2 comments
ඔන්න කස්ටිය අදත් මම ආවා. කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ මෙන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටියක්. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක පට්ටම පට්ට කාලෙකින් බලපු සිරාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන්. මම මේකේ කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. හල් ජෝර්ඩන් (Ryan Reynolds) කියන්නේ ගුවන් නියමුවෙක්. මේ අතරතුරේ ඕආ (Oa) නැමති ග්‍රහලෝක වාසියෙක් තමන්ගේ යානයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම නිසා පෘථිවියට ගොඩබහිනවා. මේ පිටසක්වළ ජීවීයා ළඟ තිබෙනවා ඉතා බලගතු මුද්දක්. මෙම ජීවියා තමා මියයාමට පෙර මෙම මුද්ද ලබාදීමට පුද්ගලෙයක්ව සොයනවා. ඒත් එක්කම ඔහුට හල් ජෝර්ඩන්ව හමුවෙනවා. මෙතන ඉඳන් කතාව බලන එක ඔයගොල්ලන්ට බාරයි. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ. තවදෙයක් තියනවා මේ චිත්‍රපටිය IMDb රේටින් 6 ලබාගෙන තියනවා. ඔන්න බාගෙනම බලන්නකෝ.



ඔන්න එහෙනම් මම කැපෙනවා. හැමදාම කියනවා වගේ කැමතිනම් කමෙන්ට් එකකුත් දාලො ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Tuesday, September 6, 2011

Internet Money හොයන්න හොඳම අඩවි

|2 comments
ඔන්න ඉතින් කස්ටිය ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. මේ පෝස්ට් එක දාන්නේ නිකරුණේ කාලෙ කන්නෙ නැතුව ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන කස්ටියටයි. කස්ටිය දන්නව ඇතිනේ Bux සයිට්ස් කියන්නේ මොනවද කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                               Bux සයිට් කියන්නේ ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන්න පුලුවන් අඩවි. ඒත් ඉතින් සමහරුන්ට සැකයක් තියනවා මේ සයිට් වලින් තමන් ක්ලික් කරන ඇඩ් වලට නිවැරදිම ගාන දෙනවද කියලා. ඔන්න ඉතින් මම ගෙනවා විශ්වාසවන්තම වගේම හොඳටම මුදල් ගෙවන අඩවි ගැන විස්තරයක් අරගෙන. ඒ කිව්වේ ඉතින් දැනට ලෝකේ තියන හොඳම Bux සයිට් ටික අරගෙන. මෙන්න ඒ අඩවි.



ඔන්න මේ පෝස්ට් එකත් ඉවරයි. මේ පෝස්ට් එක ගැන ඔය ගොල්ලන්ගෙ අදහසක් දාලා අකමැත්තක් නැත්නම් ෆලෝ පාරකුත් දාගෙනම යන්නකෝ.

Sunday, August 28, 2011

පරණ ගේම්ස් වලට කැමති අයට පමනයි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? මේ දවස් ටිකෙත් දාන්න තරම් වැදගත් පෝස්ට් එකක් හම්බුනේ නැති නිසා තමා මුකුත් දාන්න බැරිඋනේ. ඔන්න ඉතින් අද මම දෙන්න යන්නෙ පරණ ගේම් එකක්. පරණයි කිව්වට එච්චරම පරණත් නෑ. කොහොම උනත් අලුතින් එන ගේම්ස් වලට වඩා නම් ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් වටින් ගොඩින් ඇවිල්ලා ගේම් එකේ නම කියනවා. මේක තමා gta iii ගේම් එක. එහෙමත් නැත්නම් ජීටීඒ පරිගණක ක්‍රීඩා මාලාවේ ත්‍රිමාණකරනය ආරම්භ කරපු ගේම් එක. මම කිව්වනේ මේක පරණ ගේම් වලට කැමති අයට පමණයි කියලා. ඔන්න එහෙනම් කැමති කස්ටිය බලන්නකෝ.
                                මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩා මාලාව තමා ජීටීඒ කියන්නේ. අනිත් හැම ගේම් එකකටම වඩා මම මේ පරිගණක ක්‍රීඩා මාලාවට කැමතියි. මම ප්ලේ කරපු මුල්ම ජීටීඒ ගේම් එක තමා වයිස් සිටි. ඔන්න ඉතින් මම මේ පරිගණක ක්‍රීඩා මාලාවේ තවත් ගේම් එකක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේක ප්ලේ කරලා ඇති. ඒත් ආයි ගහන්න කැමති අයත් ඇතිනේ. ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව ගේම් එකේ පොඩි විස්තරයක් දෙන්නම්.
                                 මේ ගේම් එකට මෙහෙයුම් 73 ඇතුලත් වෙනවා. වාහන වර්ග පනහකට අධික ප්‍රමාණයක් හා මිනිසුන් වර්ග 100 විතර තියෙනවා. එකිනෙකට වෙනස් ප්‍රදේශ 3 තියනවා. මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්නේ 2001 වසරේ.
                                        ඔන්න ඉතින් කැමති කස්ටිය බාගන්නකෝ. ගේම් එකට අවශ්‍ය රික්ස් පහල තියනවා. 


PENTIUM III 420MHz PROCESSOR
64MB RAM
16 MB GRAPHICS CARD
8X DVD ROM
500MB HDD SPACE
DIRECT X 8.1


ඔය ඉහළ තියන රික්ස් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඔය ගේම් එකට අවශ්‍ය ඉතා අඩු පහසුකම්. ඔන්න පහළින් බාගන්නකෝ.



ඔන්න මම කැපෙනවා. කස්ටිය බාගෙන ගේම් එක හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Thursday, August 25, 2011

දූපතක අතරමං වූ පුද්ගලෙකු වටා ගෙතුණු Sims 2 Castaway පරිගණක ක්‍රීඩාව

|3 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? ඔන්න අදත් මම පස්ට ගේම් එකක් අරගෙන ආවා. මීට කලිනුත් මම සිම්ස් වර්ගයේම ගේම් එකක් දුන්නා. ඒක මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ. ඔන්න ඉතින් වැඩි කතාවක් නැතුවම පෝස්ට් එකට බහිමුකෝ.
                       මේක පරිගණක ක්‍රීඩකයාට ක්‍රීඩා කරන්න තියෙන්න දූපතක අතරමං වෙච්ච පුද්ගලයෙක් විදිහටයි. තමන් කැමති විදිහට ඒ පුද්ගලයා හදාගන්නත් අවස්ථාව ලබාදීලා තියනවා. ඉතින් මේ පුද්ගලයා තනියම බෝට්ටු සංචාරයක් ගිහින් ඉන්නැද්දි වැරදීමකින් ඔහුව බෝට්ටුවෙන් මුහුදට වැටෙනවා. පසුව ඔහුව කිසිවෙක් නැති පාලු දූපතකට යනවා. මෙතන ඉඳන් අපි ඒ පුද්ගලයා විදිහට ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම මේ දූපතේ සිටින සතුන් සමග යාලු වෙන්නත් වෙනවා. ආහාර ගැනීම නිදාගැනීම වගේ ක්‍රියා කරන්නත් සිද්ධ වෙනවා.
                    ඔන්න හැඳින්වීම ඉවරයි. මම හිතනවා හැමෝම මේ ගේම් එකට කැමති ඇති කියලා. ඔන්න එහෙනම් පහලින් බාගන්නකෝ.


ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ ෆලෝ පාරක් කමෙන්ට් එකක් එහෙම දෙයි කියලා බලාගොරොත්තු වෙනවා. ඕං එහෙනම් මම ගියා.

Tuesday, August 23, 2011

Windows 8 තීම් එක Windows 7 වලට

|3 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා නියම වැඩ කෑල්ලක් අරගෙන. මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ වින්ඩෝස් සෙවන් වල විතරයි. ඔන්න වින්ඩෝස් සෙවන් තියන කස්ටිය අහගන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිනවා.
                       කස්ටිය දන්නවනේ වින්ඩෝස් වල අලුතෙන්ම එන්න තියන වර්ෂන් එක.(දැනටමත් සමහරු ගාව ඇති) ඔන්න ඉතින් ඒකේ තීම් එක තමා මම දැන් ඔයගොල්ලන්ට දෙන්න යන්නේ. මම දන්නවා ගොඩ දෙනෙක් කැමති ඇති මේ තීම් එක ඔයගොල්ලන්ගෙ පරිගණක වලට දාගන්න. මමත් හොයන කොට තමා මේක හම්බුනේ. ඔන්න කැමති අයත් බාගෙන බලන්නකෝ කොහොමද තීම් එක කියලා. ඔන්න ඔය පහල ලින්ක් එකෙන් ගන්නකෝ.


CLICK HERE TO DOWNLOAD WIN8 THEME


ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලො බාගෙන බලලා හොඳයි කියලා හිතෙනවනම් කමෙන්ට් කෑල්ලක් දාගෙනම යන්නකෝ.

Monday, August 22, 2011

Online Movie බලන්න හොඳ සයිටුවක්

|6 comments
හලෝ කස්ටිය ඉතින් කොහොමද? ඔන්න ඉතින් දවස් දෙකකට විතර පස්සේ ආවා තව ඔන්ලයින් චිත්තරපටි බලන්න පුලුවන් සයිටුවක් අරගෙන. මේ දවස් ටිකේ දාන්න මුකුත් නැතුව ඉන්නකොට තමා මේක හම්බඋනේ. ඔන්න එහෙනම් ඉතින් වැඩි කතා නැතුව පෝස්ට් එකට බහිමුකෝ.
                        මේක පස්ට සයිටුවක්. මම මේ සයිට් එක ගැන මුලින්ම දැනගත්තේ පරිගණක උදව් ගෘපියෙන්. මේ සයිට් එකේ අලුත්ම චිත්‍රපටි සේරම වගේ තියනවා. ඉතින් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්න මහන්සි වෙන්න අකමැති අයට මේක ගැලපෙනම සයිට් එකක්. ඔන්න කැමති අය පහල ලින්ක් එකෙන්ම ගිහින් බලන්නකෝ.


CLICK HERE TO VISIT THIS SITE


ඔන්න මම කැපුනා. ඔයගොල්ලන්ට මේ පෝස්ට් එකෙන් යම් ප්‍රයෝජනයක් ලැබුනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Friday, August 19, 2011

මෙන්න තවත් gta ගේම්ස් දෙකක්

|0 comments
හලෝ කස්ටිය ඉතින් කොහොමද? දවස් දෙකකින් විතර අලුත් පෝස්ට් එකක් දාන්න බැරිඋනා. මේ දවස් වල මුකුත් අහු උනේ නෑ දාන්න. ඔන්න ඉතින් බොහොම අමාරුවෙන් ජංජාලෙ කරක් ගහලා හොයාගත්තා පස්ට ගේම් දෙකක්. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      මේ ගේම් දෙක තමා GTA Vice City Stories සහ GTA Liberty City Stories කියන දෙක. ජීටීඒ කිව්ව ගමන් කස්ටිය දන්නවනේ මේක මොන විදියේ ගේම් දෙකක්ද කියලා. දන්නැති කස්ටිය මේ සයිට් එකට ගිහින් බලන්නකෝ.
                                මේ ගේම් දෙක ගැන කියනවනම් ඉතින් සුපිරි ගේම් දෙකක් කියලා කිව්වහැකි. ලංකාවට වැඩිය ආවෙ නැති නිසා මේ ගේම් දෙක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ. කොහොම නමුත් මේ ගේම් දෙක මේවාගෙ මුල් සංස්කරණ වෙච්ච GTA Vice City හා GTA Liberty City කියන ගේම් දෙකට වඩා හොඳයි. එහෙනම් ඉතින් කස්ටියට හිතාගත්තැහැකිනේ මේ ගේම් දෙක ගැන. එහෙනම් ඔන්න කැමති කස්ටිය පහළින් බාගන්නකෝ.


                                       gta vice city stories

gta liberty city stories

ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලොත් මෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Alexa Rank

නැවත ඉහලට යන්න