Search This Blog

Showing posts with label වල් පල්. Show all posts
Showing posts with label වල් පල්. Show all posts

Friday, April 6, 2012

ටොරන්ට් ඩිරෙක්ට් බාමු....................

|2 comments
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් මම ආවා. අද අරගෙන ආවේ ටොරන්ට් පාවිච්චි කරන අයට පොඩි ට්‍රික් එකක්. ඒ කිව්වේ ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් ලින්ක් භාවිතයෙන් බාගත කරගන්න විදිය තමා. එහෙනම් කතාවට බහිමුකෝ.
                                            මේක වෙබ් අඩවියක්. මෙමගින් කෙරෙන්න ටොරන්ට් කිසිදු ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් භාවිත නොකරමින් ඩිරෙක්ට්ම පරිගණකයට බාගන්න එක තමා. මීට පෙරත් මෙවැනි අඩවියක් තිබ්බා Torrific කියලා. නමුත් දැන් එම අඩවිය අක්‍රිය වෙලා නිසා විකල්පයක් ලෙස මේ අඩවියක් ගොඩදෙනෙක් භාවිත කරනවා. පහලින් එම අඩවියට ගිහින් බලන්නකෝ.

Sunday, January 1, 2012

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!

|0 comments
ඔන්න අලුත් අවුරුද්දත් ලැබුවා.......................ඉතින් අලුත් අවුරුද්දට සුබ පතන්නත් එපායැ...............ඔන්න එහෙනම් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු වැඩකටයුතු සාර්ථක වෙන, බාල්දි නොපෙරලෙන, තොප්පි නොවැටෙන, බූට් නොලැබෙන, දත් නොගැලවෙන සුබම සුබ නව වසරක් වේවා! ඔන්න එහෙනම් මං කැපුනා.

Friday, December 30, 2011

2011 වර්ෂයේ අවසානය සහ 2012 වර්ෂයේ ආරම්භය

|2 comments
අවුරුද්දකුත් ගෙවිලා ගියා නේද...........දන්නෙම නැතුව. නව අවුරුද්දකුත් ආරම්භ වෙනවා.........මොහොතකටවත් හිතුවද මේ අවුරුද්දේ තමන් අතින් වෙච්ච වැරදි ගැන, ඒවා නිවැරදි කරගන්න විදිය ගැන...........අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්නේ, ඉතින් තමන්ගේ වැරදි නිවැරදි කර නොගත්තොත් කොහොමද ඒක අලුත් වෙන්නේ...............මේක මටත් ලෝවාසී සියලු දෙනාටමත් එකසේ පොදු දෙයක්...............වචන සිය ගානකින් කිව යුතු දෙයක් තමයි වාක්‍ය දහයකට පමණ පෙරලා ලිව්වේ.............ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!


ප.ලි:-හිතට ආ සිතුවිල්ලකි. අදහසක් දාගෙනම යන්න

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

|0 comments
කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි.


සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ
                                                     මුලින්ම අපි අපේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න ඕනේ. ඒක මෙතනින් බාගන්නකෝ. ඊලඟට අපිට අවශ්‍ය වෙනවා සිංහල උපසිරැසි නරඹන්න පුලුවන් ප්ලේයර් එකක්. ඒ සඳහා අපිට පහත ප්ලේයර් පාවිච්චි කරන්න පුලුවන්.


Gom player
Jet Audio
KM player
Media player classic(K-Lite codec pack)

Windows Media Player(K-Lite codec pack)
Winamp Media Player(K-Lite codec pack)


සාමාන්‍යයෙන් VLC Media Player එක සිංහල උපසිරැසි වලට සහය දක්වන්නේ නැහැ.


සිංහල උපසිරැසි චිත්‍රපටය සමග නැරඹීමට තිබිය යුත්තේ කොහේද?
                                            සිංහල උපසිරැසි ෆයිල් එක තිබිය යුත්තේ චිත්‍රපටය ඇති ෆෝල්ඩර් එකේමයි. චිත්‍රපට ගොනුවේ සහ උපසිරැසි ගොනුවේ නම සමාන විය යුතුයි.
උදා:- movie - sample.avi
      subtitle - sample.srt


ප්ලේයර් එකේ චිත්‍රපටිය නැරඹීම ආරම්භ කල විට උපසිරැසිත් ආරම්භ වේද?
                                            බොහෝ ප්ලේයර් වල චිත්‍රපටය ආරම්භ කල වහාම උපසිරැසිද ආරම්බ වේ. එබැවින් චිත්‍රපටිය පමණක් ප්ලේ කල යුතුය.


හ්ම්ම්.............මම හිතන්නේ කස්ටියට තේරෙන්න ඇති කියලා. යම් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහගන්න පුලුවන්. මේක ගැන ප්‍රශ්නයක් නැති අය උනත් කමෙන්ට් එකක් දැමීමේ වරදක් නෑ හොඳේ. ඕං එහෙනම් මං කැපුනා.................

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

|5 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.
                                          සිංහල උපසිරැසි හදන්න ක්‍රම කීපයක් තියනවා, හැබැයි ලේසිම ක්‍රමේ තමයි ඉංග්‍රීසි උපසිරැසි අරගෙන ඒවා සිංහලට හරවන එක. මුලින්ම අපිට අන්තර්ජාලෙන් අදාල චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න වෙනවා. දැන් ඒ බාගත්ත උපසිරැසි ෆයිල් එක නෝට්පෑඩ් ආධාරයෙන් ඕපන් කරගන්නකෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය පහල තියනවා වගේ මෙව්වා ටිකක්.



1
00:00:39,647 --> 00:00:42,605
Yes, Marlin. I see it. It's beautiful.

2
00:00:42,687 --> 00:00:45,406
So, Coral, when you said
you wanted an ocean view,

3
00:00:45,487 --> 00:00:49,082
you didn't think you were going
to get the whole ocean, did you?

4
00:00:52,087 --> 00:00:53,805
A fish can breathe out here.

දැන් ඉතින් හිටු කියලා ඔය ටික සිංහලට පරිවර්තනය කරන්න විතරයි. මෙතන තියෙන්නේ නම් ෆයින්ඩින් නීමෝ චිත්‍රපටියේ දෙබස් 4 විතරයි. තව 2000 විතර තියනවා. ඔච්චර මහන්සි වෙන්න අකමැති නම් ඉතින් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපටිය බලන එක විතරයි.
                                                   ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ පෝස්ට් එකේ හොඳ නරක කියාගෙනම යන්නකෝ.


ප.ලි.- සාමාන්‍ය වීඩියෝ ප්ලේයරයකින් සිංහල උපසිරැසි නරඹන ආකාරය හෙට බලාපොරොත්තු වෙන්න.


ප.ප.ලි.- ඉංග්‍රීසි උපසිරැසි බාගන්න පහත අඩවි පාවිච්චි කරන්න
              All4Divx
              SubScene
              OpenSubtitles

Tuesday, October 4, 2011

නොදැවී.....අර්ධ ශතකයයි

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අද මම දෙයියනේ කියලා පෝස්ට් එකක් දාන්න එනකොටම තමා අද දවසෙ විසේසත්වෙ දැක්කේ. ඒ කිව්වෙ ඉතින් අද තමා මේ බ්ලොගේ පනස්වෙනි පෝස්ට් එක දාන්නේ. ඒ වගේම අද දවසෙම බ්ලොගියෙ හිට්ස් 5000 පහුකරන්නත් පුලුවන් උනා. මම මුලින්ම බ්ලොග් කෙරුවාවට ආවේ මගේ පරණ බ්ලොගියෙන්. සමහරුන්ට නම් දැන් ඒක අමතකත් ඇති. කැමති අය මෙතන ඔබලා ගිහින් බලන්නකෝ. ඕං ඉතින් දෙයියනේ කියලා ඒ බ්ලොග් කටුව කරගෙන එනකොට ගූගල් දෙයියෝ ඒ බ්ලොගේ මැල්වෙයා තියනවා කියලා පිස්සුවක් නැටුවනේ. ඉතින් ඒ සැරේ පටන් ගත්තා මේ බ්ලොගිය. දැන් ඉතින් පිස්සුවක් කෙලගෙන ඔහේ ඉන්නවා. ඔන්න ඉතින් දාන්න හිටපු සේරම කැන්සල් කොරලා මේ පෝස්ට් එක දැම්මා. එහෙනම් ඉතින් යන්න වෙලාවත් හරි. හෝව්...හෝව්... යන්න කලින් මතක් කොරන්න ඕනේ අපේ සාන් මලයව. මේ බ්ලොගේ හදන්න උදව් කලාට. තව මට උදව් කරපු මෙකී නොකී හැමෝටමත් ලුහුබඳින අයටත් කමෙන්ට්ස් දාපු හැමෝටමත් ස්තූති කරන ගමන් මම කැපෙනවා. ඔයගොල්ලන්ට ජයවේවා!

Monday, September 19, 2011

ටිකක් හිනා වෙන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න ඉතින් අදත් මම ආවා. නමෙන්ම තේරෙනවා නේද අද මම ලියන්න යන්නේ මොනවා ගැනද කියලා. ගොඩකාලෙකින් විහිළු කතා ටිකක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද මම ගෙනවා එල විහිලු ටිකක්. (එලද මන්දා බලලා තීරණය කරන්න වෙන්නේ) කස්ටිය දන්නවනේ ටිකක් හිනාවෙන එක ඇඟටත් ගුණයි කියලා. හරි හරි වැඩි කතා ඕනේ නෑ. පහළ තියන ටික බලන්නකෝ. පැහැදිලි නැත්නම් පින්තූර උඩ ක්ලික් කරලා බලන්ටකෝ.





















ඔන්න සෑහෙන්න ගොඩක් දැම්මා. (ගොඩක්ද කොහෙද) හිනා යනවද දන්නේ නෑ. අනේ හිනායන්නෙ නැත්නම් සමාව බාජනේකට දාලා ඇඟේ කොහෙහරි කිති කවාගෙන හරි හිනාවෙන්නකෝ. ඔන්න එහෙනම් මම ලාවට කැපෙනවා. කස්ටිය හිනායවද කියලා කියලම යන්නකෝ. (ඒකට ඔය කමෙන්ට් බොක්ස් එක කියන එක පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න මම කැපුනා. ජයවේවා!

Monday, August 15, 2011

අද මගේ උපන්දිනේද? හුටා......:D

|2 comments
අද දවස මට ගොඩක් වැදගත් දවසක්. ඒ කිව්වේ ඉතින් රටක් වටින පුතෙක් ඉපදිච්ච දවසක්. ඒ කිව්වේ ඉතින් මේ බ්ලොගිය ලියන මගේ උපන්දිනේ. උපන්දිනේ කියලා ඉතින් එච්චර ඉතින් විසේසත්වයක් නෑ. මොනවා උනත් අද මට ගොඩක් සතුටු හිතෙන දවසක්. ගිය අවුරුද්දේ මට ජංජාලේ නොතිබ්බ කාලේ මට උපන්දිනයකට සුභ පතන්න මෙච්චර ගොඩක් කට්ටිය හිටියේ නෑ. ඒත් අද මූනුපොතේදී මට සුබ පතලා තියන කට්ටිය දැක්කාම මට ලොකු සතුටක් ඇති උනා. ඒ හැමෝටම රිප්ලයි කරන්න බැරි උනාට මම ඒ හැමදෙනාටම ස්තූති කරනවා. ඉතින් තව කියන්න දෙයක් මට ඉතුරුවෙලා නෑ කියලා හිතනවා. ඔන්න ඉතින් මගේ බර්ත් ඩේ කේක් එකත් දැම්මා. ඔයගොල්ලොත් කෑල්ලක් කාලාම යන්න හොඳේ.(හුදෙක් ඇඩ් එක සඳහා) මට සුබ උපන්දිනයක් වේවා.

Happy birthday to me
Happy birthday to me
Happy birthday dear myself
Happy birthday to me

ඔන්න එහෙනම් මම කැපුවා. කමෙන්ට් එකක් කාරිය දාලා මට සුබ පතාගෙනම යන්න හොඳේ.

Saturday, July 23, 2011

තාම ගූගල් ප්ලස් නැද්ද?.....මෙන්න ක්‍රමේ

|0 comments
ඔන්න අදත් ආවා. පරණ බ්ලොගිය නැති උනාට පස්සෙ දාන දෙවනි පෝස්ට් එකයි මේ. දැන් හැමෝටම වගේ තියෙන ආසාවක් තමා ගූගල් ප්ලස් එකට සම්බන්ධ වීම. ඔන්න ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්නේ. දන්න අය ඉන්නවනම් ඔන්න මට බනින්න එපා හොඳේ. එහෙනම් ඔන්න පෝස්ට් එකට බහිමු.
                             මුලින්ම ඔයගොල්ලන්ට ජීමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. හැබැයි ජීමේල් ගිණුමේ සඳහන් වයස අවුරුදු 18 වැඩිවෙන්න ඕනේ. තාම අලුත්නේ ඒකයි. හැබැයි අලුත් ජීමේල් ගිණුමක් හදාගත්තොත් නං හරි. මතක ඇතුව අලුත් ජීමේල් ගිණුමක් හදද්දී වයස අවුරුදු 18 වැඩිවෙන විදිහට දෙන්න. (මටත් 18ට අඩුයි. මමත් අලුත් ගූගල් එකවුන්ට් එකක් හදලා තමා වැඩේ පටන්ගත්තේ) ඔන්න ඔයගොල්ලො ජීමේල් එක හදාගත්තට පස්සේ යන්න මේ සයිට් එකට. ඔතනට ඔයගොල්ලන්ගෙ අවුරුදු 18 වැඩි විදිහට හදපු ජීමේල් එක දෙන්න. දැන් පැයකින් විතර මේල් චෙක් කරලා බලන්න. google+ invitation කියල මේල් එකක් ඇවිල්ලා ඇති. මේල් එක ඕපන් කලාම තියන join g+ කියන බට්න් එක ඔබලා ජොයින් වෙන්න. මතක ඇතුව මාවත් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඇඩ් කරගන්න හොඳේ.
                           ඔන්න එහෙනම් මම කැපෙනවා. කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.

Friday, July 22, 2011

මගේ බ්ලොගයට කෙලවුනි

|5 comments
ඔන්න මගේ බ්ලොගියට මැල්වෙයා ද මොකද්ද මගුලක් ඇවිල්ලා බ්ලොගර් එකේ මාමලා ඒක කෑවා. ඔන්න ඉතින් ඒකට කෙලවුනාට කමක් නෑ කියල හිතලා මේක හැදුවා. ඔන්න ඉතින් ආයි පරිප්පුවක් කන්න තියනවා. කොහොමද ආයි පෝස්ට් 60 කොපි පේස්ට් කරනකොට. ඔන්න ඔහේ ඉතින් කමක් නෑ කියලා නමෝ විත්තියෙන් ආයි මෙල්වෙයා එන්න එපෝ කියලා මේක පටන් ගන්නවා. කලින් බ්ලොග් එකට ඔයගොල්ලො මට දක්වපු සහය මේ බ්ලොග් එක කරගෙන යන්නත් ලබාදෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. කලින් මගේ බ්ලොග් එක ෆලෝ කරපු කස්ටිය මේකත් ෆලෝ කරන්න හොඳේ. 
ආයි ගූගල් මාමලා මේ බ්ලොග් එකටත් මෙල්වෙයා දැම්මොත්..........(හරි වෙනදේ ඊටපස්සේ බලාගමුකෝ). ඔන්න කියන්න ඕනෙ ටික කිව්වා. ඒ කරලා මම කැපුනා. හෆෝයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මගෙ බ්ලොග් එක නැවත ගොඩ ගැනීමට සහ මෙම බ්ලොගය සැදීමට උදව් කල කිංශාන් (බ්ලොග්ශාන්) ට මගේ ස්තූතිය පල කරනවා. ඔන්න මම යනවා. ඔබ සැමට සුභ අනාගතයක්!


මගේ පරණ බ්ලොගියට මෙතනින්...........................

Alexa Rank

නැවත ඉහලට යන්න