Search This Blog

Friday, December 30, 2011

2011 වර්ෂයේ අවසානය සහ 2012 වර්ෂයේ ආරම්භය

|2 comments
අවුරුද්දකුත් ගෙවිලා ගියා නේද...........දන්නෙම නැතුව. නව අවුරුද්දකුත් ආරම්භ වෙනවා.........මොහොතකටවත් හිතුවද මේ අවුරුද්දේ තමන් අතින් වෙච්ච වැරදි ගැන, ඒවා නිවැරදි කරගන්න විදිය ගැන...........අලුත් අවුරුද්ද කියන්නේ අලුත් ආරම්භයක්නේ, ඉතින් තමන්ගේ වැරදි නිවැරදි කර නොගත්තොත් කොහොමද ඒක අලුත් වෙන්නේ...............මේක මටත් ලෝවාසී සියලු දෙනාටමත් එකසේ පොදු දෙයක්...............වචන සිය ගානකින් කිව යුතු දෙයක් තමයි වාක්‍ය දහයකට පමණ පෙරලා ලිව්වේ.............ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!


ප.ලි:-හිතට ආ සිතුවිල්ලකි. අදහසක් දාගෙනම යන්න

Tuesday, December 27, 2011

KeepTube භාවිතා කර YouTube වීඩියෝ ලේසියෙන් බාගන්න

|2 comments
හායි කස්ටිය............ඔන්න අදත් මම අරගෙන ආවේ ට්‍රික් එකක්. මම හිතන්නෙ මේ ට්‍රික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.
                                                 යූටියුබ් අපිට ඉතා වැදගත් අඩවියක්නේ. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් තියනවනේ යූටියුබ් අඩවියේ තිබෙන වීඩියෝ බාගන්න විදිය ගැන. ඔන්න මම අද අරගෙන ආවේ ඉතා ලේසියෙන්ම කීප් ටියුබ් භාවිතා කර යූටියුබ් වීඩියෝ බාගන්න හැටි කියලා දෙන්න. මේ අය අතර මේ ගැන දන්න අයත් ඇති. මේ නොදන්න අය වෙනුවෙන්.
                                                කීප්ටියුබ් භාවිතා කරන්න හරි ලේසියි. කරන්න තියෙන්නේ තමන් කැමති යූටියුබ් වීඩියොවේ ලින්ක් එක ඉස්සරහට keep කියන කෑල්ල ඇඩ් කරන එක විතරයි.
උදා.....යූටියුබ් ලිංකුව:-http://www.youtube.com/watch?v=GRyD9aBlXZs
කීප්ටියුබ් භාගත ලිංකුව:-http://www.keepyoutube.com/watch?v=GRyD9aBlXZs

මේ කීප් ටියුබ් ගැන වැඩි විස්තර සියල්ලක්ම මෙතනින් ලබාගන්න පුලුවන්.


දැක්කනේ හරිම ලේසි වැඩක්......මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ.

Sunday, December 25, 2011

සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා

|0 comments
ඕං ඉතින් නත්තලත් ලැබුවා. ඉතින් එහෙනම් නත්තල සමරන සියලු දෙනාටමත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් තෑගි දෙන්න.
                                                       මම මේ පාර නත්තල් තෑග්ග විදිහට දෙන්න තීරණය කලේ නත්තල පිළිබඳව නිර්මාණය කරපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. නත්තල සැබෑ අරුත කුමක්ද යන්න මේ චිත්‍රපටිය මගින් ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ලෝකේ වටිනාම දෙය විශ්වාසය බවත් ඔයගොල්ලන්ට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. මේ චිත්‍රපටයේ නම The Polar Express.
                                                       ස්ටීවන් කියලා ළමයෙක් ඉන්නවා නත්තල් සීයා ගැන විශ්වාස නොකරන. ඔහු හිතන්නේ නත්තල් සීයා කියන්නේ සිතින් මවාගත් බොරුවක් කියලයි. ඉතින් නත්තල් දවසේ රෑ මෙයාට අරුම පුදුම මැජික් කෝච්චියකට නගින්න ලැබෙනවා. මේක යන්නේ නත්තල් සීයාගේ ගෙදරට. ඉතින් මේ කෝච්චිය තුළදී ස්ටීවන්ට මුහුණ පාන්න සිදුවෙන දේවල් ගැන මේ චිත්‍රපටයේ දිගහැරෙනවා. ත්‍රාසය, දුක, සතුට හැම දෙයක්ම මේ චිත්‍රපටිය තුළ දිගහැරෙනවා.


මේ නිවාඩු සමය නිසා පවුලේ සැමට එකට ඉඳගෙන මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්


මෙතනින් බාගන්න

මේ පෝස්ට් එක නම් ලිව්වේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කිරීමයි මෙහි එකම අරමුණ. එහෙනම් මම යනවා.....හොහ්......හොහ්........හෝ


       ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා!

Saturday, December 24, 2011

YouTube වලින් චිත්‍රපටි බලමු

|0 comments
ඔන්න අදනම් ආවේ ගේම් එකක් ගැනවත් සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නවත් නෙවේ. අද ආවේ අපි කවුරුත් දන්න යූටියුබ් අඩවියෙන් ලබාදෙන නවතම පහසුකමක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න........ඒත් දැනටමත් චිත්‍රපටි යූටියුබ් මගින් බලන්න පුලුවන්නේ...........ඒත් ඒ තියන්නේ විනාඩි දහයක විතර කෑලිවලට කඩපු චිත්‍රපටිනේ. ඒත් යූටියුබ් වලින් හඳුන්වා දීපු පහසුකම මගින් චිත්‍රපටිය පැය දෙකක් උනත් එක දිගට බලන්න පුලුවන්. සමහරු මේ පහසුකම දැන දැනටමත් දන්නවා ඇති. ඒත් මේ තාමත් ඒ ගැන නොදන්න අය වෙනුවෙන්...............එහෙනම් ඉතින් තව කතා වැඩක් නෑනේ, මෙතන ඔබලා ඔයගොල්ලොම ගිහින් බලන්නකෝ. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Friday, December 23, 2011

Total Overdose පරිගණක ක්‍රීඩාව : ඔබට හිතේවි ඔබ චිත්‍රපටියක් බලනවා කියලා

|0 comments
හායි කස්ටිය...........කොහොමද ඉතින්. ඔන්න කාලෙකට පස්සේ අද ගේම් එකක් දෙන්නයි යන්නේ. නත්තල් තෑග්ගක් කියලා හිතන්නකෝ. ටොපික් එක දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්නේ මගෙ මොළේ කචල් කියලා........නෑ, මේ ගේම් එකේ අමුත්තක් තියනවා.......මේ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කරපු කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක එකඟ වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර වර්ණනා කරන හින්දාවත් බලන්නකෝ.
                                                 මම මෙච්චර මේ ගේම් එක ගැන වර්ණනා කරන්න හේතුවක් තියනවා. මේ පරිගණක ක්‍රීඩාවේ කතාවත් ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටියක කතාවකට සමාන බවක් තියනවා......හැබැයි ඉතින් ගේම් එක චුට්ටක් විතර පරණයි.........ඒ කිව්වේ ඉතින් නිකුත් වෙලා තියෙන්නේ 2005 වර්ෂයේ. ඒ නිසා ග්‍රැෆික් කොලිටියත් ඒ වර්ෂ වල නිකුත් වෙච්ච පරිගණක ක්‍රීඩාව ත්‍රිමාණකරනයට සමානයි. මම කතාවත් චුට්ටක් කියන්නම්කෝ............
                                                  අර්නෙස්ටෝ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙක්. මොහුව ඇමරිකාවේ DEA ආයතනයෙන් විශේෂ මෙහෙයුමක යොදවනවා. නමුත් මේ මෙහෙයුම අතර තුරදී සැකසහිත ලෙස අර්නෙස්ටෝ මියයනවා. අර්නෙස්ටෝගෙ වැඩිමහල් පුතා වන ටොමී DEA ආයතනයේ නිලධාරියෙක් ලෙස මෙක්සිකෝවට යන්නේ සිය පියාගේ මරණයේ සුලමුල සොයාගැනීමටයි. නමුත් ඔහුගේ එම වෑයමත් නතර වන්නේ සිය පාදයක් අහමි වීමෙනුයි........ඒත් සමගම ටොමී තීරණය කරන්නේ සිය මෝඩ නිවුන් සහෝදරයා මෙක්සිකෝවට යවා සිය පියාගේ මරණයට සම්බන්ධ අය සොයාගැනීමටයි. ඔහුගේ නම් රැම්. මේත් සමගම පරිගණක ක්‍රීඩාව ආරම්භ වෙනවා..........................
                                                    gta වැනි free roam වර්ගයේ පරිගණක ක්‍රීඩාවලට කැමති අයනම් මේක අනිවාර්යෙන් බාගන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් gta වැනි පරිගණක ක්‍රීඩා වලට අකමැත්තක් දක්වන්නෙක් උනත් මම කියන්නේ මේක බාගන්න කියලා. කැමති අය පහලින් බාගන්නකෝ.


DOWNLOAD


ඔන්න මම කැපුනා. ඕක බලපු එක නිසාත්........මේ නත්තල නිසාත් මට කමෙන්ට් කටුවක් තෑගි කරන්න කියා මා ඉල්ලා සිටිනවා (කැමතිනම් හොඳේ).....................ඕං මං ගියා.........................

Monday, December 19, 2011

Ra One චිත්‍රපටයේ DVDRip දැන්ම බාගන්න

|2 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න මම අරගෙන ආවේ පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරඹුනු රා වන් චිත්‍රපටියේ DVDRip එක අරගෙන. වැඩි කතාවක් ඕනේ නෑනේ. අපි පෝස්ට් එකට බහිමු.
                                                   මම ඉතින් මේ චිත්‍රපටිය ගැන වැඩි හැඳින්වීමක් කරන්න අවශ්‍ය නෑනේ. සුපිරි නලු ශාරුක් ඛාන් රඟන මේ චිත්‍රපටිය තමයි මෙතෙක් ඉන්දියාවේ වැඩිම වියදමක් යොදා තැනූ චිත්‍රපටිය. චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් තම පුතා වෙනුවෙන් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් සිය ජීවිතය හා සම්බන්ධ කර ක්‍රීඩා කරන පියෙක් වටා ගෙතිලා තියනවා.
                                                   මේ දීලා තියන කොපි දෙකම DVDRip තත්වයේ තිබෙනවා. නමුත් 2GB කොපිය කොලිටිය අතින් 700MB කොපියට වඩා ගොඩක් හොඳ මට්ටමක තියනවා. ඒත් බලන්න අවුලක් නෑ. පහලින් බාගන්නකෝ.


2GB කොපිය මෙතනින් බාගන්න
700MB කොපිය මෙතනින් බාගන්න

ඔන්න එහෙනම් බාගෙන හොරාට යන්නේ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්ට හොඳේ.............................

Sunday, December 18, 2011

Secondhand Lions චිත්‍රපටය : වැඩකාරයෙක් වෙන්න වයස වැදගත්ද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?
                                                       වෝල්ටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. නමුත් ඔහුගේ අම්මා අමුතුම විදිහේ කාන්තාවක්. මෙයාගෙ අම්මගෙ වැඩේම රට වටේ ඇවිදින එක. ඉතින් එක ගිම්හාන නිවාඩුවකදී මේ අම්මා වෝල්ටර්ව ඇයගේ ටෙක්සාස් වල ගොවිපොළක වසන මාමලා දෙන්නෙක් ළඟ නවත්වලා යන්න තීරණය කරනවා. මේ මාමලා දෙන්නත් හරි අමුතුම අය. නිතරම ජොලියට වගේම වලියට බර, වැඩිය අමුත්තන් තමාගෙ නිවසට එනවට අකමැති විදිහේ දෙන්නෙක්. ඉතින් වෝල්ටර් තමාගේ මේ පිස්සු මාමලා දෙන්නත් එක්ක කොහොම ගිම්හානය ගත කරයිද කියලා බාගෙනම තමා බලන්න වෙන්නේ.
                                                         මම හිතන විදියට ඔයගොල්ලො අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වෙයි. මම කතාව සරළව කිව්වට මේ චිත්‍රපටියෙන් උගත යුතු පාඩම් විශාල වශයෙන් තියනවා. මේක IMDb රේටින් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටියේ IMDb පිටුවට මෙතනින් යන්න පුලුවන්.
                                                          මේ චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වෙච්ච නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් ටිකක් අඩුයි. මම මේ දාලා තියෙන්නේ සීඩ්ස් වැඩිම ටොරන්ට් එක. කස්ටිය පහළින් බාගන්නකෝ.



බාගන්න අමාරුයි සීඩ්ස් අඩුයි වගේ නම් කියන්න, මම ඩිරෙක්ට් ලින්ක් හොයලා දෙන්නම්. පුලුවන් නම් මේ ගැන ඔබේ අදහස දාගෙන යන්න.  ඒක මට ලොකු හයියක් හොඳේ.

Alexa Rank

නැවත ඉහලට යන්න