හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?
වෝල්ටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. නමුත් ඔහුගේ අම්මා අමුතුම විදිහේ කාන්තාවක්. මෙයාගෙ අම්මගෙ වැඩේම රට වටේ ඇවිදින එක. ඉතින් එක ගිම්හාන නිවාඩුවකදී මේ අම්මා වෝල්ටර්ව ඇයගේ ටෙක්සාස් වල ගොවිපොළක වසන මාමලා දෙන්නෙක් ළඟ නවත්වලා යන්න තීරණය කරනවා. මේ මාමලා දෙන්නත් හරි අමුතුම අය. නිතරම ජොලියට වගේම වලියට බර, වැඩිය අමුත්තන් තමාගෙ නිවසට එනවට අකමැති විදිහේ දෙන්නෙක්. ඉතින් වෝල්ටර් තමාගේ මේ පිස්සු මාමලා දෙන්නත් එක්ක කොහොම ගිම්හානය ගත කරයිද කියලා බාගෙනම තමා බලන්න වෙන්නේ.
මම හිතන විදියට ඔයගොල්ලො අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වෙයි. මම කතාව සරළව කිව්වට මේ චිත්‍රපටියෙන් උගත යුතු පාඩම් විශාල වශයෙන් තියනවා. මේක IMDb රේටින් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටියේ IMDb පිටුවට මෙතනින් යන්න පුලුවන්.
මේ චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වෙච්ච නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් ටිකක් අඩුයි. මම මේ දාලා තියෙන්නේ සීඩ්ස් වැඩිම ටොරන්ට් එක. කස්ටිය පහළින් බාගන්නකෝ.
බාගන්න අමාරුයි සීඩ්ස් අඩුයි වගේ නම් කියන්න, මම ඩිරෙක්ට් ලින්ක් හොයලා දෙන්නම්. පුලුවන් නම් මේ ගැන ඔබේ අදහස දාගෙන යන්න. ඒක මට ලොකු හයියක් හොඳේ.