Search This Blog

Sunday, December 18, 2011

Secondhand Lions චිත්‍රපටය : වැඩකාරයෙක් වෙන්න වයස වැදගත්ද?

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්? කාලෙකින් චිත්‍රපටියක් දෙන්නත් බැරිවෙච්ච එකේ ඔන්න අද ගෙනාවා එලම කොමඩියක්. අනේ ඔන්න කස්ටිය වරදවා හිතන්න එපා මම චිත්‍රපටිය ගේමුයි විතරයි දෙන්නේ කියලා. ඉඳලා හිටලා මේ වගේ දේකුත් දෙන්න එපෑ. එහෙනම් පෝස්ට් එකට බහිමු නේද?
                                                       වෝල්ටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. නමුත් ඔහුගේ අම්මා අමුතුම විදිහේ කාන්තාවක්. මෙයාගෙ අම්මගෙ වැඩේම රට වටේ ඇවිදින එක. ඉතින් එක ගිම්හාන නිවාඩුවකදී මේ අම්මා වෝල්ටර්ව ඇයගේ ටෙක්සාස් වල ගොවිපොළක වසන මාමලා දෙන්නෙක් ළඟ නවත්වලා යන්න තීරණය කරනවා. මේ මාමලා දෙන්නත් හරි අමුතුම අය. නිතරම ජොලියට වගේම වලියට බර, වැඩිය අමුත්තන් තමාගෙ නිවසට එනවට අකමැති විදිහේ දෙන්නෙක්. ඉතින් වෝල්ටර් තමාගේ මේ පිස්සු මාමලා දෙන්නත් එක්ක කොහොම ගිම්හානය ගත කරයිද කියලා බාගෙනම තමා බලන්න වෙන්නේ.
                                                         මම හිතන විදියට ඔයගොල්ලො අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකට කැමති වෙයි. මම කතාව සරළව කිව්වට මේ චිත්‍රපටියෙන් උගත යුතු පාඩම් විශාල වශයෙන් තියනවා. මේක IMDb රේටින් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපටියේ IMDb පිටුවට මෙතනින් යන්න පුලුවන්.
                                                          මේ චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වෙච්ච නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් ටිකක් අඩුයි. මම මේ දාලා තියෙන්නේ සීඩ්ස් වැඩිම ටොරන්ට් එක. කස්ටිය පහළින් බාගන්නකෝ.



බාගන්න අමාරුයි සීඩ්ස් අඩුයි වගේ නම් කියන්න, මම ඩිරෙක්ට් ලින්ක් හොයලා දෙන්නම්. පුලුවන් නම් මේ ගැන ඔබේ අදහස දාගෙන යන්න.  ඒක මට ලොකු හයියක් හොඳේ.

Saturday, December 17, 2011

ඔබේ බ්ලොගයට ලස්සන Flash ලයිට් වැලක් දාගන්න

|1 comments
හලෝ කස්ටිය කොහොමද...........ඔන්න අද මම අරගෙන ආවේ නත්තල් ස්පෙෂල් බඩුවක්. මේක ඇවිල්ලා බ්ලොග් ගැජට් එකක්. දැන් ඉතින් නත්තල් කාලෙත් ළඟ නිසා බ්ලොග් එක සරසන්න ගොඩ දෙනෙක් කැමති ඇතිනේ. මේකත් අන්න ඒ වගේ සැරසිල්ලක්. ඒ කිව්වේ ඉතින් මේක ෆ්ලෑෂ් ලයිට් වැලක්. හරි එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේ බඩ්ඩ කියලා.
                                                 කස්ටියට මගෙ බ්ලොගේ පැත්තකින් බැලුවොත් බලාගන්න පුලුවන් මේ ෆ්ලෑෂ් ලයිට් වැල. අන්න ඒක ඔයගොල්ලන්ගෙ බ්ලොග් එකට දාගන්න විදිහ තමා මම කියාදෙන්නෙ.

පලවන පියවර...Dashboard>>Layout යන්න
දෙවන පියවර...Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න
තෙවන පියවර... පහත කෝඩ් කැබැල්ල එහි ඇතුලත් කරන්න

<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></embed></object></div>

හරි දැන් ඔයගොල්ලන්ගේ බ්ලොගයටත් ලස්සනම ලස්සන ෆ්ලෑෂ් ලයිට් වැලක් තියනවා. මතක ඇතුව මේ ගැන අදහසකුත් දාගෙනම යන්නකෝ.

Friday, December 16, 2011

Justin Bieber ගේ Under The Mistletoe ගීත ඇල්බමය දැන්ම බාගන්න

|0 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. පහුගිය දවස් ටිකේ හරියට බිසී වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්නවත් බුකිය පැත්තෙ යන්නවත් බැරිඋනා. අද බ්ලොගේ පැත්තෙ එනකොටයි දැක්කෙ ටෙම්ප්ලේට් එක අල වෙලා තියනවා. ඒ සැරේ හොයලා හොයලා මේ ටෙම්පා හොයාගත්තා. වැඩි වැඩ නැති ටිකක් චාම් විදිහෙ ටෙම්ප්ලේට් එකක්. ඒ නිසා දැන් බ්ලොගේ ඉක්මණට ලෝඩ් වෙනවත් එක්ක. හරි හරි ඒව ඔයගොල්ලන්ට වැඩක් නෑනේ. අපි කතාවට බහිමුකෝ.
                                                Justin Bieber ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මේක එයාගෙ අලුත්ම ඇල්බම් එක. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ නත්තල වෙනුවෙන්. ඔය පහල තියෙන්නේ මේකෙ තියන ගීත ගොනුව.


1 Only Thing I Ever Get for Christmas
2 Mistletoe
3 The Christmas Song (Chestnuts Roasting On an Open Fire) (feat. Usher)
4 Santa Claus Is Coming to Town
5 Fa la La (feat. Boyz II Men)
6 All I Want for Christmas Is You (Superfestive!) [Duet With Mariah Carey]
7 Drummer Boy (feat. Busta Rhymes)
8 Christmas Eve
9 All I Want Is You
10 Home This Christmas (feat. The Band Perry)
11 Silent Night
12 Christmas Love
13 Fa La La (feat. Boyz II Men) [A Cappella]
14 Pray
15 Someday At Christmas




ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලොත් මේක බලපු එකේ කමෙන්ට් එකක් දාගෙනම කැපෙන්නකෝ.

Tuesday, December 6, 2011

සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් පරිගණකයකින් නරඹන හැටි

|0 comments
කොහොමද යාලුවනේ. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතපු දෙයක්. කලින් දවසේ මම කියලා දුන්නානේ සිංහල උපසිරැසි හදන හැටි. අද කියල දෙන්න යන්නේ අපි හදපු උපසිරැසි පරිගණකයකින් නරඹන හැටි. එහෙනම් බලමුකෝ මේ වැඩේ කරන හැටි.


සිංහල උපසිරැසි නැරඹිය හැක ප්ලේයර් වර්ග හා සිංහල යුනිකෝඩ
                                                     මුලින්ම අපි අපේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න ඕනේ. ඒක මෙතනින් බාගන්නකෝ. ඊලඟට අපිට අවශ්‍ය වෙනවා සිංහල උපසිරැසි නරඹන්න පුලුවන් ප්ලේයර් එකක්. ඒ සඳහා අපිට පහත ප්ලේයර් පාවිච්චි කරන්න පුලුවන්.


Gom player
Jet Audio
KM player
Media player classic(K-Lite codec pack)

Windows Media Player(K-Lite codec pack)
Winamp Media Player(K-Lite codec pack)


සාමාන්‍යයෙන් VLC Media Player එක සිංහල උපසිරැසි වලට සහය දක්වන්නේ නැහැ.


සිංහල උපසිරැසි චිත්‍රපටය සමග නැරඹීමට තිබිය යුත්තේ කොහේද?
                                            සිංහල උපසිරැසි ෆයිල් එක තිබිය යුත්තේ චිත්‍රපටය ඇති ෆෝල්ඩර් එකේමයි. චිත්‍රපට ගොනුවේ සහ උපසිරැසි ගොනුවේ නම සමාන විය යුතුයි.
උදා:- movie - sample.avi
      subtitle - sample.srt


ප්ලේයර් එකේ චිත්‍රපටිය නැරඹීම ආරම්භ කල විට උපසිරැසිත් ආරම්භ වේද?
                                            බොහෝ ප්ලේයර් වල චිත්‍රපටය ආරම්භ කල වහාම උපසිරැසිද ආරම්බ වේ. එබැවින් චිත්‍රපටිය පමණක් ප්ලේ කල යුතුය.


හ්ම්ම්.............මම හිතන්නේ කස්ටියට තේරෙන්න ඇති කියලා. යම් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දාලා ඒ ගැන අහගන්න පුලුවන්. මේක ගැන ප්‍රශ්නයක් නැති අය උනත් කමෙන්ට් එකක් දැමීමේ වරදක් නෑ හොඳේ. ඕං එහෙනම් මං කැපුනා.................

Sunday, December 4, 2011

සිංහල උපසිරැසි හදන හැටි

|5 comments
හලෝ කස්ටිය කොහොමද ඉතින්. අද මම අරගෙන ආපු දේ ගැනනම් ගොඩදෙනෙක් දන්නවා ඇති. ඒත් ඉතින් ඒ අය අතර නොදන්න අයත් ඇතිනේ. අද මම කස්ටියට කියලා දෙන්ට යන්නේ කොහොමද චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි හදන්නේ කියලා. උපසිරැසි එහෙමත් නැත්නම් සබ්ටයිටල් කියන්නේ ඔය චිත්තරපටියක් යනකොට අර යටින් යන අකුරු වගේ මෙව්වා වලටනේ. (අකුරු වගේ නෙවේ අකුරු හොඳේ) එහෙනම් බලමුකෝ කොහොමැයි මේ වැඩේ කරන්නේ කියලා.
                                          සිංහල උපසිරැසි හදන්න ක්‍රම කීපයක් තියනවා, හැබැයි ලේසිම ක්‍රමේ තමයි ඉංග්‍රීසි උපසිරැසි අරගෙන ඒවා සිංහලට හරවන එක. මුලින්ම අපිට අන්තර්ජාලෙන් අදාල චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න වෙනවා. දැන් ඒ බාගත්ත උපසිරැසි ෆයිල් එක නෝට්පෑඩ් ආධාරයෙන් ඕපන් කරගන්නකෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය පහල තියනවා වගේ මෙව්වා ටිකක්.



1
00:00:39,647 --> 00:00:42,605
Yes, Marlin. I see it. It's beautiful.

2
00:00:42,687 --> 00:00:45,406
So, Coral, when you said
you wanted an ocean view,

3
00:00:45,487 --> 00:00:49,082
you didn't think you were going
to get the whole ocean, did you?

4
00:00:52,087 --> 00:00:53,805
A fish can breathe out here.

දැන් ඉතින් හිටු කියලා ඔය ටික සිංහලට පරිවර්තනය කරන්න විතරයි. මෙතන තියෙන්නේ නම් ෆයින්ඩින් නීමෝ චිත්‍රපටියේ දෙබස් 4 විතරයි. තව 2000 විතර තියනවා. ඔච්චර මහන්සි වෙන්න අකමැති නම් ඉතින් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපටිය බලන එක විතරයි.
                                                   ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ පෝස්ට් එකේ හොඳ නරක කියාගෙනම යන්නකෝ.


ප.ලි.- සාමාන්‍ය වීඩියෝ ප්ලේයරයකින් සිංහල උපසිරැසි නරඹන ආකාරය හෙට බලාපොරොත්තු වෙන්න.


ප.ප.ලි.- ඉංග්‍රීසි උපසිරැසි බාගන්න පහත අඩවි පාවිච්චි කරන්න
              All4Divx
              SubScene
              OpenSubtitles

Saturday, December 3, 2011

විනාඩි දහයක ඊමේල් ලිපිනයක් සාදාදෙන 10 Minute Mail

|0 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදනම් මාත්තුරුකාවෙන්ම තේරෙනවා ඇතිනේ අද අරගෙන ආවේ මොන වගේ දෙයක්ද කියලා. කස්ටිය මට බනිනවානේ ගේම්ස් හා චිත්‍රපටි විතරයි දෙන්නේ කියලා. ඔන්න ඒ චෝදනා වලින් ගැලවෙන්න තමා මේ වැඩේ අරගෙන ආවේ. මේක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. මේ නොදන්න අය වෙනුවෙන්.........................................
                                                අපි දන්නවානේ සමහර අඩවි වල ලියාපදිංචි වෙන්න ඊමේල් ලිපිනයක් අවශ්‍ය බව. සමහර වෙලාවට අපිට බොරු ඊමේල් ලිපිනයක් පාවිච්චි කරන්නත් බැරිවෙන අවස්ථා ඇතිවෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා විනාඩි දහයකට වලංගු වෙන ඊමේල් ලිපිනයක් හදාගන්න පුලුවන්. කැමති නම් තව විනාඩි දහයක් වැඩිපුර ගන්න උනත් පුලුවන්. එහෙනම් මෙතන ඔබලා එම අඩවියට ගිහින්ම බලන්නකෝ.
මේ රූපය බැලුවාම මේ අඩවිය පාවිච්චි කරන හැටි දැනගන්න පුලුවන්
                                                   ඔන්න එහෙනම් මම කැපුනා. අමතක නොකර මේ පෝස්ට් එක ගැන අදහසක් දාගෙනම යන්නකෝ. ඕං මං ගියා.......................

Friday, December 2, 2011

AVG Internet Security 2012 දැන්ම බාගන්න

|2 comments
ලෝ කස්ටිය කොහොමද ඉතින්. ඔන්න අදත් මම අරගෙන ආවේ ඇන්ටිවයිරස් මෘදුකාංගයක්. දැන් ඉතින් කස්ටිය බලයි මම දෙන්නේ වයිරස් ගාඩ් විතරයිද කියලා. මේක ඉල්ලුවේ අපේ පසන් කොලුවානේ. අනිත් එක තමා ඉතින් වයිරස් ගාඩ් දෙකක්ම දුන්නට මට AVG ඇන්ටිවයිරස් මෘදුකාංගය දෙන්න බැරිවෙච්ච හින්දා තමා දෙන්න හිතුවේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                    මේකත් ටොරන්ට් එකක්. ටොරන්ට් බාන එක ඉතින් විශ්වාසවන්තයිනේ. මේ ටොරන්ට් එකේ සීරියල් කී සේරම අඩංගුයි. මේක ක්‍රැක් කලාට පස්සේ 2018 වෙනකම් සුපිරියට වැඩ. වැඩි කතා ඕනේ නෑ, පහලින් බාගන්නකෝ.


මෙතනින් බාගන්න


තව දෙයක් මේක වැඩ කරන්නේ 32 බිට් සහ 64 බිට් පරිගණක වල විතරයි හොඳේ. ඔන්න එහෙනම් බාගෙන ඔයාලගෙ වෙලාවෙන් තත්පරයක් වියදම් කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. මට රෑට නිදාගන්නත් එක්කම. ඕං මං ගියා..........................................

Alexa Rank

නැවත ඉහලට යන්න