Search This Blog

Wednesday, August 17, 2011

Kick Ass Torrent

|0 comments
හායි කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් ආවා බ්ලොගිය පැත්තේ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                                      අපේ ගොඩදෙනෙක් ටොරන්ට් පාවිච්චි කරනවා නොවැ. මමත් ටොරන්ට් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මම අද ආවේ මම කැමතිම ටොරන්ට් සයිට් එක ගැන ඔයගොල්ලන්ටත් කියන්න. සමහර අය නම් දන්නවා ඇති.  මොකද ඒ තරමටම ජනප්‍රිය හා හොඳම ටොරන්ට් අඩවි 10 අතර මේක තියනවා. ඒ වගේම තමා Kick Ass Torrent අඩවියේ වාසි ගොඩක් තියනවා.
                                                                  මට සීඩර්ස්ලා වැඩි ෆේක් නැති ටොරන්ට් සේරම වගේ හම්බුනේ මේ අඩවියෙන්. අනික ෆේක් ටොරන්ට් හොයාගන්න පුලුවන් වෙන විදියට මේ අඩවිය හදලා තියනවා. අනිත් පහසුකම තමා ඕනෑම ජාතියක ඕනෑම ටොරන්ට් එකක් පහසුවෙන් හොයාගන්න පුලුවන් වීම. ටීවී වැඩසටහන් , පරිගණක ක්‍රීඩා , මෘදුකාංග , චිත්‍රපටි වගේ හැමදෙයක් ගැනම තියනවා. රෙජිස්ටර් වීම් අනවශ්යයි. ඔන්න කැමති කස්ටිය පහල ලින්ක් එකෙන් ගිහින්ම මේ අඩවිය ගැන බලන්නකෝ.

Click Here To Visit Kick Ass Torrents

මම මේ අඩවිය ගැන මුලින්ම දැනගත්තේ Tuts Bank අඩවියෙන්. ඒ අඩවියටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා. ඔන්න එහෙනම් මම කැපුනා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලම කැපෙන්නකෝ.

Monday, August 15, 2011

අද මගේ උපන්දිනේද? හුටා......:D

|2 comments
අද දවස මට ගොඩක් වැදගත් දවසක්. ඒ කිව්වේ ඉතින් රටක් වටින පුතෙක් ඉපදිච්ච දවසක්. ඒ කිව්වේ ඉතින් මේ බ්ලොගිය ලියන මගේ උපන්දිනේ. උපන්දිනේ කියලා ඉතින් එච්චර ඉතින් විසේසත්වයක් නෑ. මොනවා උනත් අද මට ගොඩක් සතුටු හිතෙන දවසක්. ගිය අවුරුද්දේ මට ජංජාලේ නොතිබ්බ කාලේ මට උපන්දිනයකට සුභ පතන්න මෙච්චර ගොඩක් කට්ටිය හිටියේ නෑ. ඒත් අද මූනුපොතේදී මට සුබ පතලා තියන කට්ටිය දැක්කාම මට ලොකු සතුටක් ඇති උනා. ඒ හැමෝටම රිප්ලයි කරන්න බැරි උනාට මම ඒ හැමදෙනාටම ස්තූති කරනවා. ඉතින් තව කියන්න දෙයක් මට ඉතුරුවෙලා නෑ කියලා හිතනවා. ඔන්න ඉතින් මගේ බර්ත් ඩේ කේක් එකත් දැම්මා. ඔයගොල්ලොත් කෑල්ලක් කාලාම යන්න හොඳේ.(හුදෙක් ඇඩ් එක සඳහා) මට සුබ උපන්දිනයක් වේවා.

Happy birthday to me
Happy birthday to me
Happy birthday dear myself
Happy birthday to me

ඔන්න එහෙනම් මම කැපුවා. කමෙන්ට් එකක් කාරිය දාලා මට සුබ පතාගෙනම යන්න හොඳේ.

Saturday, August 13, 2011

Rise Of The Planet Of The Apes චිත්‍රපටය

|0 comments
ඔන්න කස්ටිය මම අදත් ආවා පහුගිය දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපටියක් එක්ක. කොහොමද ඉතින් කස්ටියට? හොඳින් ඇති කියලා හිතනවා. හොඳනම් ඉතින් එච්චරයි. ඔන්න අලුත් චිත්‍රපටි බලන්න කැමති කස්ටියට නම් ගැළපෙනම චිත්‍රපටියක් මේක. කස්ටිය සමහර විට දන්නවත් ඇති. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                                      ඉතාම බුද්ධිමත් මිනිසෙකුට සමාන මොළයක් සහිත චිම්පන්සියෙකු වටා මේ චිත්‍රපටිය හදලා තියනවා. මේ චිම්පන්සියාගෙ නම සිසාර්. විද්‍යාඥයින් පිරිසක් හදන වෛරසයක් මෙම චිම්පන්සියාට ඇතුල් වීම නිසා මෙම සතාට මෙම බුද්ධිය ලැබී තිබෙනවා. මෙම වෛරසය මෙම සතා මගින් පැතිරෙන්න පටන් ගන්නවා. මේ සමගම චිම්පන්සින් හා මිනිසුන් අතර ගැටුමක් ඇරඹෙනවා. මේක තමා මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ.
                                        මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමෙන්. මේ චිත්‍රපටිය හදන්න මිලියන 93 වියදම් කරලා තියනවා. මේ චිත්‍රපටය මිනිත්තු 105 පුරා තිබෙනවා. මේ චිත්‍රපටය මුල් දින කිහිපයේදීම ඩොලර් මිලියන 77.4 ආදායමක් ලබාගෙන තියනවා. මේක IMDB රේට් 8.0 ලබාගෙන තියනවා.
                                        ඔන්න ඉතින් චිත්‍රපටිය ගැන කියන්න තියන සේරම ටික කිව්වා. ඔන්න මේ චිත්‍රපටියට කැමති අය පහළින් බාගන්න.


CLICK HERE TO DOWNLOAD THIS MOVIE


ඔන්න බාගෙන විතරක් මදි කමෙන්ට් එකකුත් දාගෙන ෆලෝ පාරකුත් දාගෙනම යන්න හොඳේ.

Thursday, August 11, 2011

සල්ලි ඉතිරිකරගෙන ජංජාලෙ සැරිසරන්න ඔපෙරා 11.50

|6 comments
ඔන්න යාලුවනේ අදත් මම ආවා. අද අරගෙන ආවේ ජංජාලෙ පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් දෙයක්. ඔන්න කැමති අය බලන්නකෝ.
                           කස්ටියට ඉතින් ඔපෙරා ගැන කියන්න ඕනේ නෑනේ. ඔපෙරා කියන්නේ ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක්. මේ බ්‍රව්සර් එකේ අනිත් බ්‍රව්සර් වලට වැඩිය වාසි ගොඩක් තියනවා. ඉතින් මේ බ්‍රව්සර් එකේ අලුත්ම සංස්කරණය තමා ඔපෙරා 11.50 කියන්නෙ. මේ බ්‍රව්සර් එකේ කලින් තිබුණු ඔපෙරා බ්‍රව්සර් වලට වැඩිය ගොඩක් පහසුකම් ලබාදීලා තියනවා. ඒ වගේම ඉතා වේගයෙන් වගේම් මුදල් ඉතුරු කරගනිමින් ජංජාලෙ සැරිසරන්න ඔපෙරා පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න පහල තියනවා මේ අලුත් බ්‍රව්සර් එකේ පහසුකම්.


 1. This Browser have 3x Speed.
 2. In opera site we can open free web site.
 3. There is a Beautiful Page tab menu.
 4. There is a Turbo system. that turbo very helpful.

ඔන්න කඩ්ඩෙන්ම තියනවා. ඔය අලුත් බ්‍රව්සර් එකට ඔයත් කැමතිනම් පහලින් බාගන්න.



ඔන්න එහෙනම් මම කැපෙනවා. කැමති කස්ටිය බාගෙන කමෙන්ට් එකක් එහෙම දාලා ෆලෝ පාරකුත් දාගෙනම යන්න.


සමහරක් තැන් උපුටාගත්තේ BlogShan EN අඩවියෙනි

Wednesday, August 10, 2011

ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස්

|2 comments
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා. මම ඊයේ ඇන්ග්‍රි බර්ඩ්ස් ගේම් එක ගැන දාපු පෝස්ට් එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබිලා තිබ්බ නිසා මේ පාර ඔයගොල්ලන්ට විශේෂයෙන් ටොරෙන්ට් පාවිච්චි කරන අයට වටින දෙයක් ගැන පෝස්ට් එකක් තමා දාන්නේ. අපි දන්නවා ගොඩක් ස්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකදී තමන් කැමති මූවීස්, ටීවී ෂෝස්, ගේම්ස් වගේ ඒවා බාගන්න පහසුම ක්‍රමය තමයි ඒවා ටොරන්ට් ලෙස බාගැනීම. ඉතින් තමන් කැමති දේ ටොරන්ට් විදිහට බාගන්න කලින් ටොරන්ට් ගැන තියන සයිට්ස් ගැන දැන සිටීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ලෝකයේ දැනට තිබෙන විශාලම ඒවගේම හොඳම සහ ජනප්‍රියම සයිට් පහළව ගැන මම විස්තරයක් ගෙනාවා. ටොරෙන්ට්  පාවිච්චි කරන අය අනිවාර්යෙන්ම බලන්න. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු.



1 | ISOHunt
392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - Quantcast Rank | 189 - Alexa Rank.
2 | ThePirateBay
492 - eBizMBA Rank | 11,550,000 - Estimated Unique Monthly Visitors | 683 - Compete Rank | 692 - Quantcast Rank | 100 - Alexa Rank.
3 | btjunkie
858 - eBizMBA Rank | 4,500,000 - Estimated Unique Monthly Visitors | 1,259 - Compete Rank | *943* - Quantcast Rank | 372 Alexa Rank.
4 | Torrentz
879 - eBizMBA Rank | 4,400,000 - Estimated Unique Monthly Visitors | *2,000* - Compete Rank | *470* - Quantcast Rank | 167 - Alexa Rank.
5 | ExtraTorrent
1,468 - eBizMBA Rank | 3,000,000 - Estimated Unique Monthly Visitors | 1,826 - Compete Rank | *1,980* - Quantcast Rank | 599 - Alexa Rank.
6 | TorrentReactor
1,558 - eBizMBA Rank | 2,700,000 - Estimated Unique Monthly Visitors | 1,688 - Compete Rank | 2,230 - Quantcast Rank | 755 - Alexa Rank.
7 | Demonoid
1,747 - eBizMBA Rank | 2,400,000 - Estimated Unique Monthly Visitors | 2,432 - Compete Rank | *2,200* - Quantcast Rank | 608 - Alexa Rank.
8 | KickAssTorrents
2,468 - eBizMBA Rank | 2,000,000 - Estimated Unique Monthly Visitors | 1,017 - Compete Rank | 5,962 - Quantcast Rank | 426 - Alexa Rank.
9 | TorrentDownloads
3,316 - eBizMBA Rank | 1,700,000 - Estimated Unique Monthly Visitors | 2,523 - Compete Rank | *6,400* - Quantcast Rank | 1,025 - Alexa Rank.
10 | SumoTorrent
4,093 - eBizMBA Rank | 1,000,000 - Estimated Unique Monthly Visitors | 5,122 - Compete Rank | 4,761 - Quantcast Rank | 2,397 - Alexa Rank.
11 | OnlyTorrents
4,586 - eBizMBA Rank | 950,000 - Estimated Unique Monthly Visitors | 5,995 - Compete Rank | 3,706 - Quantcast Rank | 4,058 - Alexa Rank.
12 | Fenopy
5,534 - eBizMBA Rank | 850,000 - Estimated Unique Monthly Visitors | 6,681 - Compete Rank | 6,121 - Quantcast Rank | 3,800 - Alexa Rank.
13 | TorrentPortal
5,968 - eBizMBA Rank | 800,000 - Estimated Unique Monthly Visitors | 6,304 - Compete Rank | 7,529 - Quantcast Rank | 4,072 - Alexa Rank.
14 | Seedpeer
6,974 - eBizMBA Rank | 700,000 - Estimated Unique Monthly Visitors | 8,703 - Compete Rank | 6,485 - Quantcast Rank | 5,733 - Alexa Rank.
15 | Torrents
17,972 - eBizMBA Rank | 350,000 - Estimated Unique Monthly Visitors | 21,058 - Compete Rank | *25,000* - Quantcast Rank | 7,858 - Alexa Rank.
ඔන්න පහළවම දැම්මා. කැමති අය ගිහින්ම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න..............

Tuesday, August 9, 2011

කොම්පියුටරෙන් Angry Birds ප්ලේ කරමු

|4 comments
ඔන්න යාලුවනේ අදත් මම ආවා. පහුගිය දවස්වල සෑහෙන්න හිට් වෙච්ච ක්‍රීඩාවක් අරගෙන. හැබැයි මේක පරිගණක ක්‍රීඩාවක් නෙවෙයි. ෆෝන් වලට නිකුත් වෙච්චි ගේම් එකක්. ඒත් ඉතින් සමහර අයට ඔය ෆෝන් ගේම් කෙරුවාව නොතේරෙන නිසාත් ඊට වඩා පහසුවෙන් ප්ලේ කරන්න පුලුවන් නිසාත් මේ ගේම් එක පරිගණක වලත් ප්ලේ කරන්න අවස්ථාව ලබාදීල තියනවා. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.
                           මේ ගේම් එක ප්ලේ කරන්න නම් සයිටුවකට යන්න වෙනවා. මේක චීනෙක්ගෙ වැඩක්. සම්පූර්ණෙන්ම නොමිලේ තමා දෙන්නේ. ඔන්න කැමති කස්ටිය පහළ ලින්ක් එක ඔබලා ගිහින් ප්ලේ කරන්නකෝ. මට නම් එච්චර ඇල්ලුවේ නෑ. පලවෙනි ලෙවල් එකෙන් පස්සෙ හරිම අමාරුයි. කමක් නෑ ඔන්න එහෙනම් යන්නකෝ


CLICK HERE TO PLAY ANGRY BIRDS


ඔන්න එහෙනම් මම කැපෙනවා. ගේම් එක ප්ලේ කරලා හොඳයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ

Monday, August 8, 2011

Windows 7 වලට Daemon Tools

|2 comments
ඔන්න කස්ටිය මම ආයි ආවා. දිග නිවාඩුවකට පස්සේ තාම ආයි ආවේ. මම ඉතින් කිව්වනේ අභාගෙ වැඩ නිසා ටිකක් කල් නිවාඩු ගන්නවැයි කියලා. හැබැයි ඉතින් පහුගිය දවස් ටිකේ නම් පෝස්ට් එකක් දැම්මෙ නැත්තේ කම්මැළි නිසා. කස්ටිය කොහොමද ඉතින් සැප සනීප? ඔන්න ආයි ඇවිල්ලා බ්ලොගියෙ වල් ගස් ගලෝලා අලුතෙන් තීන්ත ගාලා (ඔය කියන්නෙ අලුත් ටෙම්ප්ලේට් එකක් දාපු එක ගැන) බ්ලොගිය පටන් ගන්නයි ලෑස්තිය. ඔන්න එහෙනම් අද දෙන්නෙ ගොඩක් කස්ටියට වටින සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එකේ windows xp වර්ෂන් එකනම් ලේසියෙන් හොයාගත්තෑකි. හැබැයි මේ එක්ස් පී වර්ෂන් එක සෙවන් වල වැඩ කරන්නෙ නෑ. ඔන්න එහෙනම් සෙවන් තියන කස්ටිය මේක බලන්නකෝ.
                                මේකෙ නම ඩිමන් ටූල්ස්. මේක අපිට සීඩී මවුන්ට් කරන්න භාවිතා කරන්න පුලුවන්. දැන් ලංකාවෙ ගොඩක් තියන ගේම් සීඩී හෝ සොෆ්ට්වෙයාර් සීඩී වල සෙටප් එක මවුන්ට් කරන්න එපායෑ. ඔන්න නොදන්න කස්ටිය දන්න අයගෙන් අහගන්න මවුන්ට් කරනවා කියන්නෙ මොකක්ද කියලා. මේ ඩිමන් ටූල්ස් වල සෙවන්  එකට ආපු වර්ෂන් එක ඩිමන් ටූල්ස් ලයිට් කියලා එකක්. ඔන්න කැමති කස්ටිය පහළින් බාගෙනම බලන්නකෝ.



ඔන්න එහෙනම් හරි. මම කැපෙනවා හොඳේ. ඔයගොල්ලො කමෙන්ට් එකක් දාලම කැපෙන්න.

Alexa Rank

නැවත ඉහලට යන්න