Search This Blog

Friday, February 17, 2012

Saints Row The Third : සුපිරි අත්දැකීමකට නියම පරිගණක ක්‍රීඩාව

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයිත් මම ආවා. සෑහෙන්න කාලයක් පෝස්ට් එකක් දාන්න බැරි උනානේ. කස්ටිය තරහ වෙලාද දන්නෙත් නෑ. ඉතින් තරහ වෙච්ච කට්ටිය යාලු කරගන්නත් එක්කම පහුගිය නොවැම්බර් මාසයේ නිකුත් වෙච්ච සුපිරිම ගේම් එකක් ගැනයි අරගෙන ආවේ. ඔන්න ඉතින් පරිගණක ක්‍රීඩාවලට කැමති අය බලලාම ඉන්නකෝ.
                                                    මේ ගේම් එක නිකුත් උනේ පහුගිය නොවැම්බර් මාසේ. මේ ගේම් එක හදලා තියෙන්නේ අපි කැමතිම රෙස්ලින් හා යූ.එෆ්.සී ගේම්ස් හදන THQ ආයතනයෙන්. මේකත් gta වලට සමානයි. ඒ කිව්වට ගොඩක් වෙනස්කම් තියනවා. සාමාන්‍යයන් ජීටීඒ ක්‍රීඩා වල තියෙන්නේ තාත්වික සිදුවීම්නෙ. මේ පරිගණක ක්‍රීඩාවේදි ඔයගොල්ලන්ට තාත්වික බවෙන් ඈත්වෙලා අමුතුම ලෝකෙකට යන්න පුලුවන්.

                                                    මේ පරිගණක ක්‍රීඩාවෙදි අපිට ප්ලේ කරන්න ලැබෙන්නේ Saints නම් පාතාල කණ්ඩායමක නායකයා විදියටයි. සිය කණ්ඩායමට එල්ලවන විවිධ අභියෝග ජය ගැනීම තමා මොහුගේ එකම අරමුණ. ඉතින් මේ පරිගණක ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම තැනිලා තියෙන්නේ එම නායකයා වටායි. මෙහි දිගහැරෙන්නේ ඔහුගේ කතාවයි.
                                                    මේ පරිගණක ක්‍රීඩාවෙදි ක්‍රීඩකයාට සියලුම දේවල් කරන්න නිදහස තියනවා. ගේම් එකේ ග්‍රැෆිකුත් ඉතා හොඳ මට්ටමක තියනවා. මේ ගේම් එක බාගන්නව නම් 7.77GB විතර වෙනවා. ඒ නිසා පහසුකම් බලලාම බාගන්න.



Minimum System Requirements –
* OS: Windows XP / Vista
* CPU: 2GHz Dual Core Processor (Intel® Core 2 Duo or AMD Athlon™ X2) or higher
* RAM: 2 GB
* HDD space: 10 GB
* Graphics: 320 MB 3D Video Card w/Shader Model 3.0 Support
* Sound Card: DirectX 9.0c
Recommended System Requirements
* OS: Windows XP / Vista / 7
* CPU: Any Quad Core Processor (Intel® Core i5 or AMD Phenom™ II X4) or 3.0+ Dual Core CPU
* RAM: 4 GB
* HDD space: 10 GB
* Graphics: 1 GB with Shader Model 4.0 Support
* Sound Card: DirectX 9.0c
* Broadband Connection for Internet Multiplayer


හොරාට යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම කොටලම යන්න හොඳේ

1 comments:

  • Ishara says:
    March 22, 2012 at 7:49 PM

    හා..හා...තව ගේමර් කෙනෙක් නේ...ජයෙන් ජය..මගේ ආසම ගේම් එකක්...

Post a Comment

ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})

Alexa Rank

නැවත ඉහලට යන්න