ඔන්න සුපුරුදු විදිහටම අදත් ආවා. ඊයෙත් පෝස්ට් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඕං දානවා නියම පෝස්ට් එකක්. කාලෙකින් චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච නිසා ඕං අද දාන්නෙ TRANSFORMERS III - DARAK OF THE MOON චිත්‍රපටියයි. ලංකාවේ මේකෙ පළවෙනි චිත්‍රපටි දෙකම ඉතා ජනප්‍රිය වෙච්ච හින්දා මම හිතන්නෙ හැඳින්වීමක් ඕනෙ නැතිවෙයි. තව එකක් මේක මගෙ පෝස්ට් එකක් නෙවේ. දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේ ගිය එකක්. මම මේ පෝස්ට් එක දාන්නෙ ඒක බැලුවෙ නැති කට්ටියට. ඔන්න එහෙනම් බලන්නකෝ.

එමෙන්ම රොබෝ චරිත සඳහා හඬ කැවීමටද ජනප්‍රිය හොලිවුඩ් චරිත රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. ලොව භාවිතවන නවීනතම 3D තාක්ෂණය චිත්‍රපටයේ ආකර්ශනීය බව ත්‍රීව්‍ර කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. එහෙයින්ම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා අතර ප්‍රමුඛස්ථානයක් ලබාගැනීමට සමත්ව සිටී.
බහුතර රූගත කිරීම් සිදුකර ඇත්තේ කාම්බෝජයේ වන අතර ඉනඩියා මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටී බරපතල අනතුරක්ද සිදුව ඇත්තේ එතරම්ම විශිෂ්ට රූගත කිරීමක් සඳහා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇති නිසාය.
ඉන් මිලියන 40 කට ආසන්න වූ අලාභයක් සිදුව ඇති බවද වාර්තා වේ.
2011 ජූනි මස 29 වැනි දින ලොව පුරා සමගාමී ප්‍රදර්ශනයක් තිරගත කිරීම අරඹා ඇත. Transformers - Dark of the moon චිත්‍රපටයේ තිර රචනය ආරෝන් කෘගර් විසිනි . මිනිත්තු 157ක ධාවන කාලයකින් යුත් චිතුපටයේ අධ්‍යක්ෂණය ප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂක මයිකල් බේ විසිනි.
විශේෂ ස්තූතිය දිවයින පුවත්පතට.
හෆෝයි ඔන්න ඒකත් ඉවරයි. ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔන්න පත්තරේ දාල තිබ්බ ඉමේජස් ටිකත් දැම්මා. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.
0 comments:
Post a Comment
ඕක බලපු එකේ අදහසක් දාලම යන්නකෝ යාලුවා (ගල් මුල් මඩ ප්‍රහාර සේරම බාරගන්නවා {කුනුහරුප ඇර})