ඔන්න කස්ටිය අදත් මම ආවා. අදනම් ගෙනාවේ වැදගත් නිවුස් එකක්. සමහරුන්ට වැදගත් ඇති. හැබැයි මටනම් වැදගත් නෑ. ඒ වගේම කස්ටියට පුදුමය අළුත් කරල තියනවා පේනව ඇති. මම ඉතිං එක විදිහට ඉන්න කැමති නෑනේ. ඒකයි මේ අළුත් වෙනස. ඊයේ දවසම ටෙම්ප්ලේට් මාරු කර කර පිස්සු නැටුවා. ඒකෙන් කාටහරි කරදරයක් උනානම් සමා වෙන්න. එහෙනම් පෝස්ට් එක බලන්නකෝ.
ගොඩදෙනෙකුට දැන් හිතෙයි වෙනස් වෙන්න කාලෙ හරි කියල. මොකද දැනටම ෆේස්බුක් ගූගල් ප්ලස් එකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරල නිසා. මේ අඩවි දෙකෙන් මුලින්ම වීඩියෝ කෝල්ස් පහසුකම ලබාදුන්නේ ගූගල් ප්ලස්. ඒත් දැන් ෆේසුබුකිය ඒක හොරකම් කරල වීඩියෝ කෝල්ස් පහසුකම ලබාදීල තියනවා. ඒ වගේම ෆේස්බුක් මුලින්ම කොපි කලේ ජී මේල්. ඒ වෙනුවට බුකියෙන් හඳුන්වා දුන්නා ෆේස්බුක් මේල්. ඒ අතින් බලද්දි ගූගල් මාමලත් සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දීමේ වරදක් නෑ නේද?
හැබැයි ඉතිං ඔය සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දුන් ගමන්ම ඒකට පනින එක මෝඩ වැඩක්. තමන්ට හොඳ දේ හොඳින් හිතල මතල කරන්න ඕනේ. නැත්නම් තමා තමාටම වල කපාගැනීමක් වෙනවා. ගොඩක් අය අමාරුවෙ වැටෙන්නත් පුළුවන්.(මගුල් තුලා කතාකරන්න යනව එහෙම නෙවේ ඕං)
ඉතිං කියන්න ඕනෙ ටික කිව්වා. එහෙනම් මම කැපෙනවා. ඔබ සැමට ජය!
යන්න කලින් කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ
දැන් දවසෙන් 1/2 ක් ම facebook එකේ. ඕකටත් ගියොත් මුළු දවසම ඉවරයි. මොනවා උනත් හොද post එකක් යාළුවා....